බුද්ධීණී ජයවර්ධන නවකතා රචිකාවක් ලෙස ලියා ඇති පොත්තුළ පාඨකයන්ට කියවන්න ට ලැබෙන්නේ උතුරා යන ආදරණීය ප්‍රේම කතා. ඇය විිසින් ලියන ලද ගීතවලත්, ටෙලි නාට්‍ය පිටපත් තුළත් දකින්න ටතිබෙන්නේ ම ආදරය සහ ප්‍රේමයයි. බුද්ධීණී ජයවර්ධන ආදරයෙන් පිරුණු හිතක් ඇති කලාකාරිණියක්. ඇය ජීවිතය පුරා විඳපු විඳවපු ,ලබපු නොලබපු ආදරය ගැන ඇගේ නිර්මාන තුළින් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඇය ඒ සියල්ල තුළින් විඳින්නේ අප්‍රමාන වූ සතුටක්. හඩ කැවීම් ශිල්පිණියක්, මාධ්‍යවේදිනියක් ,ලේඛිිකාවක්, ටෙලි නාට්‍ය තිරපිටපත් රචිකාවක්, ගී පද රචිකාවක් ලෙසත් ක්ෂෙත්රයේ කටයුතු කරන ඇය ස්වර්ණවාහිනියෙන් සතියේ දිනවල රාත්‍රී 9.00 ට විකාශය වන බන්ධනා හි නිෂ්පාදකවරිය සහ තිර පිටපත් රචිකාවයි.බන්ධනා කතාමාලවේ 100 වෙනි කතාංගය එලැඹෙන සිකුරාදා විකාශය වීමට නියමිතයි. මිරර්ආර්ට්ස් බන්ධනා කථාංග 100 ක් පිරීම නිමිත්තෙන් බුද්ධිණී සමග කළ කතාකළා.
බන්ධනා කියන අදහස ඔයාගෙ හිතේ ඇතිවෙන්නෙ කොහොමද?
මම මේ කතාවේ සිනොප්සි එක ලියලා හුගක් කල් මේක චිත්‍රපටයක් වෙනුවෙන් ලියපු එකක්. නමුත් කාලයාගෙ ඇවෑමෙන් මේක ටෙලි නාට්‍යක් බවට පත්වුනා. බන්ධනා කියන්නෙ නමක්. ඒ නමේ අර්ථය බන්ධනයක් බැඳීමක් කියන එක
ඔයා විසින් ලියන ලද කීවෙනි තිර පිටපතද මේ ටෙලි නාට්යක්ට හෝ සිනමාට නැගුනු?
මගේ නම සහිතව විකාශය වන දෙවන ටෙලි නාට්‍යය.පළමු එක මේ මමයි කියන ටෙලි නාට්‍ය මගේ පළමු නවකතාව වූ සඳ කිඳුරී මම කෘතියෙන් තමයි පළමු ටෙලි නාට්‍ය රචනා කළේ.
නම නැතුවත් ටෙලි නාට්‍ය ලිව්වද?
ඔව් මම ලියලා තියෙනවා.
බන්ධනා ටෙලි නාට්‍යට පසුබිම් වෙන්නේ මොනවගේ කාරනයක්ද?
මේක තුළ මූලිකවම කතාකරන්නේ ආදරය පේ‍්‍රමය වැනි මිනිස් කාරනා.
මම විශ්වාස කරන දෙයක් තමයි මනුස්සයෙකුට තමන් වෙනුවෙන් ජීවත්වනවා කියන හැගිම දෙන්නෙ ඒකට බලපාන ලොකුම සාධකය වේනනේ ආදරය කියන කාරණය.ආදරය කියන එක මගේ ජීවිතයේ ඉහළම තැනක තියන් ඉන්න කෙනෙක්.
මම මේ විදිහට හරස් ප්‍රශ්නයක් අහන්නද?ඔයාට සාපේක්ෂව ආදරය කියන්නෙ මොකද්ද?
