කැලණිය විශ්වවිද්‍යලයේ ලලිත කලා අධ්‍යයන අංශ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය විසින් ඉදිරිපත් කරන ‘ප්‍රියංකර රත්නායක නාට්‍ය දැක්ම’ එළඹෙන ජූනි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක අධ්‍යක්ෂණයෙන්, රංගනයෙන් මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලය විද්‍යාර්ථියින්, සහ රංග කලා කේෂ්ත්‍රයේ රංගධරයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 15 වසර තුළදී අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය 3ක් සහ ආරාධිත නාට්‍යයක් එම දිනවල රාත්‍රී 7 ට වේදිකා ගත වනු ඇත.
එහි නාට්‍ය දැක්ම මෙසේ වේ,
ග්‍රීක නාට්‍ය රචක ඇරිස්ටොනීස්ගේ LYSISTRATA නාට්‍යයේ අරුණ ප්‍රේමරත්නගේ පරිවර්තනයෙන් සහ අමිල නිදහසගේ සංගීතයෙන් “විසේකාරියෝ” ජූනි 7 වැනිදා.
ග්‍රීක නාට්‍ය රචක සොෆොක්ලීස්ගේ ANTIGONE නාට්‍යයේ ආරියවංශ රණවීරගේ පරිවර්තනයෙන්, ප්‍රමිත් දහනායකගේ සංගීතයෙන් “අද වගේ දවසක ඇන්ටිගනී” ජූනි 8 වැනිදා.
ඉංග්‍රීසි ජාතික මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ A MIDSUMMER NIGHTS DREAM නාට්‍යයේ ජයවතී ජයසිංහගේ සිංහල පරිවර්තනය ඇසුරින් අධ්‍යක්ෂණය කළ, ප්‍රමිත දහනායක සංගීතයෙන් හැඩවුණු “ප්‍රේමවන්ත කුමාරයෝ” ජූනි 9 වැනිදා.
නදී කම්මැල්වීර, පූජිත ද මැල් ගේ පරිවර්තනයෙන්, ඊෂා රුද්රීගුගේ සංගීතයෙන් “අසිනමාලි” ජූනි 10 වැනිදා.