ප්‍රවීන ගායන ශිල්පිනි දමයන්ති ජයසුරිය වසර 14 කට පසු ඇගේ අභිනව ගීත ඇතුලත් සංයුක්ත තැටිය “සිත නිවන ගී” නමින් එළිදැක්වීමට නියමිතය.
ඒ අප්‍රේල් 23 වැනි සඳුදා සවස 5 ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මාවතේ පිහිටි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ 6 වැනි මහලේ ශ්‍රවණාගාරයේ දී ය.
බෞද්ධ තේමාවන් පාදක කරගත් මෙම ගීත රඹුක්කන සිද්ධාර්ථ හිමි, තිරිකුණාමලේ ආනන්ද හිමි, මඩපාත ධම්මසාර හිමි, වෙන්නප්පුවේ චන්දානන්ද හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, කුලරත්න අරියවංශ, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහ ජයම්පති අල්ගම විසිනි රචනා කොට තිබේ.
සංගීත සංයෝජනය ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය ලයනල් අල්ගම, ආචාර්ය නන්දා මාලනී, එච්.එම්. ජයවර්ධන, එම්. ආර්. චුලසිංහ, අජිත් ජයවීර, දර්ශන වික්‍රමතුංග සහ ඉන්ද්‍රජිත් මිරිහාන විසිනි.