මිරර්ආර්ට්ස් නුවන් ජයතිලක ව සම්බන්ධ කරගනිමින් මේ කතාබහා කරනු ලැබුවේ අන්තර්ජාලය හරහායි. ඔහු මේ වනවිට ලන්ඩනයේ සිට සිය සිනමා කටයුතු හසුරවමින් සිටියි.
නුවන් සමග අපි කතා කළේ ඔහුගේ පළමු සිනමා නිර්මාණය ලබන වසරේදී මෙරට ප්‍රදර්ශණය ආරම්භ වීමට නියමිත නිසා.ඒ 'සුළග අප රැගෙන යාවී' චිත්‍රපටය.
මෙය ළමා චිත්‍රපටයක් ලෙසිනුයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. ලංකාවේ සිනමා කර්මාන්තයේ පවතින විවිධ විෂමතා හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනය වීම අඩාලව ඇති මොහොතක ළමා චිත්‍රපටයක් නිෂ්පාදනය කොට ප්‍රදර්ශණය කිරීමට ලැබීම එක අතකින් සුවිශේෂී කාරණයක්.
මේ වනවිට ප්‍රදර්ශණය සඳහා අවස්ථාවක් නොලද හොඳ මට්ටමේ චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශණය සඳහා සිනමාශාලා ලබාගැනීම දුෂ්කර වූ මොහොතක නුවන් ජයතිලක ස්වාධීන සිනමා නිර්මාණ කරුවෙකු ලෙස තමන්ගේ පළමු චිත්‍රපටය ප්‍රදර්ශණය කිරීම සඳහා අඩිතාලම යොදාගෙන තිබෙනවා.
නුවන් චිත්‍රපටය නිර්මාණය කරලා වසර හතරක්. නමුත් ඔහුගේ පළමු අවධානය තිබුනෙ අන්තර්ජාතික සිනමා උළෙල වෙත සිය කුළුුඳුල් නිර්මාණය යොමු කිරීමයි. ඔහගේ චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උළෙල ගණනාවකටම යොමු කළ අතර එහිදී විවිධ ඇගයීම් වලට ලක්වුනා.සම්මානයට පාත්‍රවුනා
මෙහි නිෂ්පාදිකාව මායා නවගත්තේගම.
මිරර් ආර්ට්ස් නුවන්ගෙන් ඇහුවා ප්‍රදර්ශණය සඳහා ඔබ බොහෝ කාලයක් බලා සිටියාද කියා.නුවන් ඒ සඳහා සිය අදහස් ප්‍රකාශ කළේ මේ ආකාරයෙන්.
"ඇත්තටම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා අවුරුදු හතරහාමාරක්. මම ෆෙස්ටිවල් ගානෙ දුව දුව හිටියා. ඊට පස්සේ මම ලංකාවෙ පෙන්වන්න ඔිනෙ කියලා තීරණය කරලා සිනමා ප්‍රදර්ශණ මණ්ඩලවලට මේ චිත්‍රපටය පෙන්වුවා. මේක දුවන්න පුළුවන් චිත්‍රපටයක් නෙමේ කියලා සුනිල් ටී කෙළින්ම කිව්වා. අනිත් අය මොකුත් කිව්වෙ නැහැ".
ලංකාවේ ප්‍රදර්ශන මණ්ඩලවල අය කියන කතාවක් තමා චිත්‍රපට පෝලිමක් තිබුනත් තමන්ට පෙන්වන්න චිත්‍රපට නැහැ කියලා. ඉතින් ඔබ ඇතුළුව අනිත් අය කරලා තිබෙන චිත්‍රපට චිත්‍රපට නෙමේද?ප්‍රදර්ශකයන්ට අනුව?
"මේ හැම ප්‍රදර්ශණ මණ්ඩලයක්ම බලන්නෙ ව්‍යාපාරික මට්ටමෙන්. ඔවුන්ට ඔිනෙ ආදායම් ලබන චිත්‍රපට. පේ්රක්ෂකයො සිනමාශාලාවට එන්න ඔිනෙ.අපි කරන මේ කලාත්මක චිත්‍රපට පේ්රක්ෂකයෝ බලනවද කියන ප්‍රශ්නෙ තියනවා.අහඹු ලෙස සමහර චිත්‍රපට වලට පේ්රක්ෂක ආකර්ශණය ලැබෙනවා. නමුත් අපිට හිතාගන්න බැහැ පේ්රක්ෂකයො මේ නිර්මාණ රසවිඳින්නෙ නැත්තෙ ඇයි කියලා. සමහරවිට ටෙලිවිෂන් මානසිකත්වය නිසාද කියන කාරණය තිබෙනවා. ප්රදර්ශකයො කියන්නෙ හොඳ චිත්‍රපට නැහැ සමහර චිත්‍රපට අසාර්ථකයි කියලා."
