රවින් කියන්නේ අද ඩිජිටල් ලෝකයේ ජනප්‍රිය කලා මාධ්‍යක් වෙන විෂුවල් ඉෆෙක්ට්ස් වල සාර්ථක ගමනක් යන කලාකරුවෙක්. සිනමාව ඇතුලේ, වෙළඳ දැන්වීම්කරණය ඇතුලේ ජනප්‍රිය, ඒත් තාම අපි එතරම් කතා නොකරන මේ කලා මාධ්‍ය ගැන රවින් එක්ක එකතුවෙලා කතා කරන්න හිතුවා.
ඔබ ඔබව හඳුන්වා ගන්නේ වීඑෆ්එක්ස් ආර්ටිස්ට් කෙනෙක් විදිහට..
ඔව්, මම කැමතියි ඒ හැඳින්වීමට. මම ඇත්තටම විෂුවල් ඉෆෙක්ට්ස් ආර්ටිස්ට් කෙනෙක්. විෂුවල් ඉෆෙක්ට්ස් ආර්ටිස්ට් කෙනෙක් කියන්නේ ඕවරෝල් හැමදෙයක්ම දැනගන්න ඕනී කෙනෙක්. මගේ සබ්ජෙක්ට් එක නැත්තන් විෂය අනුව ගත්තොත් මම ත්‍රීඩී කොම්පෝසිටර් කෙනෙක්. වීඑෆ්එක්ස් කොම්පෝසිටර් කෙනෙක් කියන්නේ එයාට තමයි ඕවරෝල් හැමදෙයක්ම කොම්පොසිට්ස් කරන්න ලැබෙන්නේ. මේක ගැඹුරු විෂයක්. උදාහරණයකට අපි මොනාහරි රූගත කරන දෙයක් ගම්මු, ඒ රූගත කරන දේ ඇතුලේ කාස්ටින් තියෙනවා, කැමරා වර්ක් එකක් තියෙනවා, ලයිටින් තියෙනවා. මේ සෙට් එකම මට ඩිජිටල් සොෆ්ට්වෙයාර් එක අස්සෙත් හම්බ වෙනවා. මට වර්චුවර්ලි කැරැක්ටර්ස් ඉන්නවා, ලයිටින් තියෙනවා, වර්චුවර්ලි මට කැමරා එකක් තියෙනවා. හැබැයි මම දැනගන්න ඕනී කොහොමද මේක සිනමාත්මකව ගොඩදාගන්නේ කියලා. ඒක තමයි වීඑෆ්එක්ස් ආර්ටිස්ට් කෙනෙකුට තියෙන චැලේන්ජ් එක. සමහරක් වෙලාවට ලයිටින් පැටන්ස් තියෙනවා, එතකොට සොෆ්ට්වෙයාර් එක අස්සේ ලයිට් එකක් තිබුණා කියලා අපිට අවශ්‍ය ලුක් එක හොයාගන්න බැහැ. හැබැයි අපි සිනමැටෝග්රැපර් නැත්තං ඩීඕපී ෆ්ලෝ කරන්න ඕනී. ඊටපස්සේ අපි රූල්ස් ෆ්ලෝ කරන්න ඕනී. එතකොට අපිට පුලුවන් වැඩේ ගොඩදාගන්න. අර කියන මාළඟ වර්චුවලි තියෙන දේ, ලයිෆ් කියන තැනට ගේන එක තමයි චැලේන්ජ් එක.
වීඑෆ්එක්ස් කිව්වහම තාම සාමාන්‍ය පාඨකයෙකුට ළඟ නැහැ. අපි මේ විෂය ටිකක් සරළ තැනකින් අඳුරගම්මු.. විශේෂ ප්‍රයෝග කියලා අතීතයේදි කිව්වෙත් මේකම නේද?
මෙහෙමයි, වීඑෆ්එක්ස් කිව්වාම සාමාන්‍යයෙන් කියවෙන්නේ විෂුවල් ඉෆෙක්ට්ස් කියන එක. ත්‍රිමාන සජීවීකරණය කියලත් කියනවා. විශේෂ ප්‍රයෝග කියලත් කියනවා. සාමාන්‍යයෙන් විඑෆ්එක්ස් කියන්නේ විශේෂ ප්‍රයෝග තමයි. ඇනිමේෂන් ආර්ටිස්ට් කෙනෙක් කිව්වොත් මිනිහා කරන්නේ ඇනිමේෂන් විතරයි. මේක එහෙම නෑ. වීඑෆ්එක්ස් ආර්ටිස් කිව්වහම වීඑෆ්එක්ස් කොම්පොසිට් විතරයි. හැබැයි ඒකත් ඩීප්ලි ගියාම ඒරියාස් ගොඩක්. ෆිල්ම් එකක්, වෙළඳ දැන්වීමක් ගත්තොත් විෂුවල් ඉෆෙක්ට්ස් ආර්ටිස් තමයි අවසන් වශයෙන් ලුක් ඇන්ඩ් ෆීල් කියන එක ගොඩ දාන්නේ.
