lan englan tam

අතන මෙතන

කිත්සිරිගෙන් 'සින්ඩරෙල්ලා' Pocket Concert එකක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායක කිත්සිරි ජයසේකර සිය ගීත ගැයුමට නැවුම් බවක් යළි එක් කරමින් කැනඩාවේ ගී ප්‍රසංගයකට සූදානම් වෙයි.

එළඹෙන අගෝස්තු 17 පැවැත්වීමට නියමිත මෙම ප්‍රසංගය ගැන කිත්සිරි විසින් සිය රසිකයින්ට දැනුම් දී තිබුණේ මෙසේය.


ඔන්ටාරියෝවේ ආදරණීයයන්ට ලෙංගතු ඇරයුමයි❤️..
වසර කීපයක නිහැඬියාවට පසු නැවතත් මගේ කටහඬ අවදි කරන්නැයි බොහෝ ඇරයුම් දෙස් විදෙස් ආදරණීය රසික සහෝදරත්වයෙන් ලැබුනේ වසර ගනනක සිටයි,කාලයක් ගොලුව උන් හඬක් නැවත පනපිහිටුවීම ලෙහෙසි කාර්යයක් නොවෙයි, මේ දිනවල නැවත අභ්‍යාස ආරම්භ කලෙමි.ඒ සඳහා ඔබෙන් ලද ශක්තිය ධෛර්යය ස්තුති පූර්වකව සිහිපත් කරමි 🙏 දිගු ගමනක් ආරම්භ කිරීමේ අදිටනින් එහි පලමු පියවර අගෝස්තු මස 17 වෙනිදා සීමිත ආසන ප්‍රමාණයක් සමග කුඩා කොන්සට්ටුවක් (pocket concert) ලෙස ඉදිරිපත් කරමි, මෙය කැනඩාවේ අනෙකුත් ප්‍රාන්ත සඳහා මෙන්ම, විදේශීය ප්‍රසංගයක් ලෙස විවිධ සංවිධාන සහ පදනම් වෙනුවෙන් නිර්මාණය කල රසවින්දනාත්මක ප්‍රාසාංගික අත්දැකීමකි.එය රස විඳ ගැනීමේ මුල්ම ඇරයුම මා ජීවත්වන කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ආදරණීය රසික සහෝදර සහෝදරියන් වෙත විවෘතව තබමි, ඉතින්....96 වසරේ සිට වර්තමානය දක්වා මවිසින් ගැයුනු රසාලිප්තම ගී එකතුවක් සමඟ 2024 අගෝස්තු මස 17 දින සවස 6.15 ආදරයෙන් හමුවෙමු 🙏🙏🙏❤️"

Back to top
Go to bottom

Popular News