විවෘත සංවාදය 11 දා පුවත්පත් ආයතනයේදී
‘වාරණය යථාර්ථයක්ද?‘ යන තේමාව යටතේ කලා කෘති වාරණය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරන විවෘත සංවාදයක් සැප්තැම්බර් 11 අඟහරුවාදා පස්වරු 4 ට නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වේ.
උපුල් ශාන්ත සන්නස්ගල සහ සම්පත් සමරකෝන් මේ සංවාදය ආරම්භ කරති.