මේ විෂය පාඨකයාට දුරයි කියන එක ගත්තොත් මට මෙහෙම අදහසක් කියන්න පුලුවන් සමහර දේවල් ගොඩාක් ඇඩ්වාන්ස්. විශේෂයෙන් ලංකාවෙ කෙරෙන සමහර කමර්ෂල්ස්වල වීඑෆ්එක්ස් ගැන මට බය නැතුව කතාකරන්න පුලුවන්. සමහර දැන්වීම්වල ගස් ගල්වල ඉඳලා සියලු දේ වීඑෆ්එක්ස්. සමහරක් වෙලාවට පාරවල් වාහන පවා වීඑෆ්එක්ස්. එතකොට මේ ඇඩ් එක අපි බැලුවා කියලා, ටයිටල් එකක් යන්නේ නෑ, එතකොට කාටවත් හිතාගන්න බෑ මේකේ වීඑෆ්එක්ස් තියෙනවද කියලා.
මම මෑතකදි කළා ඩීවා නිල් මානෙල් කමර්ෂල් එකක්, ඩැන්ඩෙක්ෂ් එකක් කළා. හෙට අනිද්දා රිලීස්වෙන්න තියෙනවා හැපී කව් ඇඩ් එකක්. ඒක මට හිතෙනවා අන්තර්ජාතික මට්ටමටම අපි හැදුවා කියලා. ඒකට අපි සෑහෙන්න මහංසි වුණා. එතකොට මේ ඇඩ්වල ගොඩාක් දේවල් වීඑෆ්එක්ස්. සමහරක් ඒවා සූට් කරලත් තියෙනවා. හැපී කව් එක ගත්තොත් ත්‍රීඩී ඇනිමේෂන් එකක් ඇවිත් මගදි ඒක චේන්ජ් වෙනවා රියල් සිටුවේෂන් එකකට. ප්‍රශ්න තියෙනවා, ඒත් අපි අපේ සබ්ජෙක්ට් එකේ ගැඹුරටම ගිහිං වැඩ කළානම් ඒ ප්‍රශ්න ගොඩකට පිළිතුරත් එතන තියෙනවා.
ලංකාවේ සිනමාවට වඩා වෙළඳ දැන්වීම් ඇතුලේ දියුණු විදිහට වීඑෆ්එක්ස් පාවිච්චි කරනවා කියලද ඔබ ඔය කියන්නේ..
ලංකාවේ ෆිල්ම්ස් ඉන්ඩස්ට්‍රි එක අස්සෙ නම් තාමත් වීඑෆ්එක්ස් වලට එතරම් අවධානයක් නෑ. අඩුම තරමින් වීඑෆ්එක්ස් සුපර්වයිසර් කෙනෙක්වත් ලොකේෂන් එකට ගෙනියන්නේ නැතුව තමයි අපි ෆිල්ම්ස්වල වීඑෆ්එක්ස් කරන්නේ. එතකොට අවසානයේ එහෙම ෆිල්ම් එකක වීඑෆ්එක්ස් කළාම අන්තිමට වීඑෆ්එක්ස් ආර්ටිස්ට්ට තමයි බේලේම් එක එන්නේ. එතනයි අපි තවම ඉන්නේ. ඒකට පිරිවැය සහ කාලය ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. වෙළඳ දැන්වීමක් කරනකොට අපිට පිරිවැය තිබෙනවා. ෆිල්ම් වලට සාපේක්ෂව හොඳට වීඑෆ්එක්ස් කරන්න පුලුවන් කමක් තිබෙනවා. මේ මාධ්‍ය ගත්තොත් ලංකාවෙ ටැලන්ට්ස් තියෙනවා. අවස්ථා තමයි නැත්තේ. ලංකාවේ ගොඩාක් ආර්ටිස්ට්ලා මේ වෙනකොට පිටරටට වැඩ කරනවා. විෂයට ප්‍රමුඛතාවය දෙන්නේ නෑ ඒකයි අපේ ප්රශ්නය.
ෆිල්ම් එකක වීඑෆ්එක්ස් කරද්දි ඒක ස්ක්‍රිප්ට් එකේ ඉඳලා සැලසුම් කරන්න ඕනීද? මොකද්ද නිවැරදි ක්‍රමය..
