දීප්ත. මිනිස්සු ඇයි මුහුණුපොතේ දීප්ත ගැන මේ තරම් සටහන් ලියන්න? ඇයි මේ තරම් දීප්තට ආදරේ ? දීප්ත අපි හැමෝගෙම හිත්වලට කාටත් හොරින් රිංගලා. ඒක එහෙම වුණේ කොහොමද?. ටවුමේ ජීවත්වුණ ධනුකට තණමල්විල කොල්ලෙක් වුණ දීප්තව හම්බවුණේ කොහොමද?.
ධනුකගේ හඬින්ම ඒ කතාව අහමු.
ධනුක තණමල්විල කොල්ලෙක් හි දීප්තට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ප්‍රතිචාර ඉතා ඉහළයි. මම හිතුවෙවත් නැති තරමට ප්‍රතිචාර ලැබෙනවා.
රොෂාන් රවීන්ද්‍ර මේ ආරාධනාව කරනකොට හිතුවාද ධනුකට මේ තරම් වටිනාකමක් ලැබේවි කියලා ?
රොෂාන් අයියා මේ නාට්‍යයට ආරාධනා කරපු මොහොතේ ඉඳන් වැඬේ පටන් ගෙන අවසන් වෙනකම් ප්‍රතිචාර ගැන නම් හිතුවේ නැහැ. කොහොම හරි මට ලබාදුන්න වගකීම හරියට ඉෂ්ඨ කරන්න විතරයි.
රොෂාන් කිව්වාද ඔබ ඒ වගකීම ඉෂ්ඨ කළා කියලාද?
රොෂාන් අයියා මේ ටෙලිනාට්‍යයේ චරිතවලට ගැලපෙන සුදුසුම අය තමයි තෝරාගෙන තිබුණේ. නාට්‍ය පටන් ගනිද්දිම මේ නාට්‍යයේ රංගනයට දායක වුණ සියළුම නළු නිළියන් කෙරෙහි ඔහුගේ ලොකු විශ්වාසයක් තිබුණා. ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වෙලා විකාශයෙන වෙන්න පටන්ගත්තාට පස්සේ ඔහුගේ උත්සාහය සාර්ථකයි කියලයි මට නම් හිතුණේ. රොෂාන් අයියා වැඬේ පටන්ගත්තෙත් හරි සැලැස්මක අනුවයි.
දීප්ත මේ දිනවල අන්තර්ජාලයේ හරිම ජනප්‍රිය චරිතයක්. මේ හැඟීම මොනවගේද?
ඇත්තටම මමත් දීප්තට ආදරය කරන්න පටන්ගත්තා. ඒ තණමල්විල කොල්ලෙක් හි තිරපිටපත කියවන්න පටන්ගත්ත වෙලේ ඉඳන්. රොෂාන් අයියා තමයි දීප්තගේ චරිතය රඟපාන්න හිටියේ. මම මුල සිටම හිතුවා දීප්තව මිනිස්සු වැළඳගනීවි කියලා. දීප්තට මම විතරත් නෙමෙයි අපි හැමෝම ආදරෙයි.
රොෂාන් කරන්න හිටපු චරිතය තමයි ඔබට ලබාදෙන්නේ. ඒ වගකීමට සාධාරණයක් ඉෂ්ඨ කළා කියලා හැෙඟනවාද?
ඔව්. මම හිතනවා රොෂාන් අයියා මට දුන්න ඒ වගකීම ඉෂ්ඨ කළා කියලා. දීප්ත කියන චරිතය ගැන මම මෙහිදී විශේෂයෙන් කතා කරන්න ඕනෑ. දීප්ත කියන චරිතය මේ නාට්‍ය පුරාම දිවෙනවා. ආරම්භයේ සිට අවසානය දක්වා. නළුවෙක්ට මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ හරිම අඩුවෙන්. අනික පිටපතක් එක් චරිතයක් ඒ පිටපත පුරාම රැගෙන යන අවස්ථාවක් දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. මම හිතනවා ඔහු මා ගැන තිබූ විශ්වාසය මම පළුදු කළේ නැහැ කියලා. ඒ වගේම මට දුන්නු වගකීමත් මම පැහැර හැරියේ නැහැ කියලා. මම විතරක් නෙමෙයි තණමල්විල කොල්ලෙක් හි ටෙලිනාට්‍යයට සම්බන්ධවුණ සියළුම දෙනා ඔවුන්ගේ වගකීම් හරියට ඉෂ්ඨ කළා. ඒකයි මේ ගැන මිනිස්සු මෙච්චර කතාබහ වෙන්නේ.
තණමල්විල කොල්ලෙක් කිව්වහම මිනිස්සු හිටියේ වෙනම අදහසක නේද?