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ යශෝධරා, ජයන්ත චන්ද්‍රසිරි ගේ ඝරසරප,ඩී.එස් මෙන්ම මහාරාජා එන්ටර්ටේන්ට්මන්ට් විසින් නිර්මාණය කරන ලද උදුම්බරා වැනි සිනමා නිර්මාණ නිෂ්පාදකයින් අපේක්ෂා කළ ආකාරයේ ආදායම් උපයන්නට සමත් නොවූ බව වාර්ථා වුනා. විශේෂයෙන් බෞද්ධ කතාවක් වූ යශෝධරා මෙන්ම ජාතියේ පියා ඩීඑස් චිත්‍රපටයද අපේක්ෂිත පේ්රක්ෂක පිරිසක් නැරඹුවේ නැති බවයි වාර්ථාවුනේ. ජයන්තගේ ඝර සරප ප්රදර්ශනයේදීද ඒසෙම වූවාය.ඩීඑස් ටද සිදුවූයේ එයයි. දැන් උදුම්බරා බලන්නට ඒ තරම් පේ්රක්ෂක දායකත්වයක් නැති බව වාර්ථාවේ.
නුවන් ඔබේ සිනමා නිර්මාණය ප්‍රදර්ශකයන් බාරගන්නේ කුමන තත්ත්වයක් යටතේද?
"ඇත්තටම මම තරමක් වෙනස් විදිහට කල්පනා කළා. ඇත්තටම කිව්වොත් උපක්රමශලී වුනා කිව්වොත් තමා හරි. මම රූගත කිරීම් වළදීම මේ චිත්‍රපටයෙ අවසානයන් දෙකක් රූගත කළා. පිටපතේ නැති දර්ශණ රූගත කිරීම් ගැන චිත්‍රපට ශිල්පී කණ්ඩායම හිටියෙ එතරම් කැමැත්තකිනුත් නෙමේ . නමුත් මම එහෙම කළා. ජාත්‍යන්තර ප්‍රදර්ශණ පිටපතෙහි මෙහ කතාවට අදාළ ගවයා දරුවන්ට හමුවෙන්නෙ නැහැ. නමුත් දේශීය ප්‍රදර්ශනයෙදි දරුවන්ට ගවයා හම්බවෙනවා. අධ්‍යක්ෂවරයෙකුට පිටපත් දෙකක් සංස්කරණය කොට ජාත්‍යන්තරයටත් දේශීය පේ්රක්ෂකාගාරයටත් ඉදිරිපත් කරන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. ඉතින් ඒ අනුව අපි පේ්රක්ෂක මනෝභාවයන් තේරුම් අරන් ඒ ආකාරයට ස්ථොනෝචිත විය යුතුයි. සුනිල්. ටී. කිව්වට පස්සෙ මේක ලංකාවෙ දුවන්න බැහැ කියලා... මම ඒකට හේතුව නිරීක්ෂණය කළා. මම හිතුවා මේ චිත්‍රපටයට ගීතයක් අවශ්‍යයි කියලා. මොකද මේක ළමා චිත්‍රපටයක් ලෙසයි පේ‍්‍රක්ෂකාගාරයට එන්නේ.මම පසුගියකාලෙ නිවාඩුවට ලංකාවට ආවහම ගීතය රූගත කළා. හොඳ වෙලාවට චිත්‍රපටයෙ ඉඩක් තිබුනා අපි ට මේ ගීතය එකතු කරන්න. දේශීය පේ‍්‍රක්ෂකාගාරයට ගැලපෙන ලෙස චිත්‍රපටය නිර්මාණය කරලා දැන් ප්‍රදර්ශණයට සූදානම්."
චිත්රපටශාලා කීයක ඔබේ චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබෙනවද?
