ප්‍රවීණ සාහිත්‍යවේදි ජයකොඩි සෙනෙවිරත්න මෙරට සාහිත්‍ය ක්ෂේත්රයට කළ මෙහෙවර ඇගයීම පිණිස උපහාර පිදීමේ උත්සවයක් ඔක්තෝබර් මස 10 වැනි දින සවස 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
උළෙල පැවැත්වෙන්නේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ය.
එහි මුලසුන හොබවන්නේ ප්‍රවීන සාහිත්‍යවේදී සෝමවීර සේනානායක වන අතර ප්‍රධාන දේශනය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් සිදු කිරීමට නියමිතය.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය ටෙනිසන් පෙරේරා ද මේ සඳහා සහභාගී වනු ඇත.
ජයකොඩි සෙනෙවිරත්නයන් විසින් ග්රන්ථ හැටකට අධික සංඛ්‍යාවක් මෙරට සාහිත්‍ය වෙත දායාද කොට තිබේ.