මට සාපේක්ෂව ආදරය කියලා කියන්නේ අද මේ මොහොතවන විට ජීවිතයටම තමයි.ආදරය දෙන්නෙක් තුළ ඇතිවන පේ‍්‍රමය වෙන්නෙ පුලුවන්. අපි ආදරය කරපු කෙනෙක් අපේ ජීවිතවලින් අයින්වෙලා ගියොත් අපි ජීවත්වෙයි. අපිට තියෙන බන්ධනත් එක්ක. හැබැයි ඒ අපිට තියෙන වගකීම් නිසා. සමහරවිට ඒ ජීවත් වේනනේ අපිව අපිම අමත කරගෙන වෙන්න පුලුවන් .ඉතින් මම කියන්නේ ආදරේ කියන්නේ ජීවිතය කියලා.
කුමන ක්ෂෙත්රයක වුනත් ලේඛකයෙකුට ලේඛිකාවකට තමන්ගේ අනුභූතින් ඉවහල් වෙනවා පාදක කරගන්නවා තමන්ගේ කුමන හෝ නිිර්මාණයක් සඳහා. ඔබේ මේ ටෙලි නාට්‍ය නිර්මාණ සහ නවකතා ආදී නිර්මාණ සඳහා පාදක වෙන්නෙත් එම අත්දැකීමමද ?
ඔව් මූලික වශයෙන් බලපෑමක් ඇති කරනවා යම් ලිවීමක් අරඹයා. ඒ වගේම මා අවට ජීවත්වන මිනිස්සු මම දන්න ඇසූ විස්තර ආදිය ත් ඉවහල් වෙනවා නිර්මාණයක් කරද්දි.නමුත් මට මම විඳපු දේවල් තමා ලියන්න පුලුවන් වෙන්නෙ.
නිෂ්පාදිකාවක් සහ තිර රචිතාව විදිහට කොහොමද 'බන්ධනා' හි වගකීම්
ලියන එක මම කියන්නේ නැහැ ලේසියි කියලා.මේ ටෙලි නාට්‍ය විකාශය වෙමින් පවතින එකක්. මාස ගානකට කළින් මෙහි පිටපත ලියවෙන්නේ නැහැ. රූගත කිරීම් වලට සූදානම් වෙන්න කළින් මම ටෙලි නාට්‍ය කොටස ලියනවා.මම .එහෙමයි කියලා මුලක් මැදක් අගක් නැතුව ලියන්නම් වාලේ ලියනවා නෙමේ. බන්ධනා මගේ හිත ඇතුලෙ ජීවත්වෙනවා. ඉතින් ඒ හැම චරිතයක්ම අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට කතාවේ ගලා යාමට සහ එහි සමබරතාව ආරක්ෂා කරගනිමින් ලියනවා.ඇත්තටම ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙණ්ඩිස් කලාකරුවා මගේ පිටපත දැකලා කිව්වා මේ පිටපත දැක්කහම සෝමවීර සේනානායක වැනි ප්‍රවීණයෙක්ගෙ පිටපත් රචනාව මතක් වෙනවා කියලා. මම පිටපතේ දෙබස් විතරක් නෙමේ එහි සියලු දේ සටහන් කරනවා. අවස්ථාවට සහ රංගනයට අදාල. ඒ වගේම කන්ටිනිවුටි පවා ලියනවා . ඉතින් ඒ වගේ ප්රවීණයකුගෙන් හොඳක් අහන්න ලැබීම සතුටක් බන්ධනා තිර පිටපත් රචිතකාව විදිහට .
නිෂ්පාදකවරියක් ලෙස ගත්තහම වර්තමාන ආර්ථික සමාජ දේශපාලනික කාරනාවලදි යම් යම් දුෂ්කරතාවලට මුහුන දෙන්න සිදුවුනා. නමුත් ඉතා ඉවසීමෙන් සහ නිසි කළමනාකරණයෙන් යුතුව එම කාරණයත් කරගෙන යනවා. ඇත්තටම ස්වර්ණවාහිනී ආයතනය නිසි වෙලාවට මුදල් ලබාදෙනවා . ඒ ලැබෙන මුදල් අපි නැවත ආයෝජනය කරන කොට නිසි පරිදි කළමනාකරණය කරගත යුතුයි. නිෂ්පාදකවරයෙක් විදිහට මුදල් වියදම් කරලා පැත්තකට වෙලා බලන් ඉන්න බැහැ .නිෂ්පාදකවරයාගේ අධීක්ෂණය වගේම අවදානය නිසි පරිදි යොමුකිරීම හරිම වැදගත්. නිසිලෙස මූල්‍ය කළමනාකරණය කරගත යුතුයි.මම මීට පෙර විවිධ ආයකන තුළ වැඩ කිරීමෙන් වගකීම් දැරීමෙන් ලද අත්දැකීම් බන්ධනා නිෂ්පාදනයෙදි ඉවහල්වුනා. වාසනාවකට මගේ නිෂ්පාදන කණ්ඩායම තුළ මට ප්‍රශ්න ඇතිවෙලා නැහැ.
