lan englan tam

අතන මෙතන

වේදිකාවේ ඔබ දකින ඔබව දකින්න; කොළඹ කමත උළෙල මෙවරත්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කමත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරන ජනප්‍රිය වේදිකා නාට්‍ය උළෙලක් වන"කොළඹ කමත උළෙල”(2026),

එළඹෙන මාර්තු 27 – 28 – 29 යන තෙදින, BMICH, කොළඹ කමත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම දින තුන පුරාවට ලාංකේය නාට්‍ය කලාවේ රසය, හැඩය, විවිධත්වය ඔබ හමුවට ගෙන එමින්, දිවයින පුරා නිර්මාණකරුවන්ගේ සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සමන්විත නාට්‍ය 21 ක් වේදිකාගත වීමට නියමිතයි.

මීට අමතරව, මුළු රට පුරාම විහිදුණු නාට්‍ය වේදීන් සමගින් නාට්‍ය වැඩමුළු, සංවාද, පුහුණු සැසි රැසක් ද මෙවර උළෙලට ඇතුලත්.

මිතුරන්, පවුලේ අය, ආදරවන්තයන් සැවොම සමගින් නාට්‍ය නරඹන්න - නාට්‍ය පිළිබඳව කතාකරන්න - කලාකරුවන් එකට මුණගැසෙන්න - සාමිච්චියේ යෙදෙන්න - දවස ගතකරන්න, ඔබත් එන්න!

කොළඹ කමත නාට්‍ය උළෙල 2026 ‘වේදිකාවේ ඔබ දකින ඔබව දකින්න”

 

ප්‍රවේශ පත්‍ර දැන් ඔබට www.kolambakamatha.com/tickets වෙබ් අඩවිය ඔස්සේ මිලදීගත හැකියි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න 'Kolamba Kamatha' නිල ෆේස්බුක් පිටුව වෙත.

 

652971982 963254399970629 6231325079581825621 n

652528552 963254473303955 129641348897828128 n

kemadasa

shungara

Back to top
Go to bottom