lan englan tam

විශේෂාංග

සදාම් හුසේන්ගේ ඇද වැටීමෙන් පසුව ඉරාකයේ නිෂ්පාදිත ප්‍රථම චිත්‍රපටිය “ඉබ්බන්ට ඉගිලෙන්න පුලුවන් “ (Turtles Can Fly)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Pradeep Peiris-

ඇමෙරිකා එක්සත් ඡනපදය සදාම් හුසේන්ගේ ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර සිය ගුවන්යානා මගින් ඉරාක තුර්කි දේශ සීමාවෙ සරණාගත කඳවුරක් අසලට මෙවැනි අදහස් සහිත පත්‍රිකා විසිරුවා හරිනව.

‘‘අපි ලෝකයේ හොදම මිනිසුන්ය, අපි ඔබෙි රට පාරාදීසයක් කරන්නෙමු, ඔබෙි ගැටලු සදහා අපි මෙහි ඉන්නෙමු ‘‘

ඇමෙරිකානුවන් ඉරාකය ආක්‍රමණය කළ පසුව එය පාරාදීසයක් කලේ කෙසේ දැයි ඔබ දැන් ඇස්මනාපිට දකිමින් හිදී. සදාමි හුසේන්ගේ ඇද වැටීමෙන් පසුව ඉරාකයේ නිෂ්පාදිත ප්‍රථම චිත්‍රපටිය ගැන අපි දැන් කතාකරන්නෙමු

----------------------------------------------------------------------

ඉබ්බන්ට ඉගිලෙන්න පුලුවන්

Turtles Can Fly

අධ්‍යක්ෂනය - Bahman Ghobadi

===========================

කැනිබෝ කියන්නෙ තුර්කි - ඉරාක දේශසීමාවේ ආසන්නයේ තිබුණු ඉරාකයට අයිති ගමක්. තුර්කියෙන් ගහල පිටමං කරන කුර්දීශ්වරු වගේම ඉරාක සොල්දාදුවොත් ගහල පන්නපු කුර්දීශ්වරුත් මෙම ගමේ කුඩාරමි ගහගෙන අනාථයෝ විදිහට ජීවත් වෙනවා... ඇමෙරිකා එක්සත් ඡනපදය ඉරාකය ආක්‍රමණය පටන් ගන්නකොට මෙි අනාථයො කරමින් හිටපු දේ තමයි ඉරාක - තුර්කි දේශසීමාවෙ වළලල තිබුණු බිමි බෝමිබ ගලව ගලවා විකුණපු එක.කවුද දන්නවද ‍බිමිබෝමිබ මිලයට ගත්තෙ. එක්සත් ඡාතින්ගේ සංවිධානය.

 

tcf i2

 

එක බෝමිබෙකට එයාල ගෙව්වා ඩොලර් 2000 ක්. එත් ඒව ගලවපු එවුන්ගෙ අතට ගියේ ඩොලර් 25 යි.. ඒව ගැලෙවිවෙ අර අනාථ කදවුරේ හිටපු වයස දහයේ දොලෙහේ පුංචි නොදරුවෝ... ඒ පොඩි එවුන්ගෙ සමහරුන්ගෙ අතපය නෑ. බෝමිබවලටම බිලිවෙලා. ඒත් ඒක තමයි යුද්ධයක් අස්සෙ එයාලට ඡිවත්වෙන්න තිබුණු එකම ක්‍රමය. ! එක්සත් ඡාතින්ගේ සංවිධානයට බිමි බෝමිබ ඉවත්කරන්නෙ පොඩි නොදරුවොද මහඑවුන්ද, කවුද කියන එකේ ගැටලුවක් නෑ ඒතමයි උන්ගෙ මානුෂිකබව

 

turtles can fly 1000x563

 

මේ සරණාගත කදවුරේ ඉන්නව අමිමයි තාත්තයි දෙන්නම අහිමි එකම පවුලෙ ළමයි තුන්දෙනෙක්... ඒ පවුලෙ ඇග්‍රීන් කියන නාවර පෙරාගත්තු කෙල්ලට ඔනනමි වයස අවුරුදු 13 ක් විතර ඇති නමුත් එයාට ඉන්නව එයාගෙම කුසින් බිහිකරපු ඇස්නොපෙනෙන දරුවෙක්. ඒක ඉරාක සොල්දාදුවො ඇයට අමානුෂික වද දෙමින් ඇයව දූෂණය කිරීමෙි ප්‍රතිපලයක්. ඒ දූෂනය වෙලාවෙ සොල්දාදුවො ඇග්රීන්ගෙ පුංචි අයිය ‘‘ හෙංගුන්ට වෙඩි තියල

‘‘හෙංගුන්ව ‘‘මඩෙි ඔබාගෙන ඉන්නකොට එයා වෙිදනාව අතරින් කෑ ගහනව

‘‘අනේ මගේ නංගිට වදදෙන්න එපා! එයා පොඩියි ! අනේ එයා මැරෙයි !