හුගක් වෙලාවට පවතින ගැටුලු එක්ක හුගක් දුර ගිහින් රූගත කිරීම් කරන්න පුලුවන්ද මේ වගේ නාට්‍ය?
ඇත්තෙන්ම අපි බජට් එක ගැනත් නිර්මාණය ගැනත් හිතන්න ඔ්නෙ. අපි මේ කාලයේ රූගත කිරීම් කරන්නෙ කොට්ටාව, පන්නිපිටිය, කෝට්ටෙ ආදී ප්‍රදේශවල. කොළඹ අවටම රූගත කිරීම් සිදුවෙනවා.
ඔබේ බන්ධනා සඳහා රංගනයෙන් දායක වන්නෙ කව්ද?
විශ්ව කොඩිකාර ,චතූ රාජපක්ෂ. ඇත්තටම චතූ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඔ්නෙ. චතූ රූපවාහිනී දීර්ඝ නාට්‍යක පළමුවන වතාවටයි මෙහි රගපාන්නේ.චතූ කරන්නෙ ද්විත්ව චරිතයක් ඒ බන්ධනා සහ ලක්මි කියන චරිතය.කුසුම් රේනු ශ්‍රීයන්ත මෙණ්ඩිස්, මොරීන් චාරුණී ,හිරාන් යට්ටෝවිට, සේහා මිනර්වා( හඳුන්වාදෙන ළමා නිළි)පියුමි බෝතේජු, බුද්ධික ජයරත්න, සඳනි ප්‍රනාන්දු ,ඉෂාන් මෙණ්ඩිස් ,සචින්තනී කෞෂල්‍යා, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසංහ, සනෝජා බිබිලේ ඇතුලු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
ඔබ සතියෙන් සතියට නළු නිළියන් හඳුන්වා දෙනවා විවිධ චරිත වලින්?
ටෙලි නාට්‍ය බලන කෙනෙකුට දකින්න පුලුවන් මේ සඳහා එකතුවෙන්නෙ ප්‍රවීණ ජනප්‍රිය අය. උදාහරණයක් ලෙස ගත්විට ශ්‍රීයන්ත මෙණ්ඩිස් සහ මොරීන් චාරුණී. කලකදී ඒ දෙනො යුවලක් හැටියට ටෙලිවිෂන් තිරයෙ නිරූපණය කරනු ලැබුවා. ඉතින් මම හිතුවා පේ්රක්ෂකයන් ආදරය කළ තරුබන්ධනා සඳහා දායක කරගන්න මොකද පිටපත තුළ එවැනි තරු නළු නිළියන් 'බන්ධනා' තුළ රගපානව දකින්න මම වගේම පේ්රක්ෂකයනුත් කැමති ඇති කියලා හිතලා. ඇත්තටම මම හිතනවා ඒ තුළින් වෙනම හැඩයක් නාට්‍යට එකතුවුනා කියලා.
'බන්ධනා' හි නිෂ්පාදිකාව ලෙස සහ තිරපිටපත් රචිකාව ලෙස ඔබගේ බන්ධනා ටෙලිනාට්‍යයේ අධ්යක්ෂවරයාගේ කාර්්‍ය භාරය ඔබට දැනෙන්නෙ කොහොමද?
