lan englan tam

අතන මෙතන

ඇට්ලීගේ මීළඟ පිම්ම සල්මාන්, රිතික් ළඟ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මම සල්මන් ඛාන්, රිතික් රෝෂන් සමඟ චිත්‍රපටයක් ගැන සාකච්ඡා කළා." ජවාන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇට්ලි කුමාර් පින්ක්විලා සඳහා සාක්ච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබේ.


ෂාරුක් ඛාන් සමඟ හින්දි සිනමාවට පිවිසෙන ඇට්ලී 'ජවාන්' චිත්‍රපටියෙන් නව වාර්තා ගණනාවක් තබා අවසන්ය.
ෂාරුක් ඛාන් සහ ජවාන් යන මාතෘකා හැර ඔහුගේ මීළඟ හින්දි ව්‍යාපෘති ගැන ඇට්ලී කුමාර් පවසා තිබුණේ "මම ඉඳහිට සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් සමඟ බොහෝ දේ සාකච්ඡා කරනවා. ඇත්ත වශයෙන්ම මම සහ සල්මන් සර් (සල්මාන් ඛාන්) අතර සාකච්ඡාවක් තියෙනවා. මම සහ රිතික් සර් (රිතික් රොෂාන්) බොහෝ කලකට පෙර සාකච්ඡාවක් කළා. මම සහ රන්වීර් සර් (රන්වීර් සිං), රන්බීර් සර් (රන්බීර් කපූර්), විජේ සර් (තලපති) සාකච්ඡාවක් කළා. අල්ලු (අල්ලු අර්ජුන්) සර් - අපි සාකච්ඡාවක් කළා. මම ඔවුන් සමඟ වැඩ කිරීමට කැමතියි. ඉතින්, අපි හැමෝටම අවශ්‍ය එකම දෙය, දෙවියන්ගේ ආශිර්වාදය වන්නේ හොඳ පිටපතක් පමණයි. ආශිර්වාදය යනු නිෂ්පාදනයක් හෝ අයවැයක් නොවේ. එය හොඳ පිටපතක් විය යුතුයි." යනුවෙන් ඇට්ලී පවසා තිබේ.

Back to top
Go to bottom

Popular News