වසන්ත දුක්ගන්නාරාල, අජිත් ලොකුගේ, මිහිර සිරිතිලක අධ්‍යක්ෂණය කල “බාල සමාගම” වේදිකා නාට්‍ය ජූලි 3 වැනිදා තිරගත කිරීමට නියමිතයි.
ඒ එදින පස්වරු 7 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී යි.
දේශපාලන දුර්වලතා හාස්‍යට ලක් කරන මෙම ප්‍රහසන නාට්‍යය සඳහා රංගනයෙන් දායක වන්නේ ද වසන්ත දුක්ගන්නාරාල, අජිත් ලොකුගේ සහ මිහිර සිරිතිලක යන රංගන ශිල්පින් තිදෙනා ය.
සංගීතය ගයාන් ගණකදාර, වේශ නිරුපණය ප්‍රවීන රංගන ශිල්පී වසන්ත විට්ටච්චි විසිනි.
“බාල සමාගම” පිටපත මිහිර සිරිතිලකගේ වන අතර නිෂ්පාදනය වසන්ත දුක්ගන්නාරාල විසිනි.