රේමන්ඩ් චැන්ඩ්ලර් (Raymond Chandler) යනු රහස් පරීක්ෂණ කතාවක් හුදෙක් අපරාධයක් විසඳීමේ කතාවක් පමණක් නොවන බව ලෝකයට පෙන්වා දුන් විශිෂ්ට ඇමරිකානු ලේඛකයෙක්.

අපරාධය සිදුකලේ කවුද යන ප්‍රශ්නයට පමණක් පිළිතුරු සෙවීම වඩා එය එම අපරාධය ඇති කළ සමාජ තත්වයන්, මිනිසුන්ගේ ඇදුරු ආශාවන්, දුර්වලතා, බිය සහ මානසික ගැටුම් ඔහු පුළුල් ලෙස අවධානයට ලක් කරන ලදී.
ඔහු නිර්මාණය කළ ෆිලිප් මාර්ලෝ (Philip Marlowe) නම් පෞද්ගලික රහස් පරීක්ෂක චරිතය හරහා, අපරාධ ලෝකය පමණක් නොව මිනිස් ස්වභාවය, තනිකම, දූෂණය සහ සත්‍යය සෙවීම පිළිබඳ ගැඹුරු ප්‍රශ්නද ඉදිරිපත් කළේය.

ඇල්ෆ්‍රඩ් හිච්කොක් නම් සිනමාවේ දැවැන්තයා 'Strangers on a Train' සඳහා තිර රචනයට චැන්ඩ්ලර් සම්බන්ධ කරගනී. නමුත් දෙදෙනාගේ කලාත්මක අදහස් ගැලපෙන්නේ නැත.හිච්කොක් වැදගත් ලෙස අවධාරණයට යොමුකළේ දෘශ්‍යමය (visual) කථාන්දර කීමේ ක්‍රමයයි . චැන්ඩ්ලර් ට කැමති වුණේ දෙබස් හා චරිත මූලික කථාන්දරයක්. මේ නිසා ඔවුන් අතර දැඩි මතභේද ඇති වුණා.අවසාන ප්‍රතිඵලය වුයේ චැන්ඩ්ලර්ගේ මුල් තිර රචනයෙන් වැඩි කොටසක් හිච්කොක් භාවිතා නොකිරීමයි.

මෙම දැවැන්තයින් දෙදෙනාගේ මතබේදය සාහිත්‍ය සහ සිනමා රචනය අතර ඇති වෙනස බොහෝ චිචාර සංවාද පෝෂණයට උදවු විය.
අපරාධ සිදුවන සමාජ හදවත සොයාගිය රේමන්ඩ් චැන්ඩ්ලර් නම් විශිෂ්ට නවකතා කරුගේ 138 වන ජන්ම දිනය අදයි. (Jul -23 )
-ගයියා-












