හඬ කැවීමේ ශිල්පය පිළිබඳව අතුල රන්සිරිලාල් විසින් ලියන ලද “හඬකැවීම් කලාව” කෘතිය හෙට දින එනම් 22 වැනිදා රූපවාහිනී සංස්ථාවේ රජත මැදිරියේදී එලි දැක්වීමට නියමිතය.
ඔහුගේ තිස්හතර වසරක සේවාව අගයමින් ඔහුගේ ගෝලයන් සහ විද්වතුන් විසින් රචිත ‘රන්සිරිලාල් රන්සැරිය‘ කෘතිය සහ අතුල රන්සිරිලාල් විසින් රචිත ගීත ඇතුළත් සංයුක්ත තැටි ද්විත්වයක්ද ඊට සමගාමිව නිකුත් කෙරෙයි.
හඬකැවීම් ශිල්පයේ පුරෝගාමීයාවූ ටයිටස් තොටවත්තයන් ඇසුරේ ලබාගත් දැනුම සහ වසර ගණනාවක් තිස්සේ ලබාගත් දෙස් විදෙස් අත්දැකීම් එක්කාසු කොට ඔහු මෙම කෘතිය රචනා කර ඇත.