ඔව්. රොෂාන් අයියාට ඕනෑවුණෙත් ඒක වෙන්න ඇති. මොකද තණමල්විල කොල්ලෙක් කියන නමම හරි බ්රෑන්ඞ් එකක්නේ. ඒ නම දානකොටම ගොඩක් කට්ටිය තණමල්විල ගැන මීට කලින් හිතාගෙන හිටියේ වෙනස්ම කතාවක්නේ. අද වෙද්දි අපි ඒක වෙනස් කරලා තියෙනවා. මිනිස්සු තණමල්විල කියන ගමට ආදරය කරන්න පටන් ගන්නවා. තණමල්විල සංචාරක පුරවරයක් වෙන්න යනවා. තණමල්විල ඉන්න මිනිස්සු මට කතා කරලා කියනවා මල්ලි අපි මේ නාට්‍ය මුලින්ම බලන්න ගියේ නැහැ. තණමල්විල කිව්වහම අපේ ගමට උඹලා මොකක් හරි විනාශයක් කරලා ඇති කියලා. නමුත් මල්ලි ඔයගොල්ලෝ අපේ ගමට මාර දෙයක් කරලා තියෙන්නේ. ගොඩක් පිං අපේ ගමට වටිනාකමක් ලබාදුන්න එකට කියලා කිව්වා. ඒ ගමේ මිනිස්සු මට නිතරම කියන්නේ අපේ ගම ඔයගොල්ලෝ මාර තැනකට ගෙනාවා කියලා.
දීප්ත නිසා ධනුකටත් අලූතින් හිතන්න වෙනවා නේද?. විශේෂයෙන් ආරාධනාවක් ලැබෙනකොට ?
ඔව්. දීප්ත කියන චරිතය සහ තණමල්විල කොල්ලා කියන ටෙලිනාට්‍ය මිනිස්සු වැළඳගෙන ඉවරයි. බදා ගෙන ඉවරයි. ඒ වැළඳගැනීමකදී වගේම කෙනෙක් හෘදයාංගම වෙනකොට ඔවුන් අපිව තමන්ගේ කරගෙන ඉවරයි. මම හිතනවා ඒ තමන්ගේ කරගැනීම අපිට හරි භයානකයි. මොකද ඒ භයානකත්වය වෙන්නේ අපිට වගකීම් වැඩියි. මොකද ඊළඟට අපි කරන දේ බලලා අනේ කියන්නේ නැහැ. අපේ කණට ගහනවා. විශේෂයෙන් මම ඊළඟට තෝරාගන්න ඉන්න වැඬේ ඉතාමත්ම හොඳින් හිතලා බලලා තමයි භාරගන්නේ. අනෙත් එක ඉස්සරහට මම චිත්‍රපට වලට පමණක් දායකවෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
දීප්ත ධනුකගේ පුද්ගලික ජීවිතයේ ලබාගන්නා තීන්දු තීරණත් වෙනස් කරලා වගෙයි ?
පුද්ගලික ජීවිතය කෙසේ වෙතත් මගේ වෘත්තීයමය ජීවිතයේදී දීප්තව මට මුණගැසුණ වෙලේ ඉඳන් මම වෙනස් විදිහට හිතන්න පටන් ගත්තා. මම කොහොමත් පුංචි කාලේ ඉඳන් හින මැව්වේ සිනමා නළුවෙක් වෙන්න. මම හිතනවා ඒකට හොඳ අඩිතාලමක් තමයි තණමල්විල කොල්ලෙක්.
දැන් ධනුකව වැඩිපුර රූපවාහිනියේ දකින්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මෙගා වැඩවල?
මම කොහොමත් මෙගා වැඩ නවත්වලා අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. තණමල්විල කොල්ලෙක් හි තිරපිටපත මගේ අතට ලැබිලා රොෂාන් අයියත් එක්ක කරපු පළමු කතාබහේ ඉඳන් මම සියලූම මෙගා වැඩ වගේම මගේ අනෙකුත් වැඩත් මම නැවැත්තුවා. අනික මට මේ ලැබුණේ කාටවත් නොලැබුණ අවස්ථාවක්. එහි උපරිම ප්‍රතිඵල ලබාගන්න ඕනෑ. මම මෙගා වැඩවල හිටියා. ඒවායින් තමයි මාව රොෂාන් අයියා වුණත් දකින්න ඇත්තේ. මම හිතනවා එතැනට වැරැද්දක් කියන්න ඕනෑ නැහැ කියලා. මම ආයේ මෙගා නාට්‍ය කියන සංකල්පයේ සහ මියුසික් වීඩියෝ කියන සංකල්පයේ නැහැ.
හැබැයි ඔබ ලංකාවේ වැඩිපුරම මියුසික් වීඩියෝ ප්‍රමාණයක් රඟපෑ නළුවා ?
