‘කොළඹ සාහිත්‍ය උළෙල 2026’ ට සමගාමීව, Goethe-Institut Sri Lanka විසින් Page to Screen Film Festival සංවිධානය කරයි.
ලෝක සාහිත්‍යයෙන් උපන් කතා සිනමාව ඔස්සේ නව ජීවයක් ලබන ආකාරය සමරන මෙම චිත්‍රපට උළෙල, සාහිත්‍යය සහ සිනමාව අතර ඇති අද්විතීය සබඳතාවය අත්විඳීමට අවස්ථාවක් සලසා දෙයි.
ජර්මනිය, ප්‍රංශය, බංග්ලාදේශය, ඉන්දියාව, තුර්කිය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන සම්මානලාභී චිත්‍රපට රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර, ලිඛිත කතා සිනමා තිරය මත නව අරුතකින් දිග හැරෙන අයුරු එමඟින් විදහා දැක්වේ.
සියලු දෙනාටම විවෘත මෙම චිත්‍රපට උළෙලට එක්ව, සාහිත්‍යය සහ සිනමාව එකිනෙකා හමුවන අපූරු අත්දැකීම විඳින්න.
2026 ජූලි 25 සිට 29 දක්වා