මෙහි අධ්යක්ෂ තිශූලදීප තඹවිට මහතා.ඇත්තටම ඔහු හරිම නම්‍යශීලි අයෙක් විදිහටයි මට දැනෙන්නේ මා තිරපිටපත් රචිකාව ලෙස ලියාදෙන දේම කරන අධ්යක්ෂවරයෙක් නෙමෙයි ඔහු. ඔහුගේ නිර්මාණශීලි දායත්වය තුළින් චරිත මෙහෙයවමින් වඩා වැඩි යමක් ලබාදෙනවා නිර්මාණයට. ඉතින් මම හිතන්නේ අධ්යක්ෂවරයා ඔහුගේ කාර්්‍ය නිසි ලෙස ඉටු කරනවා කියලය.බන්ධනා අප සියලු දෙනොගේම සාමුහික ව්‍යායාමයක්.
'බන්ධනා' පේ්රක්ෂක දායකත්වය වැඩිපුරම තියෙන්නේ යූටියුබයෙන් ද රූපවාහිනියෙන්ද ?
ඇත්තටම මට සංසන්දනාත්මකව කියන්න බැහැ වැඩිපිරිසක් නරඹන්නේ කුමන මාධ්‍ය තුළින් ද කියලා... නමුත් බන්ධනා ආරම්භ කළ අප්‍රියෙල් 23දා සිට අද මේ වනතුරු හොඳ පේ්රක්ෂක පිරිසක් බන්ධනා ට ඉන්නවා. හොඳ රේටින්ග්ස් තියෙනවා.
නවක නිෂ්පාදිකාවක් විදිහට ඔබට කුමනාකාර හැගීමක්ද දැනෙන්නෙ ලංකාවේ ටෙලි නාට්‍ය සම්බන්ධව.
ටෙලි නාට්‍ය ගත්තොත් මට හිතෙන දෙයක් තමයි වෙනස් තේමාවකින් ගත් ටෙලි නාට්‍යක් ජනතාව ඉතා ඉක්මනින් ආකර්ශණය කරග්ත්තොත් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා ඒ කතා තේමව ට සමානව යමක් නිර්මාණය කරන්න. මම ඊට වඩා වෙනස්වෙන්න හිතුවෙ ලංකාවේ ටෙලිවිෂන් ඇතුලෙ ආදරේ හරි අඩුවෙන් කතාකරන්නෙ .ටෙලි නාට්‍ය තුළ හුගක් වෙලාවට ගැටුම් දාමරිකකම් ඒ වගේ දේවල් තමයි දකින්න ලැබෙන්නෙ. එහෙමවුනහම ඒකාකරී වීම් තුළ පේ්රක්ෂකයන්ට ටෙලි නාට්‍ය රසවිඳීම එපා වෙන්න පුලුවන් . එහෙමවුනහම තමයි පේ්රක්ෂකයො නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නෙ සමහර නිර්මාණ වෙනත් රටක නිෂ්පාදනයක් කොපි කිරීමක් තුළින් නිර්මාණය කරනවා. සමහරු චිත්‍රපට තුළින් ටෙලි නාට්‍ය ගොඩ නගනවා.පේ්රක්ෂකයන්ට අද ඔ්නෙ තරම් අවස්ථාව තියෙනවා විවිධ විදිහට ලෝකෙ නිර්මාණය කරන ඔ්නෙම රූපවාහිනී සීරිස් එකක් චිත්‍රපටයක් බලන්න. ඉතින් එහෙමවුනහම පේ්රක්ෂකයෝ වහාම අඳුනගන්නවා නිර්මාණයේ මුල් තියන්නෙ කොහෙද කියලා. අපේ රටේ අපේ ජීවිතවල කතා තියෙනවා. අපේ කතාව කයන්නේ අපේ සමාජය තුළ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත. බන්ධනා තුළින් මම කතාකරන්නේ මේ රටේ පවුලක් ගැන. ඒ මිනිස් ජීවිතවලට කොයි තරම් ආදරය අවශ්‍ය ද කියන කාරණය සම්බන්ධව ආදරය නිසා මිනිස්සු කොයිතරම් නැවුම්ව ජීවත්වෙනවද කියන කාරණය .තමන් වෙනුවෙන් ජීවත්වෙනවා කියලා දැනෙනකොට ඇතිවන හැගීම පිළිබඳව.
