ටෙලිවිෂන් මිනිස්සුන්ට කොච්චර එපා වුනත් පුරුද්දට, වෙලාව ආවහම ඒ ඉස්සරහා ඉඳගෙන නාට්‍ය බලන එක අත්හැරලා නැහැ. මේ දවස්වල එකම රංගන ශිල්පිනියන් විවිධ චරිත රගපාමින් විවිධ ටෙලි චැනල් වල දකින්න ලැබෙනවා.
මේ දිනවල විකාශය වන ඉඩෝර වැස්ස නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතයත්, රාහු ටෙලි නාට්‍යයේ ඉන්ස්පෙක්ටර් වරියකගේ චරිතයත් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ ද චරිත නිරූෑපණයක යෙදෙන රෂිප්රබා සන්දීපනී ට රංගන ශිල්පිණියක ලෙස අවශ්‍යව ඇත්තේ ජනප්‍රිය වීමට වඩා දක්ෂ රංගන ශිල්පිණියක් වීමට බව ඇය පුවත්පතකට ප්‍රකාශ කර තිබුනා.
ප්‍රථමයෙන් ළමා නිවේදිකාවක් ලෙසින් 2007 වර්ෂයේ දී ස්වාධීන රූපවාහිනියට එක්වූ රෂීපබාව, චංචලා බුලත්වත්ත විසින් තිරයට හඳුන්වා දෙනු ලැබ තියෙනවා. ඒ වනවිට ඇය 12 වසරෙ අධ්‍යාපනය හදාරන සිසුවියක්. ඇය එදිරිවීර සච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවකි.
ඇය රගපෑ ටෙලි නාට්‍ය චරිත විවිධත්වයක් ගත් බව ඇය පවසයි.
"මම හැමදාම එක ම චරිතයට කොටු වුණේ නැහැ. චරිත අතර නේරංජනා ,දේදුන්නයි ආදරේ, යකඩ කහවණු, අත්තම්මා, අස්වැන්න වගේම මේ දිනවල විකාශය වන රාහු, සිද්ධාර්ථ ගෞතම,ඉඩෝර වැස්ස ටෙලි නාට්‍යවලත් මට විශේෂ චරිත ලැබිලා තියෙනවා එයිනුත් ඉඩෝර වැස්ස ටෙලි නාට්‍යයට ඉතාමත් විශේෂ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේ නාට්‍යයක් මේ වගේ කාලයක නිර්මාණය වෙනවා අඩුයි . ඒ වගේ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන්න ලැබීම විශාල භාග්‍යයක්.
රෂි ප්‍රබා රංගනය හැදෑරීම් කර ඇත්තේ කුඩා කල සිටය. නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙසින් ඇය හය වසෙර් සිට ඉගෙන ගෙන ඇත.
රෂි ප්‍රබා ගේ රංගන ජීවිතයේ ඇය අපේක්ෂා කරනුයේ වඩාත් දුෂකර දේයි.
"මෙච්චර දුරක් ආපු නිසා රංගනයෙන් ඉදිරියට යන්න මම කැමැතියි . මම හැමදාමත් කිව්වෙ මට ජනප්‍රියම නිළිය නෙමෙයි දක්ෂතම නිළිය වෙන්න ඕනැ කියලයි. ඒක අමාරු වැඩක්. ඒ සඳහා බොහෝ කැපවීම් කරන්න ඕනැ. රංගනය කියන්නෙ මහ සාගරයක් නම්, තවම මම ඒක තරණය කරන්න හිතලවත් නැහැ. රංගන පාසල් නැති වුණාට අපට එදිනෙදා කරන දේ ගැන අධ්‍යයනය කරමින් ඉගෙන ගන්න පුළුවන්. රංගනයෙන් ඉහළට යනවා කියලා කියන්නේ විවිධ චරිත කිරීමයි. උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරන එකත් මගේ තවත් පේක්ෂාවක්."
ඇය මේ වනවිට විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිය සඳහා ඉගෙන ගනිමින් සිටී. රෂි ප්‍රබා සිය රංගන යේ සීමාවන් ගැන මෙවන් අදහසක් ප්‍රකාශ කරලා තිබුනා.
"මම චරිත තෝරා ගැනීමේදි යම් සීමාවක ඉන්නවා. පළමුව චරිතය හා නිර්මාණය ගැන බලන්න ඕනැ. ශ්‍රී ලංකාවෙ එවැනි චරිතයක් කළහම ලැබෙන ප්‍රතිචාරවලට අමතරව ඉහළ මට්ටමක ඇගැයීම් ලැබිය හැකිද කියන එකත් වැදගත්. යමක් වෙනුවෙන් කැප කිරීමක් කරන්න කලින් එය කැප කිරීමක් කරන්න සුදුසුද කියලා බලන්නත් ඕනැ".
"මම රංගනය වෘත්තියක් කර ගන්න හිතාගෙන හිටපු කෙනක් නෙමෙයි.ඒත් ඒක මටත් නොදැනීම වෘත්තිය බවට පත් වෙලා . මාසෙ දවස් තිහම මම කැප කරන්නෙ රංගනයට. ලස්සනයි නම් එක රැයකින් ජනප්‍රිය වුණහම තමන් නළුවෙක් හෝ නිළියක් කියලා සමහරු හිතනවා . මම විශ්වාස කරන විදිහට ඒක නෙමෙයි රංගනය කියන්නෙ . අතීතය ගත්තහම මාලනී ෆොන්සේකා ඇතුළු අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ වෙහස වෙලා දැවැන්ත කැපී පෙනන චරිත කරලා තිබෙනවා . මේ කාලෙ ටෙලි නාට්‍ය බිහි වෙන්නෙ හතු පිපෙනවා වගේ. මල් චරිත. ඒවයින් අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. මම හිතන්නෙ ලෝකයේ තිබෙන අමාරුම වෘත්තිය රංගන වෘත්තිය කියලයි. රංගනයේදි අපට මුළු ආත්මයෙන් ම වෙනත් කෙනෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. මම ග්ලිසරින් දාලා අඬන්නෙ නැහැ. ස්වභාවිකවයි ඒ දර්ශන කරන්නෙ. කලාව කියන්නෙ දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. කලාවට අපි වන්දනීය මට්ටමෙන් සළකන්න ඕනැ. ඒ විදිහට කරනවා නම් මේ වෘත්තිය හරිම සුන්දරයි.
ධම්මිකා සුරංජි සමග කරන ලද සාකච්ජාවක් ඇසුරිනි