"ඇත්තටම දැන් මණ්ඩලේකට සිනමාශාලා මෙච්චරයි කියලා එකක් නැහැනෙ. යශෝධරා සිනමාශාලා 80ක පෙන්නුවා. ඝරසරප ,ඩීඑස් චිත්‍රපටයත් ඒ වගේ ගානක පෙන්නුවා. උදුම්බරා 60 ක විතර පෙන්නවා. මා පෙන්වන සිනමා ප්‍රදර්ශණ මණ්ඩලේට තිබෙන්නෙ සිනමාශාලා 30ක් පමණ. ඒ LFD සහ MPI. ඉතින් මට පුළුවන්කමක් තිබුනොත් ශාලා 50 පෙන්නගන්න මම එහෙම පෙන්වනවා. ඇත්තම කිව්වොත් අපි ට එක කටවුට් එකක් ගහන්න සියලු වියදම් එක්ක අඩුමගානෙ රුපියල් 15,000ක් -20,000ක් වගේ යනවා. මේ කටවුට් එකට වියදම් කරන මුදල හොයන්න එක සිනමාශාලාවක චිත්‍රපටය සති දෙකක්වත් දුවන්න ඔිනෙ. ඒත් අද සිනමාශාලාවට පේ්රක්ෂකයො එන්නෙ නැති ප්‍රශ්නෙත් එක්ක අපිට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ ගැටළු ගොඩකට. Gap වලට දුවන චිත්‍රපටිත් ඉක්මනින් දැන් ප්රතික්ෂේපවන ස්වභාවයක් තියෙන්නෙ. මම හිතන්නෙ ප්‍රසන්නගේ උසාවිය නිහඩයි හඳගමගෙ ඇගේ ඇස අග වගේ චිත්‍රපට අරුණහම ගැප්වලට දාපු චිත්‍රපට වලට පේ්රක්ෂකයන් ආවෙ නැහැ . මේ කාරනා සියල්ලම සැළකිල්ලට අරන් තමයි අපිට සිනමාශාලා ප්‍රමාණය සහ ප්රචාරක කටයුතු කරන්න වෙන්නෙ."
මොකද්ද තරුණ සිනමාකරුවෙකු ලෙස අපේ රටේ සිනමාව සම්බන්ධව ඔබට ඇති අවබෝධය
"මට හිතෙන්නෙ අපේ පේ්රක්ෂකයන් ටෙලිවිෂන් එකේ වේගයට චිත්‍රපට හොයනවා. කලාත්මක සිනමාව වෙතින් ඔවුන් දැන් ආශ්වාදයක් ලවන්නෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය ඉකිමණින් චලනය වන රූප. වේගවත් සංස්කරනයක් සහිත නිර්මාණ. මිනිහෙක් ටික දුරක් ඇවිදන් යනවා බලන් ඉන්න බැහැ.මෙන්න මේ සරල කාරනා ගත්තහම අපේ පේ්රක්ෂකයන්ගෙ රසඥතාව ටෙලිවිෂන් ආකෘතිය තුළට කොටුවෙලා කියලා මට හිතෙනවා. කලාත්මක සිනමා කරුවන්ට නිෂ්පාදකයෝ හොයගන්න අමාරුයි හොඳ චිත්‍රපට කරන්න. දුප්පත් හිගන අපි වගේ ස්වාධීන සිනමාකරුවන්ට විශාල අභියෝග තියෙනවා වර්තමාන සිනමා රසික සමාජය වෙත සිනමා නිර්මාන කිරීමේදී. එක පැත්තකින් හෝල් කාරයො අපිව අඳුරන්නෙ නැහැ. ගණන් ගන්නෙ නැහැ.කොල්ලෙක් හදපු චිත්‍රපටයක් කියලා හිතනවා.අපි මොන චිත්‍රපටය හැදුවත් මේ රටේප්රේ්රක්ෂකයන්ට පෙන්වන්න ඔිනේ. සිනමාශාලාවට පේ්රක්ෂකයො එන්න ඔිනේ. රටේ ආර්ථික, සමාජ වාතාවරණය පසුබිම මේ සියල්ලන්ටම බලපාන සාධක.ෆේස්බුක් එකෙන් අපි චිත්‍රපටයට පේජ් එකක් හදනවා. ඒකට ලයික්ස් තියෙනවා ලක්ෂගානක්.නමුත් ඒ ලයික්ස් ගානට පේ්රක්ෂකයො ඇවිත් චිත්‍රපට බලන්නේ නැහැ. මං හිතන්නේ සාරවත් පිපිරීමක් කරන්න ඔිනේ."
