මෙරට සුභාවිත ගීතයේ මංසලකුණක් ලෙස සැලකෙන ප්‍රවීන සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය “මාරම්බරී” එළඹෙන 22 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ඒ එදින සවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී ය.
විශාරද චරිතා ප්‍රියදර්ශනී පිරිස් හා ශාරන්‍යා ජයකොඩි ද ප්‍රසංගය සඳහා ගායනයෙන් එක් වන අතර එහි සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහ විසිනි.
මෙවර “මාරම්බරී” සංවිධාන වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවක සුබ සාධක සංගමයට ආධාර පිණිසය.