හොලිවුඩ් මූවීස් ගත්තොත් ඩිරෙක්ටර්ගේ ඔලුවෙ වැඩකරන ඉමැජිනේෂන් එක එළියට ගන්න පුලුවන් තාක්ෂණය නැතිනම් ටෙක්නොලජි එක එනකම් ඒ ඩිරෙක්ටර් මග බලාගෙන ඉඳලා තියෙනවා. ස්පිල්බර් එහෙම ඉඳලා තියෙනවා. 'ඇවටර්' වගේ ෆිල්ම් එකක් ගන්න ඒ අදහස එයාට ගොඩාක් කලින් ආවත්, එයා ඒ අවශ්‍ය ටෙක්නොලජි එක එනකම් ඉන්නවා. ඒක ආවට පස්සෙ තමයි වැඩේ පටන්ගන්නේ. මම කියන්නේ අපිත් එහෙම වෙන්න ඕනී. අපෙත් ඉමැජිනේෂන් එක නැතිනම් පරිකල්පනය තමයි විශාල වෙන්න ඕනී. ඊට පස්සේ තමයි ඒකට විසඳුම අපිට සොයාගෙන යන්න පුලුවන්. ටර්මිනේටර් වගේ ෆිල්ම් එකක් ගත්තොත් ගොඩාක් වැකුම් සිස්ටම් වලින් තමයි ඒ අවශ්‍ය චලන අරං තියෙන්නේ. රබර් මෝල්වලින් තමයි හදලා තියෙන්නේ, එතකොට එතන තියෙන්නේ ඇනලොග් සිස්ටම් එකක්. මට හිතෙන්නේ දැන් අපිට සබ්ජෙක්ට් එක තිබෙනවා. අපිට සොෆ්ට්වෙයාර් නෑ කියලා බේලේම් එකක් දාන්න බෑ. අපිට අවශ්‍ය ෆැකේජ් එක තියෙනවා. ලංකාවෙ වෙලා තියෙන්නේ ඒ ෆැකේජ් එක කළමණාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. අපිට තවම හරියට ස්ක්‍රීන් ප්ලේ එකක්වත් නෑ. ස්ක්‍රිප්ට් එකයි ස්ක්‍රීන් ප්ලේ එකයි කියන්නේ දෙකක්. ලොකු වෙනසක් තියෙනවා, ඒ දෙක අතරේ. ස්ක්‍රීන් ප්ලේ එකේ තමයි තියෙන්නේ, මේ ෂොට් එක මොකද්ද? මොකද්ද මූඩ් එක කියලා. හැමදෙයක් ගැනම ඩීටේල් තියෙන්නේ එතන.
දැන් ලංකාවේ සිනමාකරණය කෙනෙක් හදාරණවනම් ඔහුට මොනවද කියලා දෙන්නේ.. මුලින්ම මූලික ෂොට්ස් ටික කියලා දෙනවා. ඊළඟට ලොකූ ප්ලෝෂොපී එකක් කියලා දෙනවා. පරණ ෆිල්ම්ස් ගොඩාක් ගෙනත් බලනවා. ඊට පස්සේ ඒ ගැන කතාකරනවා. අවුරුදු 20ක් විතර ලියන්න ඕනී දේවල් කතාකරනවා. මම ඒකෙන් කියන්නේ නෑ ඒක කරන්න ඕනී නෑ කියලා. නමුත් ඒකට ඉක්මන් වෙන්න නරකයි. මටනම් හිතෙන්නේ මුලින්ම උගන්නන්න ඕනී ෆිල්ම් එකක් අස්සේ කතාවක් කියන්නේ කොහොමද කියන එක. මේ රූප රාමුව අස්සේ මිනිහෙක් අඬවන්නේ කොහොමද? ඒ ෆීල් එක ගේන්නේ කොහොමද? ඒකයි කියලා දෙන්න ඕනී. ඉමෝෂනල් ෆැක්ට් එකක් ගේන්නේ කොහොමද කියන එකයි අපි ඉගන ගන්න ඕනී. පින්තූර ටිකක් තියෙනවා, ඒක එකට මාට්ටු කරලා කෙනෙකුට ෆීල් එකක් ගේන්නේ කොහොමද? ඒක තමයි චැලේන්ජ් එක. මේ ටික ඉගනගත්තහම ප්ලෝෂොපී එක පස්සේ හම්බවෙයි. අද හැවෝම රූල් එක හොයාගන්නත් කළින් කඩන්න තමයි කල්පනා කරන්නේ. මම කියන්නේ රූල් එක කඩන්න ඕනී නෑ රූල් එක අලුත් විදිහට රිප්‍රසන්ට් කරන්නේ කොහොමද කියන එක තමයි වැදගත්.. හොලිවුඩ්, බොලිවුඩ්, හැම ආර්ට් මූවි එකකම ෆෝමියුලා එකක් තියෙනවා. එතකොට ඒ ෆෝමියුලා එක ඇතුලේ ඉඳලා වැඩ කරනකොට අපිට කියන්න බෑ මේක බ්රේක් කරලා දාමු කියලා. හැබැයි අපිට ඒ ෆෝමියුලා එක අස්සෙම ඉඳලා ඒක වෙන විදිහකට රිප්‍රසන්ට් කරන්න පුලුවන්.