ඔව්. එහෙමත් වෙලා මමයි දස්සයි සම්මාන පවා ගත්තා. මමත් කොළඹ ලූම්බිණි විද්‍යාලයේ වේදිකා නාට්‍යවල රඟපාලා ඒ පැත්තෙන් ඉස්සරහට ආවාට මගේ දෛවය එක්වරම තීරණය කළා මාව මියුසික් වීඩියෝ හරහා රඟපාලා ජනප්‍රිය චරිතයක් බවට පත්කරන්න. මට ඕනෑවුණේ මේ ගමන යන්න. ඉතිං රොෂාන් අයියා මට ඒ අවස්ථාව ලබාදුන්නා. ඒ අවස්ථාවෙන් මම දැන උපරිම ප්‍රයෝජනය ලබාගන්න ඕනෑ. මම හිතන්නේ මියුසික් වීඩියෝවලට වඩා අපි කලාවට යමක් කරන්න ඕනෑ කියලා. අනික ආපහු මට කවුරුත් මියුසික් වීඩියෝ කරන්න කියලා ආරාධනා කරන එකකුත් නැහැ. මොකද මම මියුසික් වීඩියෝ කරන්නේ නැහැ කියල කවුරුත් දන්නවා.
දීප්ත නිසා ධනුකට තරුණියන්ගෙන් ආදර යෝජනා එමටයි කියන්නේ ?
දීප්ත හින්දාම නෙමෙයි. මීට කලින් ඉඳන් ඔය කාරණාව මට හරි සාමාන්‍ය දෙයක්. ඉතිං මම හිතන්නේ දීප්ත හින්දත් ඒක වැඩිවුණා. වෙන පේ්රක්ෂකයන් පිරිසක් දීප්ත හරහා මට එකතුවුණා. මට කලින් බැණපු මගේ මියුසික් වීඩියෝ දැකලා ඇයි මේ මනුස්සා මේ තරම් දක්ෂතාවයක් තියාගෙන මියුසික් වීඩියෝ රඟපාන්නේ කියලා ආපහු පේ්රක්ෂකයන් දැන් මගේ පැත්තට ඇවිත් තියෙනවා. මම ඔවුන්ගේ විශ්වාසය දිගටම පවත්වාගෙන යන්න තමයි මගේ උත්සාහය. අනික ඔය ආදර යෝජනා එනවා කියන එකත් හරි සාමාන්‍ය දෙයක්නේ.
ධනුකට පෙම්වතියක් නැතිද?
නැහැ. මට මීට අවුරුදු තුනකට කලින් විතර පෙම්වතියක් හිටියා. ඒ මගේ තුන්වැනි පෙම්වතිය. මම හිතන්නේ දැන් මට උදාවෙලා තියෙන්නේ පෙම්වතියක් හොයාගන්න එකවත් ආයෙමත් ආදරය කරන්නවත් පුළුවන් කාලයක් නෙමෙයි. මම කලාව වෙනුවෙන් යමක් කරන්න තමයි ඕනෑ. පෙම්වතියක් කියන කැටගරි එකට මම ආපහු යොමුවෙන එකක් නැහැ.
දැන්ම විවාහයක් ගැන හිතන්නෙත් නැහැ ?
නැහැ. මොකද මම ඒවා ගැන ඕනෑවටත් වැඩිය හිතුවා. ඒ කාලය අපරාදේ කියලා තමයි මට දැන් තේරෙන්නේ. ඔයදේවල් නිසා මගේ කාලය පවා නාස්තිවුණා. ආයෙත් මම ඒ දේවල්වලට යොමුවෙන එකක් නැහැ. රංගනයෙන් පෝෂණය වෙන්න තමයි මගේ ඒකායන අරමුණ.
ආදරය හින්දා ජීවිතයේ හරියට බැණුම් අහපු අවස්ථා” කතාන්දර අපහු අවස්ථා එහෙමත් තිබුණානේද?
බැණුම් අහන්න වුණාද කියන්න මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ කාටද බැන්නේ කියලා. මටත් ඇහුණා ගොසිප් ගැන මා ගැන කතාවෙනවා. මම ඒ දවස්වල හිටියේ මගේ අරමුණේ. වෘත්තීය පැත්තෙන් මට කරන්න ඕනෑදේවල් ගැන මම හිත හිත හිටියේ. කවදක්වත් මම ඒ පැත්තට ගිහිල්ලා ඔවුන්ට පිළිතුරු දෙන්න ගියානම් කවදාවත් මට මේ ගමන යන්න බැරිවෙනවා. අනික මම දන්නේවත් නැති දේවල් ගැන මට අදාලත් නැති දේවල් ගැන මම මොකටද පිළිතුරු දෙන්න යන්නේ. මිනිස්සු ඇත්ත දන්නවා. මට වැඩකුත් නැහැ ඔය දේවල් ගැන.
දිනේෂ් විතාන
(දිවයින ඉරිදා සංග්‍රහය)