40 වන සංවත්සරය සමරන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කෞතුකාගාරය
1938 දී හිට්ලර් ගේ නාසි අන්තවාදය මනෝවිශ්ලේෂණයේ පියා ලෙස හදුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වෙතද එල්ල විය.
වියනා නුවර පිහිටි ඔහු දිගු කලක් සිටි නිවස නිරතුරු හමුදා සෝදිසියට ලක්විය. වටිනා පොත්, සටහන් නාසි ගින්න තුල අළුවිය. ඔහු ගේ බාල දියණිය වන ඇනා ෆ්‍රොයිඩ් නම් ළමා මනෝවිශ්ලේෂණිය කැදවා ප්‍රශ්න කරන ලදී.
අවසන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඇතුළු පවුලේ සැම වියානා නුවර සිට ලන්ඩන් නුවරට පැමිණීමට තීරණය කළේය.
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ජීවිතය අවසානය තෙක් ලන්ඩන් නුවර ජීවත්විය.

ඔහු සිටි නිවාසය 1986දී කෞතුකාගාරයක් බවට පත් විය.

මිනිස් මනසේ අඳුරු පැති සොයාගත් මිනිසාට, මිනිස් සමාජයේ අඳුරු පැත්තෙන් පලා යාමට සිදු වීම ඉතිහාසයේ විශාල විරුද්ධාභාසයක් නොවේද?
- ගයියා-
වැඩි විස්තර - Freud Museum London