ලංකාවේ වීඑෆ්එක්ස් විෂය ගැන තිබෙන අධ්‍යාපනය කොහොමද?
මම වීඑෆ්එක්ස් මූලික පාඨමාලාවක් කරපු කෙනෙක්. රත්මලානේ ලලිත් ඇතුලත්මුදලි එකේ. මගේ වාසනාවට එතනට ලෙක්චර් ආපු කෙනා ත්‍රීඩී බේස් තමයි ඉගැන්නුවේ. අවුරුද්දෙන් මාස 10ක්ම කළේ ත්‍රීඩි මැක්ස් කියන සොෆ්ට්වෙයාර් එක. ඉතිං ඒක මට මාර විනෝදයක් ගෙනාවා. ඒක හින්දා මම වැඩේ ටක්ගාලා අල්ලගත්තා. අපිට උගන්නන්න ආවෙත් මේ ඉන්ඩස්ට්‍රි එක අස්සේ වැඩකරන අය. ඒක නිසා ගොඩාක් දේවල් බෙදාගන්න පහසු වුණා. ලංකාවෙ උගන්නන්න හොඳ තැන් තියෙනවා. හැබැයි ගොඩාක් තැන් තියෙන්නේ ළමයි අමාරුවේ දන්න. ඒ තැන් ළමයින්ට හෝප්ස් දෙනවා. ඒ තැන්වල කරන්නේ මොනාහරි උගන්නලා දැන් ඔයාට ලොකූ සැලරි එකකට යන්න පුලුවන් කියලා සහතිකයක් දෙන එක. කාටවත් එහෙම කරන්න බැහැ. කෝස් එකක් කළා කියලා එහෙම එකම පාරින් ගිහිං ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන්න බැහැ. අපිට ඕනිනම් පුලුවන් ඉන්ටර්නෙට් එක හරහා මාස්ටර් ක්ලාස්වලින් තවත් ඉගනගන්න. මමනම් එහෙමයි. අපි ඉන්ඩස්ට්‍රි එකට එනකාලේ ත්‍රීඩී කියන්නේ පොඩි මැජික් එකක්. ඒකාලේ තමයි 'ටෝයි ස්ට්‍රෝරි' වගේ ෆිල්ම්ස් හැදුණේ. ඒවා කොමර්ෂල් වලට ඇඩ් වුණා. මොනාද රස්සාවට කරන්නේ කියලා ඇහුවහම, විෂුවල් ඉෆෙක්ට්ස් ආර්ටිස් කෙනෙක් වෙනවා කියලා අපිට ඒකාලේ කියන්න හිතුනා. අපි ඒක බය නැතුව කිව්වා. ඒ අර මැජික් එක නිසා. දැන් එහෙම නෑ. දැන් ත්‍රීඩී කිව්වත්, විෂුවල් ඉෆෙක්ට්ස් කිව්වත්, මැජික් එකක් නෑ. ඒවා දැන් පෝන් එකෙත් තියෙනවා. ඒක පොටෝ එකක් ගත්තම, දැන් ඒක අපිට ත්‍රීඩි කරන්න පුලුවන්. නමුත් තවමත් ෆිල්ම් අස්සේ මේ මැජික් එක තිබෙනවා. අපි ඒක හරියට හොයාගත්තොත් ගොඩ.
වීඑෆ්එක්ස් ආර්ටිස්, ශිල්පියා කියන තැනින් කලාකරුවා නැතිනම් ආර්ටිස් වෙන්නේ කොහොමද?
මම ඒක මුලින්මත් කිව්වා අපිට හම්බවෙනවා ටූල්ස් ටිකක්. ඒක අපිට එළියේ පිසිකලි හම්බවෙන දේවල්ම තමයි. අපිට සූට් එකකදි හම්බවෙන දේවල්ම. එතකොට අපිට ඉවක් තියෙන්න ඕනී, කැරැක්ටර් එකක් ඩිවලොප් කරන්න. ටෙක්නිකල් කෑල්ල ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුලුවන්. හිඟ කෑල්ල තමයි ආර්ටිස් කියන කෙනාගේ අඩුපාඩුව. ඒක තමයි සොයාගන්න ඕනී.
මේ වෙනකොට වීඑෆ්එක්ස් සෑහෙන්න සංවර්ධනය වෙලා. මේ ආර්ට් එකේ කෙළවර කොහේද?..
