රුමේනියානු - ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි සිංහල අනුවර්තනයක් වන 'තට්ට ගායිකාව' කෘතිය සැප්තැම්බර් 2 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී දොරට වැඩීමට නියමිතය.
තට්ට ගායිකාව සිංහල අනුවර්තනය කංචුකා ධර්මසිරි සහ ලොහාන් ගුණවීර විසිනි.
එහි දී මහාචාර්ය අශෝක ද සොයිසා, ප්‍රවීණ ඡායාරූපවේදී හේමන්ත අරුණසිරි, මහාචාර්ය සිවමෝහන් සුමදි සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම කෙටි දෙසුම් පවත්වනු ලැබේ.
එසේම 'තට්ට ගායිකාව' නාට්‍යය, නාට්‍ය කලාව සහ පරිවර්තන සාහිත්‍යය පිළිබඳ සාකච්ඡා සභාවක් පැවැත්වීමට නියමිත වේ.
මෙම කෘතියට 'තට්ට ගායිකාව' නාට්‍ය පිටපතට අතිරේක ව යූජෙන් ඉයොනෙස්කෝ සිය නාට්‍යය පිළිබඳ වරින් වර රචනා කළ කෙටි ලිපි තුනක් ද නාට්‍ය විචාරක මාටින් එස්ලින් ලියූ අභූතරූපී රංගය (The Theatre of the Absurd) නමැති සුප්‍රකට ලිපිය ද 'තට්ට ගායිකාව' පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ කංචුකා ධර්මසිරි ලියූ ලිපියක් ද සහිත උපග්‍රන්ථයක් ඇතුළත් වේ. 'තට්ට ගායිකාව' නාට්‍යය 2002 - 2016 කාලපරිච්ඡේදය තුළ කංචුකා ධර්මසිරිගේ අධ්‍යක්ෂණයෙන් යුතු ව වේදිකාගත විය.
කෘතිය ස්ටාර් ප්ලස් පබ්ලිකේෂන්ස් ප්රකාශනයකි.