අනුෂා සිවලිංගම් විසින් පරිවර්තනය කරන ලද “දුර දසුනක හිරු ගිනිගෙන - ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කවි” කෘතිය එළිදැක්වීම හා සංවාදය හෙට දින එනම්,
පෙබරවාරි 26 වන බ්‍රහස්පතින්දා,
සවස 4.00ට,
අංක 102/3, බාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පිහිටි නීතිය හා සමාජ භාරය (LST) ආයතනයේදී පැවැත්වෙනවා.
ස්ථානය නිවැරදිව බලාගන්න මෙතනින් - Click Here
මෙදින කෘතිය පිළිබඳව මූලික අදහස් දැක්වීම සදහා අචාර්ය ප්‍රභා මනුරත්න සහ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක එක්වන්නට නියමිතයි.
වැඩසටහන මෙහෙයවීම - කුමාරි කුමාරගමගේ විසිනි.
මෙම අවස්ථාවට එක් වන මෙන් මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කොට සිටිනවා.

මතු දැක්වෙන්නේ “දුර දසුනක හිරු ගිනිගෙන - ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කවි” කෘතිය පිළිබඳව පරිවර්තිකාව තැබූ සටහනකි.
(උපුටා ගැනීම)
මේ භූමියේ ඉපදී ජීවත් වී, මරා දැමුණු - ඝාතනය කළ - අතුරුදන් කළ සහ සිය දිවි නසාගැනීමට බල කළ ගැහැනු මිනිසුන් සහ තවමත් ‘ජීවත්වන’ ගැහැනුන් විසින් දෙමළ භාෂාවෙන් ලියූ කවි කිහිපයක් සිංහලට භාෂාවට පරිවර්තනය කර ඇත. ‘දුර දසුනක හිරු ගෙන’ නමින් කෘතියක් ලෙස ඒ කවි, පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා සවස 4 ට දොරට වඩී.
මලෛයහම් ජනතාවගේ වෘත්තීය සටනේ සිට යාපනය චෙම්මනි සමූහ මිනී වළ දක්වා දිගහැරෙන වීඩාව, කෝපය, වෛරය පමණක් නොව සටන්කාමීත්වය සහ ආදරය ඔබට යමක් පවසනු ඇත.
ඔබ ඇවිත් යන්න එන්න. ඒ හඬ අතර ඔබටත් දෙයක් කියන්න ඉතිරිව තියෙයි.
(උපුටා ගැනීම අවසන්)

(සටහන 'Sivalingam Anu' ෆේස්බුක් පිටුව ඇසුරිනි)