ඉතින් මෙි පුංචි දැරිවි දූෂණයේ වෙිදනාවෙන් ඉපදුන තමන්ගෙ දරුවට වෛර කරනව. මොකද එයාට බෑ මෙි දරුවත් උස්සගෙන වැඩ කරන්න. එයා තාම පුංචියි.අනික එයාට දරුව දිහා බලන බලන සැරේට මතක්වෙන්නෙ එයාට අසීමාන්තික වෙිදනාවක් දුන්නු ඒ බලහත්කාරී දූෂනය. නමුත් කෙල්ලගෙ අයිය මෙි දරුවට පනටත් වැඩිය ආදරෙයි. ඇග්‍රීන් මේ නොදරුවට කියන්නේ අවඡාතකයා කියල

 

a13620 1

 

ඒ දවස් ඇමෙරිකන් හමුදාවෙන් ඉරාකයට ගහන්න පටන් ගන්න දවස්. ‍‍මෙි අනාථ කදවුරුවල සරණාගතයො බෝමිබවලට බයෙන් කදුවුර අතෑරල යනව. නමුත් මෙි පවුලට යන්න අමාරුයි මොකද පුංචි දරුවෙකුත් කර පින්නගෙන තවත් නොදරුවො දෙන්නෙකුට යුද්ධයක් අස්සෙ කොහාටවත් දුවන්න හයිය නෑ. එයාල බෝමිබ එක්ක ඡිවත්වුනත්.

 

 

එක දවසක් මහ රෑ කූඩාරමෙන් නැගිටිට ඇග්රීන් පුංචි දරුවවත් වඩාගෙන අර බෝමිබ වළලපු පිටිටනිය දිගේ ගිහින් පිටිටනියෙ කෙලවර ප්‍රපාතයකට බෑවුමිව තියෙන කන්දකට නගිනවා. ප්‍රපාතය පහලින් අපිට පෙන්නනව ගැඹුරු විලක්. ඒ විලේ ඉන්න රතුපාට ලස්සන මාලු අල්ලල දෙන්න දවසක් අයියා ඇග්‍රීන්ට පොරොන්දු වුණු බව ඇග්‍රීන්ට ඒ වෙලාවෙත් මතක් වෙනවා... . ඒ මතකය අස්සෙන් ඇග්‍රීන්ට තවත් මතකයක් තිබුණා. එදා ඉරාක හමුදාකාරයො කී දෙනෙක් එයාව දූෂණය කලාද...? එතකොට වෙඩි වැදිල බඩගාමින් එයාගෙ අයියා '' අනේ මගේ නංගිට ඉන්න දෙන්න ඔය ඇතී ! එයාව මැරේවි '' කියන දොංකාරයේ හඩ. ඒ හඩ මැද්දෙ කෙල්ල දත්මිටි කමින් කදුලු වගුරවිමන් පුංචි නොදරුවගෙ කකුල් ලනුවකින් බදිනවා. ඒ ලනුව කෙලවර ගලක් ගැට ගහනවා... ඊට පස්සෙ ඇස් දෙක පියාගෙන ගලත් එක්කම දරැවව කන්දෙන් පහළට තල්ලු කරනවා. මගේ දෙවියනේ ඒක එචිචරද ?

ඊට පස්සෙ එයා කන්දෙ මදක් පිටුපසට ඇවිල්ල බොහොම ශාන්තව තමන්ගෙ සෙරෙප්පු දෙක ගලවනවා. ආයිමත් කන්දෙ ප්‍රපාතය දිහාට හිමින් ඇවිදගෙන ඇවිල්ලා අර අයිය අල්ලල දෙන්න පොරාන්දු වුනු රතුපාට ලස්සන මාලු ඉන්න ගැඹුරු පොකුණට ඇස්පියාගෙන පනිනවා....

ටික වෙලාවකට පස්සේ අත් දෙකම නැති හෙන්ගු අයියා තමන්ගෙ නංගිවයි දරුවවයි හොයාගෙන කන්ද මුදුනට එනවා.... ඒ එනකොට එයාට පේනව කන්ද උඩ කලුගල් කැබැල්ලක් උඩ නංගි ගලවා දාල ගිය සෙරෙප්පු දෙක. හෙන්ගුට ක්ෂනිකව අවබෝධ වෙනවා වෙලා තියෙන දේ . එයා පහත් වෙලා අඩමින් තමන්ගෙ නංගිගෙ ඒ අවසාන මතක වස්තුව ගන්නවා.. අර කබල් සෙරෙප්පු දෙක. ... එයාගෙ කටින්...මොකද එයාගෙ අත්දෙකම නෑනේ...

 

494151836 10086134398103748 4579931516228046907 n 2

 

සටහන - ප්‍රදීප් පීරිස් 

මෙම සටහන 'Pradeep Peiris' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.

 

 

මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා / ලේඛිකාව විසින් දරනු ලබයි.

 

kemadasa

Back to top
Go to bottom