කෘතහස්ත නාට්‍යවේදී සුගතපාල ද සිල්වා අනුස්මරණය කරමින් ‘සොඳුරු ආඥාදායකයා – 15 වැනි ස්මරණාවලෝකනය’ වැඩසටහන ඔක්තෝබර් මස 19 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ස්මරණාවලෝකන වැඩසටහන එදින සවස 4.00 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණීභාරත ශාලාවේ දී ආරම්භ වනු ඇත.
සුගතපාල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද ‘බෝඩිං කාරයෝ’ නාට්‍යයට සහ ‘අපේ කට්ටිය’ නාට්‍ය කණ්ඩායමට 55 වසරක් පිරීමේ සැමරුම ද ‘බෝඩිංකාරයෝ’ වේදිකා නාට්‍ය පිටපත එළිදැක්වීම ද එම අවස්ථාවේදීම සිදු කිරීමට නියමිතයි.
ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් වැඩසටහනේ මුලසුන හොබවන අතර ජැක්සන් ඇන්තනී විසින් වැඩසටහන මෙහෙයවීමේ කටයුතු සිදු කරනු ඇත.
සමන් අතාවුදහෙට්ටි, කරුණා පෙරේරා, දයා තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි සහ බුද්ධදාස ගලප්පත්ති එහි දී අදහස් දැක්වීමට නියමිතයි.
මෙම කර්තව්‍ය සංවිධාන කරනු ලබන්නේ ‘අපේ කට්ටිය’ සහ ‘ඇකඩමික් තෙස්පියන්ස්’ නාට්‍ය සංගමය එක්වය.