“ගණනාතගේ රචනා” 13 දා එළිදකියි
සාහිත්‍ය රත්න ගෞරවාභිමානයෙන් පිදුම් ලත් මහාචාර්ය ගණනාත් ඔබේසේකර රචිත ඉංග්‍රීසි ලිපි දොලසක සිංහල පරිවර්තන ග්‍රන්ථය “ගණනාතගේ රචනා” එළිදැක්වීමට නියමිත ය.
ඒ එළඹෙන දෙසැම්බර් 13 වැනිදා කැලණිය විශ්වවිද්‍යාල සමාජීය විද්‍යා පීඨ ශ්‍රවනාගාරයේ දී පෙරවරු 9 ට ය.
කොළඹ විශ්වවිද්‍යාල විශ්‍රාමික මහාචාර්ය ජයදේව උයන්ගොඩ “ශ්‍රී ලංකාවේ සමාජ මානව පර්යේෂණ ක්ෂේත්රය තුල ගණනාත් ඔබේසේකර භූමිකාව” නමින්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාල සම්මානිත මහාචාර්ය පී.බී. මීගස්කුඹුර “ඉතිහාසය, මානව විද්‍යාව සහ සාහිත්‍ය” නමින්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාල විශ්‍රාමික මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා “ගණනාතගේ රචනා” පර්යේෂණ ග්‍රන්ථය පිළිබඳ විමසුමක් නමින් ද එදින ප්‍රධාන දෙසුම් පවත්වනු ඇත.
කැලණිය විශ්වවිද්‍යාල සමාජ විද්‍යා පීඨ පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්රකාශනයක් වන “ගණනාතගේ රචනා” කෘතිය සංස්කරණය කරන ලද්දේ එල්.ඩී. සරත් විතාරණ සහ චින්තක රණසිංහ විසිනි.