ප්රවීන සංගීතවේදී සුනිල් ධර්මසේන ගේ සංගීත දිවියට 40 වසරක් පිරිම නිමිත්තෙන් “සුනිල සර” නමින් ගී ප්රසංගයක් එළඹෙන 16 වැනිදා පවත්වීමට නියමිතය.
ඒ එදින සවස 6.30 ට කොළඹ බිෂොප් ශ්රවනාගාරයේ දී ය.
එඩ්වඩ් ජයකොඩි, ප්රියා සුරියසේන, කිර්ති පැස්කුවල්, උරේෂා රවිහාරි සමඟ චින්තා සංජිවනි මෙම ප්රසංගය සඳහා ගායනයෙන් දායක වේ.
“සුනිල සර” සංගීතවත් කරනුයේ සුසිල් පෙරේරා, ජෝර්ජ් සේනානායක, මහින්ද කරුණාරත්න, දමිත් ප්රසන්න, අසංක සම්පත්, ඩෙරික් සම්පත්, චින්තා සංජිවනි සහ චාමික සම්පත් යන ශිල්පින්ගෙන් සමන්විත “Traingles” කණ්ඩායම විසිනි.