හිතට වැටුන මිසයිල සචිත්ර රාහුබද්ධගේ කෙටි නාට්‍ය උළෙල 2022 සැප්තැම්බර් 18 සවස 3.30 ට 7.00 ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී වේදිකා ගතවේ. මෙම උලෙලේදී සචිත්රගේ වේදිකා නාට්‍ය කිහිපයක්ම වේදිකාගත වන අතර දෙමළා නම් කෙටි නාට්‍යයේ මංගල දර්ශනය ද වේදිකා ගතවීමට නියමිතය.
රත්මල් යහනක සැතපී -2021 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන රැසක් දිනාගත් නාට්‍යකි. එහි දී හොඳම කෙටිනාට්‍ය නිෂ්පාදනය හොඳම අධ්‍යක්ෂණය හොඳම පිටපත හොඳම සංගීතය හොඳම රංගාලෝකය හොඳම රංග වින්‍යාසය හොඳම නළුවා ආදී සම්මානයන් දිනාගැනීමට සමත්විය.
කැපනං කෙටි නාට්‍ය 2019 යෞවන සම්මාන නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය නිෂ්පාදනය හොඳම අධ්‍යක්ෂණය හොඳම පිටපත හොඳම සංගීතය හොඳම වේශ නිරූපණය හොඳම පසුතල හොඳම රංග වින්‍යාසය හොඳම වේදිකා පරිපාලනය හොඳම නළුවා සහ හොඳම සහය නළුවා යන සම්මාන දිනාගනු ලැබීය.
උත්පලවර්ණා කෙටි නාට්‍ය 2021 වසරේ රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ අවසාන වටය නියෝජනය කරන ලදීත
ප්‍රවේශ පත්‍ර මිළ රු. 5000/3000/2000/1500/1000/700
රු700 ප්‍රවේශ පත්‍රය පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා රු500 ක විශේෂ සහන මිලකට ලබාදීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙති.
ආසන වෙන්කර ගැනීමට පහත දුරකථන අංකය බාවිතා කළහැක.
077 300 1547 - හසන්ති
අපේ කාලයේ නවමු නාට්‍ය අද්දැකීමක් ලබන්නට ප්‍රිය ප්‍රේක්ෂක හිතවතියනි හිතවතුනි ඔබත් එන්න .සචිත්ර සහ ඔහුගේ නාට්‍ය කන්ඩායම එලෙස ඔබ සැමට ආරාධනාවක් කරයි.