"කිං ඛාන්"ගෙ කම්බැක් එක මේ අවුරුද්දෙ මුල සිද්ධ උනා කිව්වට මොකද, කිං ඛාන්ගෙ සර්වසම්පූර්ණ කම්බැක් එක වෙන්නෙ නම් අවුරුද්දෙ අග හරියෙ සැප්තැම්බර්වල..
පතාන්ට ගෙන්නන්න බැරිවුණු "කිං ඛාන්" ජවාන් ගෙනල්ලා තියනවා පෙර නොවූ විරූ ස්වරූපයකින්, පෙර නොවූ විරූ තරමක පෞරුෂයකින්. මේ චිත්‍රපටය විශේෂ වෙන්නෙ අන්න ඒකයි. කම්බැක් නම් අන්න කම්බැක්. සිනමාශාලාවේ ඇහැ පිරෙන්න, කන පිරෙන්න දීපු සුපිරි Comeback එකක්.
ශාහ් රුඛ් ඛාන් කියන මනුස්සයා මේකේ ඇඟට පතට නොදැනෙන්න පුංචි ශරීරය ඇතුළේ මාරම ලොකු Swag එකක් පාලනය කරමින් රඟපානවා ප්‍රේක්ෂකාගාරය හෙල්ලිලා යන්න.
ඒ වගේම, Entrence Scene එකේ ඉඳන්ම ඒ Sවග් එකට දෙනවා පසුබිම් සංගීතයෙන් අධි බලැති තල්ලුවක් අහසට විසි වෙන්නම. තරු විසිවෙන්න, ඇඟේ මවිල් කෙලින් වෙන්න දෙන කම්බැක් එකේ අර මවිල් කෙලින් කරවන පාට් එක කරන්නෙ මෙන්න මේ පසුබිම් සංගීතය නිර්මාණය කරන අනිරුද්.
ඇට්ලීගෙ සාර්ථකම Mass Movie එක මේක. කොයි තරම් Mass කියනව නම් මම බලපු Massම වැඩක්. බොහෝ දෙනෙක් කියනවා මේක South Mass Star කෙනෙක්ට හදපු ෆිල්ම් එකක් කියලා. ඔව් ඇත්ත. ඒත් ඒ කිසිම සවුත් ඇක්ටර් කෙනෙක්වත් මේ චරිතයට ආදේශ කරලා හිතද්දි, ශාරුක් මේ කරපු කෙළිය කරයිද කියන ප්රශ්නය අනිවා එනවා. මාස් ස්ටාර්ලා අභිබවපු රංගනයක්, බොලිවුඩයේ ප්‍රේමවන්තයාගෙන් මේ විදියට ලැබෙනවා.
අනෙක, මගෙ ප්‍රියතම දීපිකා.. තිරය ලස්සන කරන්න ඕනනම් දීපිකාව ෆිල්ම් එකකට ගන්න. ඒක කැමියෝ එකක් උනත් කමක් නෑ. දීපිකා කරන්නෙ කැමියෝ එකක් කිව්වට, එයා තමයි මේ කතාවට ඔක්සිජන් පොම්ප කරන්නෙ.
නයන්ගෙ Precence එක පට්ට. Lady Super Star කියන්නේ නිකං නෙවේ. ශාහ් රුඛ් සහ නයන් කෙමිස්ට්‍රිය වගේම සේතු ශාරුක් ස්ක්‍රීන් කෙමිස්ට්රියත් පට්ට. සේතුගෙන් වැඩ තව ගන්න තිබ්බා.
සාන්යා, ප්‍රියාමනි ඇතුලු කෙල්ලො හය දෙනා පවා තව ස්ක්‍රීන් ටයිම් තිබ්බ නම් හොඳයි කියල හිතෙන්න පර්ෆෝම් කරනවා.
අන්තිම වශයෙන් කියන්නෙ තිය්යටරේම බලන්න. බලල මේ ආතල් එකත් අරන් බලන්න.
කිං ඛාන්ට කිං ඛාන් කියන්නෙ නිකන් නෙවෙයි..
එහෙනම් ඩන්කි එක්කත් හොඳ වැඩක් දෙනකං අපි READY!
තාරක සඳරුවන් ජයවර්ධන - භාරත රසික සිනමා සංසදය වෙනුවෙන් පළ කළ සටහනකි.