දැයෙන් සමුගත් සෝමවීර සේනානායකයන්ගේ ගුණ සමරු උත්සවයක් එළඹෙන 6 වැනිදා පස්වරු 2ට පැපිළියාන සුනේත්‍රා මහා දේවී පරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ය.
සෝමවීර සේනානායකයන් පිළිබඳ වාර්තා වැඩසටහනක් එදින ඉදිරිපත් කෙරෙන අතර ඔහු පිළිබඳ රචිත විද්වත් ලිපි සංග්‍රහයක්ද එළි දැක්වනු ලැබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි මෙම උත්සවයේ මුලසුන හොබවති.
එහි ප්‍රධාන දෙසුම් පවත්වනු ලබන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායක, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, අකලංක සේනානයක විසිනි.
ටෙලිනිස සංසදය හා එක්ව බොරලැස්ගමුව අධ්‍යාපන සහ සංස්කෘතික පදනම මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.