ඇවිලෙන සුලුයි යාපනේ
චින්තන ධර්මදාසගේ සිනමා නිර්මාණයක් වන “ඇවිලෙනසුලුයි” යාපනය අන්තර්ජාතික සිනමා උළලේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
ඒ ඔක්තෝබර් 6 වැනිදා සවස 4 ට.
සමනලී ෆොන්සේකා සහ ශ්‍යාම් ප්‍රනාන්දු ඇවිලෙනසුලුයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
2018 දෙරණ සිනමා සම්මාන උළලේදී මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා ලෙස චින්තන ධර්මදාස සම්මාන දිනා ගනු ලැබුවේ මෙම සිනමාපටය වෙනුවෙනි.