උදයසිරි වික්‍රමරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය ‘‘තුන්සිය හැටඑක’’ ඔක්තෝබර් මස 8 වන සෙනසුරාදා සවස 3.30 ට සහ 6.45 ට කොළඹ 10, එල්ෆින්ස්ටන් රගහලේදී වේදිකාගතවේ.
ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, රුවන් මලිත්, චාමරී නිසංසලා,මිහිරි පි‍්‍රයංගනී, රෝහිත ජයකොඩි, කුසල් මධුරංග, ඉෂාර වික්‍රමසිංහ, නයන්තරා සඳමාලි,සුසංග කහඳවලආරච්චි රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ලලිත් වික්‍රමරත්න ගෙනි. වේදිකා පසුතල නිර්මාණයෙන් ̈වොලින් වැන්ඩවෝල්, රංග වස්ත්‍ර නිර්මාණයෙන් නිපුනි පේ්රක්ෂා මෙන්ඩිස්, අංග රචනයෙන් ප්‍රියන්ත සිරිකුමාර ද දායක වන ‘‘තුන්සිය හැටඑක’’ නාට්‍යය සඳහා ආලෝක කරණයෙන් මිහිඳු මධුශංඛ මෙන්ම වේදිකා පරිපාලනයෙන් සුමේධ ප්‍රසන්න ද දායක වෙති.
උදයසිරි වික්‍රමරත්නගේ මුල් නිර්මාණ වන ‘සුද්දෙක් ඔබ අමතයි’ ‘රගපෑම් ඉවරයි’පමණක් නොව ඔහුගේ ‘පෙම් යුවළක් ́ඔිනෑකර තිබේ යන ආකෘතීන්ට ද වෙනස් එහෙත් ශ්‍රීලාංකිය නාට්‍ය වේදිකාවට නවතම අෘකෘතියක් පමණක් නොව අන්තර්ගතයක් ද රැගෙන එන නාට්‍යයක් ලෙස ‘‘තුන්සිය හැටඑක’’ සැලකිය හැකිය.
ජනමාධ්‍ය අධි තක්සේරු වී ඇති සමාජයක සත්‍යය සෙවීමට හෙළිකිරීමට කැපවී සිටින ජනමාධ්‍යයම සත්‍යය ජනතාවගෙන් සැගවීමට හා ඈත්කිරීමට දායකවන ආකාරය ඉතාම අපූරු හා ආකර්ෂණීය ආකාරයෙන් පෙන්වාදෙන නාට්‍යයක් වශයෙන් ‘‘තුන්සිය හැටඑක’’ හඳුන්වාදිය හැකිය. නොඑසේනම් රූප පෙට්ටියේ හිර වී පිළුණු වී ඇති ජනමනස ඉන් මුදවා ගැනීම උදෙසා වේදිකා නාට්‍යය යොදාගැනීමක් වශයෙන් ද මෙය සැලකිය හැකිය. සාලයේ හාන්සි පුටුවක වාඩිවී රූපවාහිනී තිරය මතින් ලෝකය වෙනස් කිරීමට උත්සාහ කරන ජනතාවගේ බොලඳ දේශපාලනය උපහාසය හා හාස්‍ය රසය සමගින් යළි ඔවුන් ඉදිරියේම තැබීම ‘‘තුන්සිය හැටඑක’’මගින් සිදුකෙරේ.
මෙම විශේෂිත දර්ශනයේ සියලුම ආසන සැළසුම්කර ඇත. ප්‍රවේශපත් සරසවි පොත්හල නුගේගොඩ, සහ රගහලෙන් දැන් වෙන්කරවා ගත හැක. මෙහි ප්‍රධාන සංවිධායක ලෙස ජූඞ් ශී‍්‍රමාල් කටයුතු කරයි. විමසීම් 0777363633.