හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ විසින් රචිත ග්රන්ථ ද්විත්වයක් එළඹෙන ජූලි 7 වැනි සෙනසුරාදා එළි දැක්වීමට නියමිතය.
ඒ අනුව “මම මම මේ” කාව්‍ය සංග්‍රහය සහ “තුනු විල” තීරු ලිපි සංග්‍රහය එදින සවස 2 ට කොළඹ 7 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී ජනගත කෙරනු ඇත.
එදින ප්‍රධාන දෙසුම් පවත්වනු ලබන්නේ ආචාර්ය හරිනි අමරසුරිය සහ සාහිත්‍යවේදී අනුර කේ. එදිරිසුරිය විසිනි.
උත්සව සභාව මෙහෙයවීම අමා විජේසේකර.