සත්වැනි වරටත් සංවිධාන කරනු ලබන “කලාභුමි සප්ත පියනැඟුම” ප්‍රසංගය එළඹෙන 18 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයෙදී පැවැත්වීමට නියමිත ය.
සරල හා ශාස්ත්‍රීය සංගීතයෙන් රසවත් වන මෙම ප්‍රසංගය එදින සවස 6.30 ට ආරම්භ වනු ඇත.
තිස්තුන් වසරක් පුරා කලා භූමි ශිල්ප ශාලිකාව විසින් බිහිකළ ශිල්පින් ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වේ.
පණ්ඩිත් අමරදේව, සංගීතඥ ඩන්ස්ටන් ද සිල්වා, ප්‍රවීණ මාධ්‍යවේදී ගීත රචක ධර්මසිරි ගමගේ යන අයගේ උපදේශකත්වයෙන් රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි තිදෙනා එක්ව කලා භූමි ශිල්ප ශාලිකාව ආරම්භ කරන ලද්දේ 1985 වසරේදී ය.