lan englan tam

විශේෂාංග

යෞවනයේ උල්පත සහ ගයි රිචිගේ සිනමාව - 'Fountain of Youth'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හොලිවුඩයේ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වන 'ගයි රිචි' ( Guy Ritchie) අමුතු විදියේ චිත්‍රපට නිර්මාණය කරන්න උපන් හපන් නිර්මාණකරුවෙකි.

ගයි රිචි අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය පැමිණ තිබෙි. ඒ 'Fountain of Youth' වේ. Fountain of Youth යනු ඉන්දියානා ජෝන්ස්, ඩා වින්ච් කෝඩ්, ටොම්බ් රයිඩර් පන්නයේ වටිටෝරුගත චිත්‍රපටයකි. අභිරහසක් සොයා යන ගමනාන්තයක කතන්දරයකි. හොලිවුඩය යනු වීරක්‍රියා ශානරයේ හිමිකරුවෝය. ඔවුන් මෙවැනි ගණයේ චිත්‍රපට සාදන්නට උපන්ගෙයි දක්ෂයින්ය.

 

වීරක්‍රියා කතන්දරයකින් සමන්විත Fountain of Youth කුතුහලය නොඅඩුව සපයන අපුරු චිත්‍රපටයක් වන්නේ කතාවේ ගලායාමේ තියෙන රිද්මය නිසාමයි.

තායිලන්තය, එංගලන්තය, ඊජිප්තුව වැනි අපුරු දර්ශනතලවල චාරිකාවක් සේ ප්‍රේක්ෂකයාව රැගෙන යන 'Fountain of Youth' තුළ අපුරු වීර රසයක් තිබේ. අමරණීයත්වය සොයා යන එක්තරා කණ්ඩායමක් විසින් තම අරමුණ සොයා යෙදෙන අභිරහස් ගමනාන්තයක කුල්මත්බව හොඳින්ම අන්තර්ගත චිත්‍රපටයක්.

 

චිත්‍රපටය වඩාත් සිත්ගන්නාසුලු වන්නේ ප්‍රිය කරන නළු නිළි කැළකගේ අපුරු රංගනය නිසාමයි. ඒ හොලිවුඩයේ අතිදක්ෂ නළුවෙකු වන 'John Krasinski' සහ නිළි 'Natalie Portman' දෙපළගේ සුසංයෝගය චිත්‍රපටය හැඩ කරනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන Natalie Portman, John Krasinski, Eiza González  යන නළු නිළියන් (වමේ සිට දකුණට)

චිත්‍රපටයේ වඩාත් සිත්ගන්නා අනෙක් කාරණාව වන්නේ කැමරාකරණයයි. කැමරාව විසින් මෙහෙයවා ඇති රූප පෙළ වඩාත් අවධානය දිනාගන්න කාරණාවක් බවට පත්වෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත ලියා ඇත්තේ 'Zodiac' සීරියල් කිලර් චිත්‍රපටයේ සහ ආමේසින්ග් ස්පයිඩර්මැන් චිත්‍රපටයේ තිර පිටපත ලියු ජේම්ස් වැන්ඩර්බිල්ට් (James Vanderbilt) විසිනි.

Fountain of Youth කියන්නේ 2025 වසරට අදාළව දැනට නැරඹු හොඳම Action - Adventure ශානරයේ චිත්‍රපටයකි.

 

476237625 2101514566935849 5297727973837240105 n

 

 

 

 

 

සටහන - මලින්ත විතානගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

('Malintha Vithanage' facebook පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී) 

 

kemadasa

Back to top
Go to bottom