ත්රීඩිවලින් කරන්න බැරි දෙයක් නෑ. ගෑනියෙක් මිනිහෙක් කරන්නත් පුලුවන්. මිනිහෙක් ගෑනියෙක් කරන්නත් පුලුවන්. ඉතිං ඕනිම දෙයක් කරන්න පුලුවන්. දැන් ෆිල්ම් හෝල්ස් පැත්තෙන්, ඒ කියන්නේ ත්‍රීඩී ප්රක්ෂේපනය කරන්නේ කොහොමද කියන ටෙක්නිකල් කෑල්ල සෑහෙන්න දියුණු වෙලා. ඒ වගේම ත්‍රීඩී ෆිල්ම්ස් නිශ්පාදන කර්මාන්තයත් සෑහෙන්න දියුණු වෙලා.
හොලිවුඩ් ගත්තොත් එක ෆිල්ම් එකක් කළාට පස්සේ එකට අදාළව හොයාගත්ත ටෙක්නොලජීස් ගොඩාක් තියෙනවා. උදාහරණයකට ගම්මු ළඟදී ආපු 'ලයන් කිං' කියන ත්‍රීඩී මූවි එක. එයාලා ඒකට අදාළව ගොඩාක් බේසික් හාඩ්වෙයාර් හදාගෙන තියෙනවා. හැබැයි ඒකෙන් හැමතිස්සෙම කරන්නේ වැඩේ පහසු කිරීම. උදාහරණයකට එයාලා එක ඉන්ටර්වීව් එකක කියනවා මේ ෆිල්ම් එකේ එක ෆ්‍රේම් එකක් ඔයාලා ගෙදර රෙන්ඩර් කළොත් ඔයාලට අවුරුදු 10ක් යයි කියලා. හැබැයි අපි අද දන්න සරළ කාරණාවක් තමයි, මේ වෙනකොට ලෝකය වටේම රෙන්ඩර් පර්ම්ස් තියෙනවා කියන දේ. එතකොට අපිට ඒවට මේක දාලා ඉක්මනින් කරගන්න පුලුවන්. අපිට ඒකට යන්නේ චිත්‍රපටයක ප්රචාරක පටයට යන වියදම වගේ වියදමක්. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට බෑ කියලා එකක් නෑ.
'ලයන් කිං' ෆිල්ම් එක ගත්තොත් ඒකේ තියෙන වීඑෆ්එක්ස් අපිව විශ්මයට පත්කරනවා..
ඒක ඇවිල්ලා මෙහෙමයි, ඇත්තමට ලෝකයේ පළමු ත්‍රීඩී මූවි එක තමයි ටෝයි ස්ටෝරී වන් කියන මූවී එක. ඒක පික්චර් ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඒක කළේ ඩිස්නි සමාගම. ඒකේ අපි හියුමන් කැරැක්ටර්ස් ගත්තොත් කටේ තියන්න බෑ. කාටුන් විදිහට ගත්තොත් ඒක කාටූන් විදිහටත් අන්තයි. ඒ තරමටම එදා ඔවුන් හියුමන් ෆිගර්ස් සම්බන්ධව ස්ටඩී කරලා නෑ. සහ ඒකේ ඉන්නේ ඔක්කොම ටෝයිස්. ඒවායේ මසල්ස් නෑ. එහෙම තැනකින් තමයි ඩිස්නි එක මේක පටන් ගන්නේ. ඔවුන් දැන් ඉන්නේ 'ලයන් කිං' කියන තැන. කොහොම වෙනසක් ද?.. 'ලයන් කිං' ගත්තොත් ඒකේ විෂුවල් ඉෆෙක්ට්ස් පැත්ත කරන්නේ එම්බීසී එක. ලයන් කිං එකේ තියෙන ආශ්චර්ය ගැන අපිට මෙහෙම කතා කරන්න පුලුවන්. විද්‍යාත්මකව ඒ ඇනටෝමි එක තියෙන සිංහයෙක් කොහොමද අපි මේ සොෆ්ට්වෙයාර් එක අස්සේ හදන්නේ?. එතකොට අපි කරන්නේ හරියටම හරියන ඇත්ත සිංහයෙකුගේ ඇනටොමි එකක් ගන්න එක.. ඒක විද්‍යාත්මකව හරි එකක්. හරිම ලයිෆ් ස්කේල් එකට ගැළපෙන ඇනටොමි එකක් ඒක. ඊට පස්සේ මම ඒ ඇනටොමි එකට ගැළපෙන්න මසල්ස් දානවා. ඒක සොෆ්ට්වෙයාර් එකෙන් කරන්න පුලුවන්. හැබැයි ඒක කරන්නෙත් අර රියල් සිංහයාගේ ඇග හැදිලා තියෙන විද්‍යාවට අනුව. එහෙම කළාම අපිට 99.9% හරි සිංහයෙක් හම්බවෙනවා. ඉතිං මේ ටෙක්නොලජි එක දැන් තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒකට කාලය වැය වෙනවා. සල්ලි ගොඩාක් ආයෝජනය කරන්න ඕනී. මෑන් පවර් එකක් වගේම මේ වැඩේ නියමෙට දශමෙට කරන්න ආර්ටිස් පවර් එකක් ඕනී. හැමතිස්සෙම හැම ෆ්‍රේම් එකක් අස්සෙම තියෙන්නේ ලුක් සහ ෆීල් කියන එක. එතකොට මේ ආර්ටිස් පවර් කියන එක හරිම වැදගත්. මූඩ් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියන එක. ඒක කරන්න පුලුවන් ආර්ටිස්ට විතරයි. එතකොට දැන් 'ලයන් කිං' වගේ ෆිල්ම් එකක් ගත්තොත් ඒකේ ඇත්ත සත්තු (වීඑෆ්එක්ස් වලින් හදපු) තමයි රඟපාන්නේ.