ඔයා විශ්වාස කරනවද අද ලංකාවේ මිනිස් සමාජය තුළ ඔයා ඔය කියන ආදරය තියෙනවා කියලා.?
මටත් මගේ ජීවිතය ඇතුළෙ ඒ ආදරය සමහර අවස්ථාවල ලැබිලා නැහැ කියලා දැණුන අවස්ථා තිබිලා තියෙනවා. නමුත් මම ආදරය දෙන්න කැමති කෙනෙක් සහ ආදරය විඳින්න කැමති කෙනෙක් .හැබැයි මට ආදරය ලැබුනාද කියන ප්රශ්නය මට තියෙනවා. නමුත් ඒ ක වෙනම දෙයක්.ඔයා අහපු කාරණය ගත්තොත් මටත් හිතිලා තියෙනවා මේ ලෝකෙ ආදරය කියලා එකක් නැහැ කියලා .අදටත් එහෙම දැනිච්ච තැන් තියෙනවා.හැබැයි ආපහු මම හිතනවා මම ඉන්නවනේ එහෙම මම වගේ මම විතරක් නෙමේනේ මේ සමාජයේ ජීවත්වෙන්නෙ. ආදරේ ඇති. ඒත් ඒ ආදරේ හරි විරලයි කියලා මම හිතනවා. හොයාගන්නම නැති තරම්.
ආදරේ ඇතුළෙ ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
මම ආදරේ ඇතුළෙ බලාපොෙරොත්තු වේන්නෙ ජීවත්වෙන්න.ආදරේ ලැබෙනකොට මිනිස්සුන්ගේ හිත් තුළ පිබිදීීමක් ඇතිවෙනවා. ඔ්නෙ තරම් වැඩ කරන්න පුලුවන්.ශක්තියක් නැවුම් බවත් ඇතිවෙනවා. හිත සතුටින් තියෙනකොට අපි ට උද්ේයා්ගය ඇතිවෙනවා. අපේ මුලු ජීවිතයම අලුත් බවක් දැනෙනවා.
'බන්ධනා'කණ්ඩායම ගැන කියන්න අපිට කොහොමද ඒ කන්ඩායම් සමග රටේ ආර්ථික අවපාතයන් සමග ඉහ ගසා සිටින්නේ?
ඇත්තටම සියලු දෙනා සම්බන්ධයෙන් මම වාසනාවන්තයි කියලා හිතෙනවා. විශේෂයෙන් නළුනිළියන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් ම මතක් කරන්න ඒනෙ විශ්ව කොඩිකාර. ඔහු පිටපත් දුන් දවසෙ ඉඳන් අද වෙනකම්ම් බන්ධනා වෙනුවෙන් කැපවී සිටිනවා. ඔහු පළමු වතාවටයි මා එක්ක වැඩ කරන්නේ. ආවා වැඩේ කරා මුදල් ගත්තා ගියා ජාතියෙ රංගන ශිල්පියෙක් නෙමේ. ඉතින් අනිත් අයත් සියලුම දෙනාත් ඔවුන්ගේ උපරීම සහයෝගය දෙනවා.නළු නිළියන් මගේ වැඩෙත් එක්ක සතුටින් ඉන්නෙ කියලා මට කියලා තියෙනවා.
ඔිනෙම නිර්මාණයක් කරගෙන යනකොට ඇතිවන යම් යම් ගැටලු මතුවෙනවා. බන්ධනා තුළත් ඇති නොවුනා කියලා මම කියන්නෙ නැහැ. යම් යම් දේ ඇතිවුනත් ඒ සියල්ල අවම කරගෙන කටයුතු කරගෙන යනවා.
