ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ “හඬ නිහඬ” වේදිකා නාට්‍යය එළඹෙන 17 වැනිදා වේදිකා ගත කිරීමට නියමිතය.
ඒ ප.ව. 3.30 සහ ප.ව. 6.30 දර්ශන වාර දෙකක් ලෙස ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී ය.
ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමයේ මූල්‍ය අරමුදල ප්‍රතිසම්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ නවතම ව්‍යාපෘතියක් ලෙස මෙය සංවිධාන කරනු ලැබේ.
මෙහි 3.30 දර්ශනය ගායක ගායිකාවන් සහ විශේෂ අමුත්තන් සඳහා පැවැත්වෙන අතර 6.30 දර්ශනය මහජන ප්‍රදර්ශනය සඳහා වෙන් කොට ඇත.