දැන් අපි ලයන් කිං ගම්මු මේවගේ ෆිල්ම් එකක් ආවට පස්සේ ඒ ටෙක්නොලර්ජි එකෙත් ලොකූ වෙනස්කම් වෙනවා..
මෙහෙමයි, චෙන්ජස් වලට වඩා වෙන්නේ ඩිවලොප්මන්ට්ස්. 'ඇවටර්' ෆිල්ම් එකේ වර්චුවල් කැමරාස්
පාවිච්චි කළා. ඒක මේ ෆිල්ම් එකේ ගොඩාක් ඩිවලොප් කරලා තියෙනවා. දැන් ඔවුන් වීආර් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. ලොකේෂන්ස් වෙනමම හදලා ස්කවුට් කරලා අවශ්‍ය ලොකේෂන් එක සොයාගෙන තමයි ඒක ඩිවලොප් කරන්නේ. ඔවුන් ගොඩාක් වෙලාවට ප්‍රමුඛතාවය දෙන්නේ කැරැක්ටර්වලට. ගොඩාක් ත්‍රීඩී මූවීස් අපි හරියට ඇනලයිස් කළොත් ගොඩාක් බැක්ග්‍රව්න්ඩ්, ඒවායේ තියෙන ගස් එහෙම සෙළවෙන්නෙ නෑ. කැරැක්ටර් ප්ලේ එක තමයි තියෙන්නේ. ඉතිං ඒකට ඔවුන් ගොඩාක් මහංසි වෙනවා. මොකද කැරැක්ටර් ප්ලේ එක තමයි වාදගත්. කැරැක්ටර් පර් එක ගන්නේ කොහොමද? කොහොමද විලන් කෙනෙක් හදන්නේ, කොහොමද හීරෝව හදාගන්නේ, කොහොමද මේක අස්සේ ස්ට්‍රෝරි එකක් ගෙනියන්නේ, කොහොමද ඒ ස්ට්‍රෝරි එක බ්රේක් කරන්නේ, ඒ බ්රේක් කරන එකෙන් ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ මොනවගේ ෆීල් එකක්ද? අන්න ඔය දේවල් තමයි වැදගත්.
අපි දැන් ටිකක් වෙළඳ ප්‍රචාරණ කර්මාන්තය ඇතුලේ මේක පාවිච්චි කරන විදිහ ගැන ලෝකයත් එක්ක සංසන්ඳනය කරලා කතාකරමු..
