lan englan tam

අතන මෙතන

"විජ්ජුලතාගේ තනේ" 10 දා එළිදකී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාට්‍ය කරුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිරපිටපත් රචකයයෙක් ද වන රජීව් ආනන්ද විසින් රචිත "විජ්ජුලතාගේ තනේ" නම් කෙටි කතා සංග්‍රහය,

2026 මාර්තු 10 වන අඟහරුවාදා, සවස 2.00  ට, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙනවා.

කතුවරයා සිය ජීවන ගමන් මගේ මුහුණ දුන් අපූරු සිද්ධීන් දහයක් එකට කැටිකර ගනිමිනුයි මෙම "විජ්ජුලතාගේ තනේ" නම් කෙටි කතා සංග්‍රහය රචනා වී ඇත්තේ.

මෙදිනට සාහිත්‍ය, වේදිකා හා සිනමාවට සම්බන්ධ විද්වතුන් රාශියක් ද සහභාගී වීමට නියමිතයි.

සම්ප්රදායික පොත් එළිදැක්වීමකට එහා ගිය සුහද හමුවකින් සමන්විත මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට විවෘත ආරාධනාවක් කොට සිටිනවා.

 

644401708 3508174772670668 8337722372142460523 n

 

මතු දැක්වෙන්නේ මෙම "විජ්ජුලතාගේ තනේ" කෘතිය එළිදැක්වීම හා කතුවරයා පිළිබඳව කාව්‍ය හා ගේය පද රචක ඩයස් කිරි ආරච්චි විසින් තැබූ සටහනකි.

"රජීව් ආනන්ද යනු වේදිකා නාට්ය, ටෙලිනාට්ය සහ සිනමාව අධික්රමණය කළ නිහඬ සහ සැගවුන චරිතයකි. වේදිකානාට්ය ගණනාවකින්ද , සිනමාපට ගණනාවකින්ද, ටෙලිනාට්ය නාට්ය ක්ෂේත්රයේද සැඟව දසක්ම් පෙන්වූ අපූරු නිර්මාණවේදියෙකි.
 
ඔහුගේ සියුම් කලා ස්පර්ශයන්හී දෑවැන්ත පරාශයන් මාදැක ඇත. එවන් අපූරු නාට්ය කරුවා, අධ්යක්ෂක වරයා තිරපිටපත් රචකයා සිය ජීවන ගමන් මගේ මුහුණ දුන් අපූරු සිද්දීන් දහයක් එකට කැටිකර "විජ්ජුලතාගේ තනේ" නමින් කෙටිකතා සංග්රහයක් මෙම මස 10 දින කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේදී එළි දක්වනවා ඇත.
 
සීගිරි අප්සරාවකගෙ රූ සපුවට පෙම්බඳින තරුණයකුගේ සිතිවිලි හරහා ඇතිවූ වෘතාන්තයක් මෙන්ම, 88-89 රටේ සිදුවුන මහා ව්යවසනය ඇතුලු සමාජය උඩුයටිකුරු කළ ඔබ අප මුහුණ දුන් මෙරට දේශපාලන සහ සමාජමය සිද්දීන් ගණනාවකට අකුරෙන් ජීවය සදාලන මේ කෙටිකතා සංග්රහය ඔබට නැවුම්අපූරු රසාස්වාදයක් එකතු කරාවි..
 
හමුවෙමු රූපවාහිණියේ රිදී තිරයේ අපූරු නිර්මාණවේදීන් රැසක් පිරිවරාගෙන....
මාර්තු 10 සවස 2.00ට කොළඹ මහජන පුස්තකාලයේදී"

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom