ආචාර්ය බී ආර් අම්බෙත්කාර් ඉන්දියාවේ පහළ වූ ඉහළම ගණයේ බුද්ධිමතෙකි. ඔහුගේ අදහස් වර්තමාන ඉන්දියාව තුළ අදත් ඉතා බලවත් සේ පවතී. ඉන්දීය නිදහස සමග ඇතිවූ කාලය තුළ ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත වෙනස් කිරීම සඳ හා ආචාර්ය බී ආර් අම්බෙත්කාර් පමණ බලපෑ වෙනත් කිසිදු බුද්ධිමතෙක් නැතැයි කීම අතිශයෝක්තියක් නොවේ. එතුමාගේ ඉතා ප්‍රසිද්ධ කෘතියක් වන ‘ඇනැහිලේෂන් ඔෆ් කාස්ට්’ (Annihilation Of Caste) නැමති පොත දැන් සිංහලට පරිවර්ථනය වී ඇත. මෙය ලාංකීය පාඨකයාගේ දේශපාලන මෙන්ම දාර්ශනික බුද්ධියත් ඉහළ දැමීමට ඉතාමත් ආධාර වන කෘතියක් වේ යැයි බලාපොරොත්තු විය හැකිය.
ඉන්දියාවට නිදහස ලැබුණු කාලය වන විට ඉන්දියාවේ සිටි ‘ස්පර්ශයට නුසුදුස්සන්’ (untouchables) යනුවෙන් හැඳින්වූ කණ්ඩායම ඉන්දියාවේ සමස්ථ ජනගහණයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් විය. ස්පර්ශයට නුසුදුසු යන්නෙන් අදහස් කලේ ඔවුන් සමග කිසියමිම හෝ සමිබන්ධයක් ඇතිකර ගැනීම ඉන්දියාවේ ඉහළ කුළයැයි සළකණු ලැබූ අයට නුසුසුදුසු ක්‍රියාවක් පමණක් නොව ඔවුන් අපිරිසිදුභාවයට පත්කරන්නාවූ ක්‍රියාවක් ලෙස ද ඉන්දියාවේ පැළපදියම් වූ මතවාදයක් පැවතුණු නිසාය. පසුකාලයක දී ස්පර්ශයට නුසුදුසු යන වචනයට වඩා ‘හරිජාන්’ හෙවත් දෙවියන්ගේ දරුවන් යන වචනය ඔවුන් සඳ හා යෙදීම සුදුසු යයි මහත්මා ගාන්ධි විසින් දැරූ අදහසක් වූ අතර එම අදහස මෙම කුල කණ්ඩායම විසින් පසුකාලයක දී මුළුමනින්ම ප්‍රතික්ෂේප කරණු ලැබීය. එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුව වූයේ දෙවියන්ගේ දරුවන් යන වචනය හෙවත් හරිජාන් යන වචනය මීට පෙර යොදා තිබුණේ බ්‍රාහ්මණයන්ගේ අවජාත දරුවන් සමිබන්ධයෙන් වූ නිසාය. මෙම වචනය තමන්ට කරණ ලද නිග්‍රහයක් සේ සැලකූ ඔවුහු එය ඉවත දෑමට එකඟ වූහ. ඒ වෙනුවට ආචාර්ය බී ආර් අම්බෙත්කාර් මහතා යෝජනා කලේ දාලිත් හෙවත් දාරිද්රයන වචනය යෙදීමය. දරිද්රයන්නෙන් අදහස් කලේ දිළිඳු බවට පත්කරණු ලැබූවන් යනුවෙනි. නැතහොත් පීඩිතයන් යනුවෙනි. මෙයින් ඔවුන් අදහස් කලේ ඔවුන්ම දරිද්‍රභාවයට හා පීඩිතභාවයට ඇදදමන ලද කොටසක් බවත්, ඔවුහූ එයට විරුද්ධව අරගල කරමින් සිටින කණ්ඩායමක් බවත් ඇඟවීමටය. මේ නිසා දාලිත් යන වචනයේ අරුථ වූයේ දරිද්‍ර භාවයෙන් හා පීඩිතභාවයෙන් මිදීමට අරගල කරන්නාවූ ජන කොටසක් යනුවෙන් තමන් සටන්කාමී ජනකොටසක් වශයෙන් හඳුන්වාගැනීමය. අද මෙම කණ්ඩායම හඳුන්වනු ලබන්නේ මෙම නාමයෙන් වන අතර ඔවුහු එම නාමය ගෞරව නාමයක් කොට සළකති.
කුලය මුලින් උපුටාදැමීම: ආචාර්ය බී ආර් අම්බෙත්කාර් – පරිවර්ථනය ඕෂාධී නයනථාරා ගුණසේකර
ස්පර්ශයට නුසුදුස්සන් යනුවෙන් අදහස් කරන කණ්ඩායම ඉන්දියාවේ සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන කුල හතරට අයත් වූවන් නොවේ. එම සම්ප්‍රධායික කුල හතර නම් බ්‍රාහ්මණයන්, ක්ෂත්රීයයන්, වෛශ්‍යයන් හා ශුද්‍ර යන කණ්ඩායම්ය. බ්‍රහ්මණයන් යනු පූජක කණ්ඩායමක් වූ අතර ඔවුන් ඉහළම කුලය වශයෙන් නම් කර තිබුණි. ක්ෂත්රියයන් යනුවෙන් අදහස් කලේ සොල්දාදුවන් හෝ පාලකයන් යන අදහසය. වෛශ්‍ය යන ගණයට යත් වූයේ වානිජ්‍යයේ යෙදෙන්නන්ය. ශුද්‍ර යන ගණයට අයිති වූයේ ශරීරය වෙහෙසා කරණ සියලුම ඕනෑම වැඩක යෙදෙන්නන්ය. බ්‍රාහ්මණයන් දෙවියන්ගේ මුවින් උපත ලැබූ බවත්, ක්ෂත්රියන් දෙවියන්ගේ උරහිසින් උපත ලැබූ බවත් වෛශ්‍යයන් දෙවියන්ගේ උදරයෙන් උපත ලැබූ බවත් ශුද්‍රයන් දෙවියන්ගේ පාදවලින් උපත ලැබූ බවත් හින්දු වේද ග්රන්ථයන් හී සඳහන් වේ. මේ අනුව මේ සියලු මූලයන්ගේ නිර්මාණයන් ගේ නිර්මාතෘ වරයා වූයේ ඔවුන් ඇදහූ දෙවියන්ය.
සපර්ශයට නුසුදුස්සන් හෝ දලිත් යනුවෙන් වර්තමානයේ හඳුන්වන්නන් අයිතිවූයේ හතරවන කුලට එනම් ශුද්‍රා කුලයටත් වඩා පහත් කණ්ඩායම් වශයෙනි. උදාහරනයක් වශයෙන් ශුද්‍ර ගණයට අයිති වූ අයට යම් ප්‍රමාණයක ඉඩමක් පවත්වාගෙන යෑම ආදියට ඉඩකඩ තිබූ නමුත් ස්පර්ශයට නුසුදුස්සන් කිසියම් හෝ දේපලක් දැරීමට නුසුදුස්සෝ වූහ. ඔවුහූ දැකීමට පවා නුසුදුස්සන් වූ අතර ඔවුන් දැකීමෙන් ඉහළ යැයි සළකණු ලැබූ කුලයන් අපිරිසිදු බවට පත්වන බව ආගමික මතයක් වූ අතර එම අපිරිසිදු බවින් මිදීම සඳහා නොයෙක් වතාවත් කිරීමට නියමව තිබුණි.
ස්පර්ශයට නුසුදුස්සන් යනුවෙන් පැවති සංකල්පය බොහෝ දුරට වහලුන් යන සංකල්පයට වඩා සමාජීය වශයෙන් අගතිගාමී සංකල්පයක් විය. එයට හේතුව වූයේ වහලා වහල් හිමියා විසින් සළකණු ලබන්නේ ඔහු සතු භාණ්ඩයක් වශයෙනි. ඔහු රැුකගැනීම තමාගේම දේපල රැකගැනීමක් සේ වහල් හිමියන් සැළකූ අතරම විශේෂයෙන්ම රෝමය වැනි තැන් වලදී යමි බුද්ධියක් පෙන්නුමි කල වහලුන්ට අධ්‍යාපනය ලබා දී පසුව ඔවුන් තමන්ගේ දරුවන්ගේ පාඩම් කියාදෙන්නන් වශයෙන් යෙදූ බවටද විශාල ප්‍රමාණයේ සාක්ෂි ඇත. එමෙන්ම වහල් හිමියාට වහලාගේ තත්ත්වය වෙනස් කිරීමේ අයිතිය ද තිබුණේය. වහල් හිමියාට තමා සතු වහලෙකුට නිදහස දී ඔහු තමාගේම තත්ත්වයේ අයෙකු සේ සැළකීමට පුලුවන් කම තිබූ අතර එය සිදුවූ බොහෝ අවස්ථා ගැනද ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් කුලය වෙනස් කල නොහැකි සංකල්පයකි. එහි උපත ලැබූවෙක් ඔහුගේ ජීවිත කාලය පුරාම එම කුලයේ පවතින අතරම ඔහුගේ දරු මුනුපුරෝ ආදී සියල්ලන්ම එම කුලයටම අයත් වේ. වහල්භාවයේ තවත් ලක්ෂණයක් වූයේ විවාහ පවත්වාගෙන යෑම කල හැකි වූයේ ඒ කුලය තුල පමණක් වීමය. කුලයෙන් පිට විවාහ කරගැනීමට උත්සාහ කිරීම මරණීය දණ්ඩ නය ලැබීමට සුදුසු වරදක් සේ සළකණ ලද අතර එවැනි උත්සාහයන් කරන ලද අය මරා දමුණු ලබූ අවස්ථා අතීතයේ දී පමණක් නොව වර්ථමානයේ දීත් දක්නට ලැබේ.
මේ සියල්ල යටින් කියවෙන්නේ මිනිසුන් වර්ග කිරීම උපත මගින්ම සමහරුන් උසස් ලෙසත් සහමරුන් පහත් ලෙසත් එමෙන්ම සමහරුන් උසස් ලෙස සැළකුම් ලැබීමටත් වෙනත් අය පහත් අය සේ සැළකිලි ලැබීමටත් සුදුස්සන් වී උපදිති. එය වෙනස්කල නොහැකි ධර්මතාවයකි.
මෙම ධ ර්මතාවයේ ඉතාම මූලික අංගයක් වන්නේ එසේ වර්ගකිරීමක් තුළින් ඇතිවන සමාජය තුළ මානුෂික සදාචාරයක් පැවැත්වීමට නොහැකිවීමය. මානව සදාචාරයක මූලික ලක්ෂණය නම් එම සදාචාර ගතිගුණ සියල්ලන් කෙරෙහිම එකසේ බලපෑමය. සියල්ලන් අතර සමාන වටිනාකමක් ගැන අදහසෙන් තොරව සදාචාරය යන සංකල්පයට පැවතිය නොහැකිය. හුදෙක්ම චාරදර්ම යනුවෙන් සඳහන් කිරීම සදාචාරය යන සංකල්පයට සමාන අදහසක් නොවේ. චාර ධර්ම යනු සිරිත් හා පළපුරුදුය. එකිනෙකා වෙනස්කොට සැළකීමත් යමෙක් උසස් කොට සහ යමෙක් පහත් කොට සැළකීමත් පහත් යැයි සළකන පුද්ගලයාට විවිධාකාර ආකාරයකින් දඬුවම් දීම් හා අවමාන සහගත ලෙස සැළකීමටත් ඉඩකඩ පැවතින. ඒවා සමාජය තුළ චාර ධර්ම බවට පත්විය. එනම් සදාචාරයෙන් තොරබව කුල ක්‍රමය ඇති සමාජයක චාරධර්මය වේ.
ඕනෑම ශිෂ්ඨ සමාජයක පදනම වන්නේ සදාචාරයයි. ඕනෑම ශිෂ්ඨාචාරයක අතීතිය දෙස බලන විට පෙනීයන්නේ එම සමාජය තුළ බොහෝ කාලයක් තිස්සේ යම් මූලික වටිනාකම්පොදු වටිනාකම් බවට පත්කිරිමට එම පොදු වටිනාකම් මත සමාජය තුළ එකිනෙකාට සළකණ ආකාරය තීන්දු කිරීමටත් ගන්නා ලද උත්සාහයන්ය. ආදරයෙන් කරුණාවෙන් එකිනෙකා සැළකීම මානව ධර්මයක් සේ මුල්බසින්නේ එම සමාන වටිනාකමක් සියල්ලන් තුළ පවතීය යන අදහස මුල්වීම මත පමණය. එසේ නොවන විට කරුණාව ආදරය යන සියල්ලම ද සළකණු ලබන්නේ සාපේක්ෂ වශයෙනි. බ්‍රාහ්මණයා කිසිවෙකුට ආදරයෙන් කරුණාවෙන් සැළකීමට බැඳුණු අයෙක් නොවේ. සියල්ලන්ම බ්‍රාහ්මණයා ගෞරවයෙන් සැළකිය යුතු අතර එසේ ගෞරවයෙන් යුතුව කටයුතු කිරීමට සියල්ලන් බැඳී සිටි. එහෙත් කිසිවෙකුට ගරු කිරීමට ඔවුහු බැඳී නැත. එපමණක් නොව එසේ ගරු කිරීමම ඔහුගේ තත්ත්වයට නුසුදුසුය.
කුලවාදය පදනම් වන්නේ මෙවැනි අදහස් මතය. මෙවැනි අදහස් යම් සමාජයක් තුළ අවුරුදු දහස්ගණනක් පැවති විට එම අදහස් මගින් එම සමාජයේ සියල්ලන්ගේම මානසික තත්ත්වයන් නිර්මානය කරණු ලබයි. එපමනක් නොව එම සමාජයේ සියලු දෙනාගේම ගතිපැවතුම් ද ඒ තුළින්ම නිර්මාණය කරණු ලබයි. වඩාමත් වැදගත් වන්නේ ඉතා ගැඹුරින්ම මිනිසුන්ගේ සිත් තුළම තමන්ගේම වටිනාකම පිළිබඳ අදහස් ද නිර්මාණය වන්නේ මෙම පදනම මත වීමය. එනම් යමෙක් තමන්ම ගෞරවයට නුසුදුස්සෙකු සේ සැළකීමට තරමි කුලය අඩු කුල යැයි සළකණ කණ්ඩායම් අතර නීචභාවයක් නිර්මාණය කරයි. තමන්ගේ නීචභාවය තමන් විසින්ම පිළිගත යුතු බවත් එසේ නීචයෙක් නීචයන් ලෙස තමන් සළකා ගැනීමට අකමැතක් දක්වන්නන් දඬුවමට භාජනය විය යුතු බවත් කුල ක්‍රමය තුළ පදනමිවූ ඉතා දැඩි අදහසක් විය. පොදුවේ කියවෙන තමන්ගේ තැන දැනගත යුතුය යන කියමනෙන් අදහස් වන්නේ එයයි. නීචයා යයි සළකණු ලබන්නා ඔහුගේ තැන නීචයයෙකුට සුදුසු තැනැක් ලෙස පිළිගත යුතුය. ඔහුගේ දරුවන්ටද හිමි විය යුත්තේ එම තැනම බව ඔහු විසින් සළකණු ලැබිය යුතුය. එම අදහස ඔවුහු විසින් තමන්ගේ දූ දරුවන්ට පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ හිස තුළ නැවත නැවත නිර්මාණය කිරීමට බැඳී සිටී.
බොහෝ දුරට කුල ක්‍රමය කොපමණ ගැඹුරින් මිනිස් සිත්සතන් තුළ පැළපදියම් වී තිබෙනවාද යන්න සාකච්ඡා කිරීමට බොහෝ මැළිකමක් මෙවැනි කුල ක්‍රමය පැවති සමාජවල දකින්නට ලැබේ. මේවා දැන් නැතිවී ගොස් ඇත යන අදහස කියාපෑමට කැමැත්තක් දක්වන්නේ එම අඳුරු හා බියන්කර අතීතය දැන් නැතුවා සේ සැළකීමට තිබෙන උවමනාවක් නිසා වීමට පුලුවන. එහෙත් සැබෑ තත්ත්වය නම් එම සමාජයන්ගේ මිනිසුන්ගේ සිත්සතන් තුළ මේ සියලුම අදහස් ඉතාම ගැඹුරින් තවදුරටත් පැවතීමය.
අචාර්ය බී ආර් අමිබෙත්කාර් ඔහුගේ මෙම අගනා කෘතිය තුළ මේ සියලුම අදහස් ඉතා දීර්ඝවත් ඉතා පැහැදිලිවත් ඉතා ගැඹුරිනුත් සාකච්ඡා කරයි. ඔහුගේ අරමුණ වූයේ කුලයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමය. එය හුදෙක්ම මහඟු අදහසක් වශයෙන් පමණක් ඔහු සැළකුවේ නැත. ඔහු එය සැළකුවේ දැයක් ‘ද නේෂන්’ (The Nation) යන සංකල්පයෙන් යුතුව සමාජයක් සංවිධානය කිරීමට නම් අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙසිනි. කුල ක්‍රමය හා දැයක් යන සංකල්පය එකිනෙකට නොගැලපේ. කුල ක්‍රමය පවතිනතාක් දුරට එයට අයිතිවූවන් එකිනෙකා තමන්ගේ අනන්‍යතාවය නිර්මාණය කරගන්නේ එම කුලයට ඇති සම්බන්ධය තුළිනි. එක් කුලයක් අනික් කුලය බැහැර කරයි. එසේ බැහැර වූ කුලවලට අයත් බොහෝ දෙනෙක් එකට ජීවත් වීම තුළින් දැයක්, එනම් ද නේෂය් යන ජන සමාජය බිහිවන්නේ නැත. ඔවුහු බෙදී ජීවත්වන මිනිස් කණ්ඩායම් වෙති. දේශපාලන පරිවර්ථනයන් නිසා ඔවුහු තමන් එක් දැයක් සේ ප්‍රකාශයට කරගන්නවා විය හැකිය. විශේෂයෙන්ම වර්ථමාන දේශපාලන ක්‍රම පදනම් වන්නේ දැයක් හෙවත් ද නේෂන් යන සංකල්පයමතය. මේ ආකාරයට දේශපාලන සංකල්පයක් හා නෛතික සංකල්පයක් පවතින්නට පුලුවන. එහෙත් මෙම දේශපාලන හා නෛතික සංකල්පයත් සැබෑවෙන් මිනිසුන් අතර පවතින සමිබන්ධයත් අතර ඇත්තේ විශාල වෙනසකි. නෛතිකව ඔවුහු එකම දැයකට අයිතිවූවත් ඇත්තෙන්ම ඔවුහූ එසේ එවැනි බැමිමකින් බැඳුණු වූවෝ නොවෙති. මෙම බැඳීම නොතිබීම නිසා ඔවුහු එකිනෙකා ආරක්ෂා කිරීමටවත් එකිනෙකාගේ උවමනාකම් ඉටුකිරීමට සමිබන්ධ වීමටත් තමන්ගේ යහපතත් අනිකාගේ යහපතත් එකක් සේ සළකා යම් ක්‍රියාවන්ගේ යෙදීමටත් නොහැකියාවක් දක්වන පුද්ගලයන් බවට පත්වෙති. එවැනි සමාජයක් තුළ ඉතා ගැඹුරු බෙදීම් ඇත්තේය. ඉතා ගැඹුරින්ම පවතින අමානුෂිකත්වයක් ඇත්තේය.
කුලය මුලිනුපුටා දැමීම යන මෙම කෘතිය මෙම සියලුම සංකල්පයන් පිළිබඳ ඉතා ගැඹුරු අවබෝධයක් ලබාගැනීමටත් එවා වර්ත මානයේ පවතින ආකරය දැකීමටත් ඒවාට විරුද්ධව මතවාදයන් ගොඩනගැනීමටත් මගඟු සේ උපකාරී විය හැකි ග්රන්ථයකි.
බැසිල් ප්‍රනාන්දු
-colombotelegraph-