පිටරට කමර්ෂල්ස් ගත්තොත් ඒවායේ කොන්සෙෆ්ට්ස් හරිම ක්‍රියේටිව් තැනක තියෙන්නේ. හරිම නිර්මානාත්මකයි. හේතුව ඒවා ගොඩාක් ඩිවලොප් කිරීම. අනික ඔවුන් එක කමර්ෂල් එකක් ඉවර කරන්න සෑහෙන්න කාලයක් ගන්නවා. ත්‍රීඩි පැත්තෙන් ගත්තොත් කොන්සෙෆ්ට් එක තමයි මේන්ලි. ඒක තමයි ප්‍රධාන. කොච්චර දැනගෙන මොන සෙල්ලම් දැම්මත් කොන්සෙෆ්ට් එක ත්‍රීඩී වැඩේට සපෝර් කරන්නේ නැත්තං, ඒ වැඩේ පේල් වෙනවා. ඒක එතනින් එහාට කරන්න දෙයක් නෑ. උදාහරණයකට බීඑම් ඩබ්ලිව් බෙන්ස් වගේ කාර් කමර්ෂල්ස්වල ගොඩාක් වෙලාවට විෂුවල් ඉෆෙක්ට්ස් ගොඩාක් භාවිතා කරනවා. මම කැමති කමර්ෂල් එකක් තියෙනවා අව්ඩිලාගේ. එයාලා අලුත් කාර් එකක් හඳුන්වලා දෙනවා, ඒක බීට්ල් කාර් එකක්. ඒකට එයාලා ලස්සන කොන්සෙෆ්ට් එකක් අරං එනවා. එකේ තියෙන්නේ සෙඩාන් කාර් එකකට ළමයෙක් හම්බ වෙනවා. එයා තමයි හච්බැක් (hatchback) එක. ඒක තමයි අලුතින් හඳුන්වාදෙන කාර් එක. ඒක හරිම ලස්සන හිතට වදින කමර්ෂල් එකක්. රියල් හියුමන් ලයිෆ් කියන එක තමයි ඔවුන් එතනදි ගේන්නේ. මේ කමර්ෂල් එකේ නම තමයි නිව් බෝන්. ඒක හිතලා තියෙන තැන බලන්න. ඒකේ වෙන්නේ සෙඩාන් කාර් එකක පිටිපස්සේ කවර් එක ඇරිලා හච්බැක් කාර් එකක් එළියට එනවා. මේ කමර්ෂල් එක සම්පූර්ණයෙන්ම ත්‍රීඩි කරපු එකක්. මේවා අපිට ඇචීව් කරන්න පුලුවන්. හැබැයි ඒකට අපිට කොන්සෙප්ට්ස් එන්න ඕනී. මේක දන්නවා කියලා අපිට වන්මෑන් සෝ එකක් ගහන්න බෑ.
අපේ සිතීම් කොච්චර ෆැන්ටසි එක පැත්තට යනවද කියන එක මත නේද ඒක වීඑෆ්එක්ස් වලින් හොඳටම වැඩගන්න පුලුවන් කොන්සෙෆ්ට් එකක් බවට පෙරළෙන්නේ..
ඔව් අනිවාර්යෙන්ම.. ඒ එක අන්තයක්. අනික් අන්තය තමයි එක්ස්ට්‍රීම් රියැලිටි කියන අන්තය. අපි කොච්චර රියලිස්ටික් වෙනවද කියන එකේදිත් අපි මේක ගොඩාක් යූස් කරනවා. ඒ අන්ත දෙකේ තමයි වැඩේ තියෙන්නේ. සමහර කමර්ෂල්ස් වල මම දන්නවා ඩබල් ඇක්ටින් තියෙනවා. එතකොට එකක් ත්‍රීඩී, එකක් වර්චුවල්. ඒක එස්ට්රීම් රියැලිටි කියන තැන. අනික ෆැන්ටසි.
අපි ටිකක් කතාකරමු මෑතකදී ඔබ වීඑෆ්එක්ස් ආර්ටිස් කෙනෙක් විදිහට වැඩකරපු ෆිල්ම්ස් ගැන..
චින්ත ධර්මදාසගේ 'ඇවිලෙන සුළුයි' කියන අලුත් ෆිල්ම් එකේ වැඩ කළා. ඒක මම ආසාවෙන් වැඩ කරපු ෆිල්ම් එකක්. එක ෂොට් එකක ෆ්‍රේම් එකට සමනැල්ලු ගොඩක් දැම්මා. සමහර ෂොට්ස් වල තිබුණ ගස් වගේ දේවල් අයින් කරලා, ඒ ෂොට්ස් වෙනස් කළා. පාරවල් අයින් කළා. ෂොට්ස්වල ෆ්‍රේමින් ගොඩක් හැදුවා. ඊට අමතරව ටයිටල් එක, නම එන විදිහ, ඒවගේ දේවල් හැදුවා. තව ෆිල්ම්ස් තියෙනවා වැඩ කරපු, ඒත් මම ඒවා ගැන කතාකරන්න ආස නෑ. මොකද ඒවා හරියට වර්ක් ෆ්ලෝ එකට වැඩ කෙරුණේ නැති ෆිල්ම්. ඊට අමතරව ඩොකියුමෙන්ට්රීස් කිහිපයක වැඩ කළා. ඒවා මෙහේ ඒවා නෙවෙයි පිටරට වැඩ.
වාර්තා චිත්‍රපටවල කොහොමද වීඑෆ්එක්ස් පාවිච්චි වෙන්නේ.. අපි සාමාන්‍යයෙන් වාර්තා චිත්‍රපටියක වීඑෆ්එක්ස් දකිනවා අඩුයි..
