කොළඹ නාලන්දා විදුහලේ “නිල් ඉඳුවර 2019” කලා උළෙල ඔක්තෝබර් මස 3 වැනිදා
ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලා ක්ෂේත්රයන්ට ඵලදායී පුරවැසියන් රැසක් දායාද කළ කොළඹ නාලන්දා විද්‍යාලයීය කලා උළෙල “නිල් ඉඳුවර 2019” නමින් ඔක්තෝබර් මස 3 වන දින මහාචාර්ය ජේ.බී. දිසානායක සහ ජයන්ත චන්ද්‍රසිරි යන ප්‍රවීන කලාකරුවන් දෙපළගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය මලලසේකර රඟහලේදී පැවැත්වේ. මොවුන් විසින් මෙම කලා උළෙලේදී වත්මන් සිසු පරපුරට වැදගත් වන කාලීන දෙසුම් දෙකක්ද පැවැත්වෙනු ඇත.
දේශාභිමානය තේමා කර ගනිමින් පැරණි කලා කෘති හා නූතන කලා නිර්මාණද කෙරෙහි වත්මන් ශිෂ්‍යයන්ගේ වින්දනාත්මක අවධානය වර්ධනය කිරීමේ මූලික අරමුණෙන් මෙම කලා උළෙල සංවිධානය කරන්නේ නාලන්දා විද්‍යාලයීය සාහිත්‍ය හා කලා සංගමයයි. මෙහිදී සාහිත්‍ය, නාට්‍ය, සිනමා හා සංගීත ආදී නන් විධ කලාවන් ගෙන් විචිත්‍ර වූ විශේෂාංග රැසක් ඉදිරිපත් කෙරෙනු ඇත. මේ හැර සංහිත්‍ය කලා තරග සංවිධානය කිරීම මගින් විද්‍යාලයීය මෙන්ම අන්තර් විද්‍යාලයීය සිසුන්ගේ කුසලතා ඇගයීම හා ඔවුන්ගේ කලා කෞශල්‍යයන් වර්ධනය කිරීමද මෙම කලා උළෙලෙහි ප්‍රධාන අරමුණක් වේ. පාසල් රැසක සිසුසිසුවියන් සමග මෙරට කලා හා මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීන පිරිසක් ද මෙම කලා උළෙලට සහභාගිවීමට නියමිතව ඇත.