ලංකාවේ සිනමාව මේ වනවිට විශ්වවිද්‍යාල මට්ටමේ හැදෑරීම් සඳහා එකතුවී තිබේ. පෞද්ගලික අංශයේද සිනමා උපාධි පිරී නැමීම කරනු ලබයි. සිනමාකරුවන් බිහිවීමේ හෙට දවසේ අවදානමක් නැත. සිනමා ප්‍රදර්ශන මණ්ඩලවල අදහසට අනුව පෙන්වන්නට සුදුසු චිත්‍රපට ඔවුන්ට නැත. ඒවා දුවන චිත්‍රපට නොවේය යන්න ඔවුන්ගේ අදහසය. චිත්‍රපටයක් දුවනවා යනු පේ්රක්ෂක සහබාගීත්වයිි.70 දශකයේ පේ්රක්ෂකයෝ මහදවල් පෝළිම් ගැසී පාරවල් වල අව්ව වැස්ස නොතකා තම වාරය එනතුරු බලාසිටියහ. කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල පවත්වන කාලයේද සිනමා රසිකයෝ පොළිම් ගැසී චිත්‍රපට නරඹන්නට පැමිනියහ. ඒ සිනමා හදාරන්නන් සහ සීමිත සිනමා රසික පිරිසක් පමණි. එහෙත් අප මේ කතාකරන සිනමා රසිකයෝ යනු පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සිටින පොදු ජනතාවය.මේ පේ්රක්ෂකයන් සිනමාව අතහැර ඇත්තේ ඇයි?සිනමා නිර්මාණ ප්‍රථික්ෂේප කරන්නේ ඇයි?ඔවුන්ගේ රසඥතාව අද කොතැන ගල්වී ඇතිද?සිනමා ශලාවට නොඑන ජනතාවට සිනමාව රැගෙන යා හැකි විකල්ප ප්‍රදර්ශන ක්‍රම තිබේද?
මිරර් ආර්ට්ස් ලන්ඩනයේ වෙසෙන නුවන්ගෙන් මේ කාරනා පිළිබඳව විමසුවෙමු.
"ඇත්තටම අපි සිනමාවේ ඇති අර්බූූදවලට රජයෙන් සහන අපේක්ෂා කරන්න අවශ්‍ය නැහැ. ලෝකෙ අනිත් රටවල් වල එහෙම උදව් හෝ සහන බලාපොරොත්තු වෙන්නෙ නැහැ.ස්වාධීන නිර්මාණකරුවො හැටියට අපිම විකල්ප සොයාගතයුතුයි.අපි හදන්න ඔිනේ වෙළඳපොලක්. නව මානයක් හොයාගෙන වෙළඳපොල අපි අතට ගන්න ඔිනේ.සිනමාහෝල් කාරයො අපේ චිත්‍රපට ගන්නේ නැතිනම් අපි ප්‍රොජෙක්ටර්ස්, සවුන්ඩ් සිස්ටම් අරන් ගමෙන් ගමට ගිහින් චිත්‍රපට පෙන්වන්න ඔිනෙ. එහෙම නැතිනම් අපිට බැරිද තරුණ කණ්ඩායම් හදලා DVDලක්ෂයක් විකුණන ක්‍රමවේදයක් හදාගන්න.මම කියන්නේ විකල්ප ක්‍රමවේද හදන්න ඔිනෙ කියලා."
නුවන් ඒ ආකාරයෙන් විකල්ප ප්‍රදර්ශන ක්‍රමවේද ගැන ප්‍රකාශ කළත් ඒවා කොයිතරම් මේ රටතුළ සාර්ථක කළහැකිද යන්න ප්රශ්නයකි. කෙසේවුවද සිනමා රසවින්දන වැඩ මුළු තැනින් තැන විටින් විට පවත්වයි. කොළඹ කේන්ද්‍රීය මෙන්ම, යම් යම් තෝරාගත් නගර කිහිපයක් කේන්ද්‍රීයව මේ සිනමා වැඩමුළු පැවැත්වේ. සිනමාව අතහැර ගිය රසිකයා නැවත සිනාමශාලාවට ගෙන්වා ගැනීම සිනමා නිර්මාණකරුවන්ගේ කාලයේ, මොහොතේ අභියෝගය බවට පත්ව තිබේ. ලංකාවේ සිනමා අධ්යක්ෂවරුන් බොහොමයක් සිටී.