ඇත්තටම ඒ වාර්තා චිත්‍රපටිය ගත්තොත් මට එතනදි ලැබුණේ වෙනමම චැලේජ් එකක්. ඒක ඇවිල්ලා බැලේ ඩාන්සර් කෙනෙක් ගැන විදේශිකයෙක් කරපු ෆිල්ම් එකක්. එක තැනක තියෙනවා එයා ලොකු වෙල් යායක වගේ තැනක ඩාන්ස් එකක් කරනවා. ඒ ඇක්ට් එකම එයා ස්ටේජ් එකෙත් කරනවා. අර වෙල් යායේ කරන ඇක්ට් එකට අධ්‍යක්ෂකට ඕනී වුණා කණාමැදිරියෙක් දාන්න. මම ලයිෆ් ස්කේල් එකටම කණාමැදිරියෙක් හැදුවා. ඌ කොහොමද පියාඹන්නේ කියලා ස්ටඩී කරලා ඒක රියල් විදිහටම හදලා ෂොට්ස් 30කට ඒක දැම්මා.. ඉතිං වාර්තා චිත්‍රපටියකට වීඑෆ්එක්ස් පාවිච්චි කරනවා කියන එක අධ්යක්ෂවරයා මත රඳාපවතිනවා. ඔහුට අවශ්‍යමනම් ඒක කරන්න, ඒක කරන්න පුලුවන්. අපේ ඩිරෙක්ටර්ස්ලට එහෙම වීඑෆ්එක්ස් ගැන අදහසක් නෑ. නැත්තං බජට් නෑ. ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. නැත්තං කාලය පිළිබඳ ප්‍රශ්න. වීඑෆ්එක්ස් ෂොට්ස් 30කට තියෙන කාලය මාසයක් වෙන්න පුලුවන්. එතකොට කොහොමද හොඳම විදිහට හොඳම දේ කරන්නේ. මම හිතන්නේ නෑ ඒක ජීවිතේට කරන්න පුලුවන් කියලා. එහෙම කළාම තමයි පිටරට ෆිල්ම්ස්වල වීඑෆ්එක්ස් බලපු ප්‍රේක්ෂකයා අහන්නේ අයියෝ මොනවද මේ කරලා තියෙන්නේ කියලා. ජරාවක් නෙහ් කියලා.
ආයි අපි ඔබ කරපු ෆිල්ම් සහ වෙළඳ දැන්වීම් කතාවට එමු..
චින්තගේ ෆිල්ම් එකේ සමනැල වැඩේ ඇත්තටම රස වැඩක් ඒක. කතරගම පැත්තේ තියෙන දිග පාරක කාර් එක යනවා. වින්ඩ්ස්ක්‍රීන් එකේ සමනැල්ලු ගොඩාක් ඇවිත් වදිනවා. වැදිලා සමනැල්ලු කිහිපයක් පොඩි වෙනවා වගේ එකක් එතන තියෙන්නේ. ඒ ෂොට් එකට විතරක් මම මාස එක හමාරක් ගත්තා. ඒක ගොඩාක් ලොකු ෂොට් එකක්. කැමරාව වෙනස් වෙනවා. කාර් එක වෙනස් වෙනවා. ඒ නිසා ඒක ලොකු වැඩක්. සාමාන්යෙන් ෆිල්ම් එකක වීඑෆ්එක්ස් ගොඩාක් තියෙනවනම්, සාමන්‍යයෙන් අවුරුද්දකට වඩා යනවා. වීඑෆ්එක්ස් ආර්ටිස් කෙනෙකුට ඒ කාලය අනිවාර්යයෙන් දිය යුතුයි.
දැනට මම කමර්ෂල් 100කට වඩා අධ්‍යකෂණය කරලා තියෙනවා. ඒ ගොඩාක් කමර්ෂල්වල වීඑෆ්එක්ස් වැඩියි. මයික්‍රෝසොෆ්ට් එකට මම කළා අයිටී රූම් එකක් ඇතුලේ අලියෙක් ඉන්න එකක්, මයික්‍රොසොෆ්ට් එකටම මම කරලා තියෙනවා ටී කප් එකක් හැලෙන එකක්. ඇලුමෙක්ස් එකට ගොඩාක් කළා, ඇඩ්වාන්ස් ආකිටෙක්චර් පැත්ත පෙන්නන කොමෂල්ස්. මෑත කාලේ හැපී කව් එක ආසාවෙන් කරපු එකක්. ටාගට් එක තමයි කොමෂල් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු වැඩක් කරන එක. මම දැන් සයන්ස් පික්ෂන් සෝට් මූවි එකක් කරන්න පටන් අරං තියෙනවා. ඊට අමතරව ෆිල්ම් එකක් ලියලා තියෙනවා. ඒක ඇක්ෂන් ඩ්‍රාමා එකක්. වීඑෆ්එක්ස් භාවිතා කරන්න පුලුවන් එකක්. අපේක්ෂිත වියදම වැයකරන්න පුලුවන් ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගන්න පුලුවන් වුණොත් ඒක කරනවා.
කේ. සංජිව
anidda.lk