විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පීටයේ “Academic Players” කණ්ඩායම විසින් සංවිධාන කරනු ලබන “කැලණි සරසවි නාට්‍ය උළෙල -2017” මෙම මස 24 වැනිදා සිට නොවැම්බර් 2 දක්වා කැලණිය විශ්වවිද්‍යාල ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නාට්‍ය වේදිකා ගත කරන්නේ සෑම දිනකම ප.ව. 3.30 ට සහ ප.ව. 6.30 ටය.
වේදිකා නාට්‍ය ප්‍රදර්ශන කාල සටහන මෙසේය,
හර්ෂිකා රත්නායකගේ “කළුවර” ඔක්තෝබර් 24 වැනිදා
රාජිත දිසානායකගේ “මට වෙඩි තියන් නැද්ද” ඔක්තෝබර් 25 වැනිදා
සංජිව ගුණරත්නගේ “ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව” ඔක්තෝබර් 26 වැනිදා
ලක්මාල් දයරත්නගේ “මම වෙනම කෙනෙක්” ඔක්තෝබර් 27 වැනිදා
ප්‍රියංකර රත්නායකගේ “ප්‍රේමවන්ත කුමාරයෝ” ඔක්තෝබර් 30 වැනිදා
චාමික හත්ලහවත්තගේ “රජා මං වහලා” ඔක්තෝබර් 31 වැනිදා
ප්‍රියංකර රත්නායකගේ “අද වගේ දවසක ඇන්ටිගනි” නොවැම්බර් 1 වැනිදා
සෝමලතා සුබසිංහගේ “විකෘති” නොවැම්බර් 2 වැනිදා