ජයන්ත චන්ද්රසිර උදයකාන්ත වර්ණසූරිය,සුමිත්‍රා පීරිස් , අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රසන්න ජයකොඩි, සෝමරත්න දිසානායක, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සුගත් සමරකෝන්, සුනෙත් මාලිංග, අරුණ ජයවර්ධන, අනුරුද්ධ ජයසිංහ,ඉන්දික ෆර්ඩිනන්ස්,නිලේන්ද්‍ර දේශප්‍රිය,සංජීව පුෂපකුමාර,ඉනෝකා සත්‍යාංගනී,ජැක්සන් ඇන්තනී, විශාකේෂ චන්ද්‍රසේකරන් ,මලිත් හෑගොඩ, චත්‍ර වීරමන් ,නුවන් ජයතිලක,ඇතළු තවත් තරුණ සිනමාකරුවන් රැසකි. මේ සියලු සිනමා නිර්මාණ කරුවන් ට මේ රටේ සිනමා පේ්රක්ෂකයන් සිනමාශාලාවට ගෙන ඒමේ අභියෝගය ට මුහුන දීමට සිදුවේ.
නුවන් ඔබේ ඉදිරි සිනමා නිර්මාණවලට මේ ප්‍රශ්නවලට ම මුහුනපාන්නට සිදුවෙයිද?
"මම ඊගාවට හදන්නෙ සින්දු පහයි ෆයිට් පහයි දාපු චිත්‍රපටයක්."
නුවන් පැවසූ සිංදු පහයි ෆයිට් පහයි අපේ සිනමා රසිකයින්ට හුරුවූයේ දකුණු ඉන්දියානු සිනමා ආභාෂයෙන් බව සිනමාවේ හෝඩිය කියැවූ ඔිනෑම අයෙකු දන්න කාරණයකි. හෙට දවසේ තරුණ නිර්මානකරුවන්ට මුහුන දෙන්නට ඇති අභියෝගය නුවන්ගේ ඒ ප්රකාශයෙන්ම පැහැදිළිවේ.
මදුල් ආයෝජනයට නිෂ්පාදකයන් සොයාගත හැකි සමහර අධ්‍යක්ෂවරයෙකුට දැවැන්ත සිනමා නිර්මාණ තුළින් පේ්රක්ෂකයන් සිනමා ශාලාවට ගෙන්විය හැකිවනු ඇත.එහෙත් ඒ දැවැන්ත මුදල පියවා ගැනීමට ලාබ ඉපැයීමට හැකි අයුරින් පේ්රක්ෂකයන් කැඳවාගෙන ඒමේ අභියෝගය ඔවුන්ට ජයගතහැකිවේද යන්න ගැටලුවකි.
නුවන්ලා වැනි ස්වාධීන සිනමා අංකුරකරුවන්ට ජයගත හැකිවිය යුත්තේ දැවැන්ත ආයෝජනයන් තුළින් දැවැන්ත නිර්මාන බිහිකර සිනමා රසිකයින් කැන්දාගැනීම නොව හෘද ස්පන්ධනයට සරිලන නිර්මාණ කිරම තුළින් පොදු පේ්රක්ෂකයා සිනමාවට කැන්දාගෙන ඒමේ අභියෝගය සඵල කරගැනීමය.
සිනමා සම්මාන උළෙල තුළින් සම්මාන ලබා ඒවායින් සතුටට පත්වී, අන්තර්ජාතික සම්මාන උළෙලයන්හීදී සම්මාන ලබා ඒවා පිළිබඳ උදම් අනනවාට වඩා දේශීය සිනමා රසිකයා සිනමා ශාලාවට ගෙන ඒමේ උමතුව යළි ඇති කළ හැක්කේ කෙසේද යන්න විමසා බැලීම මෙන්ම ඒ අභියෝගය ජයගත හැක්කේ කෙසේද යන්න විමසා බැලීම වටී.
මනෝහාරී හේවාවසම්