මේ වෙලාවෙ මම කියන්නෙ ඔ්නෙ මුදල් බලාගෙන විතරක් මේ ක්ෂෙත්රයේ කුමන තනතුරකවත් වගකීම් දැරිය යුතු නැහැ. මොකද අපිට විනයක් කියලා දෙයක් තියෙන්නෙ ඒනෙ. වැඩ කරන තැනට වැඩ කරන අනෙක් ශිල්පීන්ට ගෞරවයක් තියෙන්න ඔ්නෙ. සමහරු ඉන්නවා ගැහැනියක් එක්ක එයාලට ඔ්නෙ විදිහට නම්මගෙන වැඩ කරන්න පුලුවන් කියලා හිතන. නමුත් තමන් කරන වැඩේ ගැන වගකීමක් නැහැ.තමන් කරන කටයුත්ත පිළිබඳ තමන්ට හොඳ හැදෑරීමක් තියෙන්න ඒනෙ. ඒක පාසලකට ගිහින් ඉගෙන ගන්න බැරිවෙන්න පුලුවන් නමුත් වැඩ කිරීමෙන් ලබන අත්දැකීම් හරියට මෙහෙයවා ගත්තොත් තමන්ට තමන්ගේ වෘත්තීය තුළ නිපුනත්වයක් ලබාගන්න පුලුවන් . ඒ වගේම නිසි විනයක් පවත්වාගෙන යාමත් හරි වැදගත්. ලංකාවේ එහෙම අය හරි අඩුයි.
ඔයාට ලැබෙන ප්රථිචාරකොහොමද?
ඇත්තටම මම මෙහි තිර රචිකාව සහ නිෂ්පාදකවරිය පමණයි . මම රගපාන්නෙත් නැහැ. නමුත් මාව හඳුනාගන්නා පිරිස් බන්ධනා ගැන කතාකරනවා. ඔවුන්ගේ යහපත් ප්‍රථිචාර ලැබෙනවා. බන්ධනා නරඹණ විදෙස් පේ්රක්ෂකයින් බන්ධනා නලු නිළියන්ට තෑගි බෝග පවා එවනවා.
බන්ධනා නතරවෙන්නේ කොතැනින්ද?
ඇත්තටම මේක පටන් ගත්තේ කොටස් 100ක ටෙලි නාට්‍යක් ලෙසිනුයි. එලැඹෙන සිකුරාදා 100 වෙනි එපිසෝර්ඩ් එක විකාශය වෙනවා. නාලිකාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රේක්ෂක ප්‍රථිචාර මත තවත් කොටස් කීපයක් කරන්න කියලා. කොහොමවුනත් තව උපරිමයෙන් කොටස් 50ක් හෝ ඊට අඩුවෙන් ඉවර කරන්න තමයි මගේ අදහස තියෙන්නේ.මේ කතාවේ අවසානය දකින කෙනා හැටියට මට එහෙම කියන්න පුලුවන්.
බුද්ධිනී ජයවර්ධන ව මේ රටේ අය හඳුන්නේ හඩ කැවීම් ශිල්පිණියක් නවකතා රචිකාවක් ඒ වගේම ගී පද රචිකාවක් සහ දැන් තිර පිටපත් රචිකාවක් සහ නිෂ්පාදකවරියක් විදිහට.ඉතින් කවද්ද ඔය අධ්යක්ෂවරියක් වෙන්නෙ?
ඇත්තටම එහෙම අහනකොටත් මගේ ඇග හිරිවැටෙනවා වගේ ...මම කවදා හරි එතෙන්ට යයි. මම හිතනවා මම තව කාලයක් ඊට අවශ්‍යයි. ඇත්තටම මට ඒ අදහස මුළින්ම දැම්මෙ නයනා කුමාරි අක්කා. එයා කිව්වෙ ඔයා හරි ලස්සනට ආදරේ ගැන ලියලා තියෙනවා. ඒ වචන හරි ලස්සනයි තිර පිටපතක් ලියන කෙනෙකුට චරිත පිළිබඳ පළමු අදහස එන කෙනා ලෙස එම චරිත හැසිරවීමට පුලුවන් කියලා නළු නිළියන් තුළින්. නමුත් ඉතින් තිරපිටපත් ලියන හැමකෙනෙක්ම අධ්‍යක්ෂකවරයෙක් වරියක් වෙන්නෙ නැහැ. නමුත් මම ඒ හීනෙට යන්න ආසයි දවසක.
බුද්ධිණී හෙට දිනක අධ්යක්ෂවරියක ලෙස ද ඔබට හමුවේවි.
මනෝහාරී