මේ දවස්වල අලුතෙන් හැදෙන ඔපෙරාවක කතා නායකයාගේ නම අපේ සටහනත් එක්ක සමපාත වෙන නිසාත්, ලොවට විශිෂ්ට දාර්ශනික අදහස් එක් කළ සොක්රටීස් මූලික කරෙගන එය තැනෙන නිසාත් අපේ කතාවට මෙහෙම ප්‍රවේශයක් ගන්න වා. බටහිර දර්ශනය නිර්මාණය කළ ග්‍රීක දාර්ශනිකයෙක් වෙච්ච සොක්රටීස් ගැන කියවෙ න ප්‍රමුඛම සටහන් ඔහුෙග් ගෝලයෙකු වුණ ප්ලේටෝගේ සටහන් හරහාත්, ඔහුගේ සමකාලීනයෙකු වුණු ඇරිස්ටොෆානිස්ගේ නාට්‍ය හරහාත් ලෝකයට හෙළි වෙනවා.
සොක්රටීස්ගේ මරණයත් සමග වන යටගියාව නැවත ගොඩ ගන්නේ ඔහුගේ සිසුවා වූ ප්ලේටෝ විසින්. ඒ අතරින් නිකුත් වන එක් වාක්‍ය ඛණ්ඩයක් සටහන් කර මෙම සටහනේ ප්‍රවිෂ්ඨය අවසන් කිරීම වටිනවා. "I know that I know nothing" හෝ "I know one thing: that I know nothing" හෙ වත් “මම දන්නේ එක් දෙයක් පමණයි, ඒ මා කිසිවක් නොදන්නා බවයි.
සොක්රටීස්ගේ ඥානය ප්ලේටෝගේ සෙවණැල්ලෙන් වැසුණේ කෙලෙසකදැයි පවසන්නට කිසිවෙකුත් නැත. සොක්රටීස් සමග සිරගෙය තුළ සිටින ක්‍රිටෝ නම් වූ ඔහුගේ මිතුරා හා සැලකිය යුතු කතාබහක් සිදු වනවා. එය නිකුත් වන්නේ ත් ප්ලේටෝගේ සටහනකට අනුවයි. පළමුවෙන්ම ක්‍රිටෝ සොක්රටීස්ට හිරගෙදරින් පැනයන්නට ආයාචනා කළත්, ඔහු එම ඉල්ලීම පහත හෙළනවා. වස පොවන ලද සොක්රටීස් සිය දෙපාවලට එය දැනෙනතුරු ඇවිද්දවන අතර, වස පොවන ලද මිනිසා විසින් ඔහුගේ දෙපා කොනිත්තා බලනවා. එවිටත් ඔහුගේ දෙපාවලට එය දැනෙන්නේ නැහැ. ඒ මොහොතේ මිය යන්නට පෙර සොක්රටීස් සිය අවසන් වදන් මුමුණනවා. “ක්‍රිටෝ, අපි ඇස්ල් පියස්ට කුකුළෙකු ණයයි. කරුණාකරලා ණය ගෙවන්න අමතක කරන්නෙපා'' ඒ අවසන් වදන් වන අතර, ඇස්ල්පියස් යනු ලෙඩ සුව කිරීම වෙනුවෙන් වන ග්‍රීක දෙවියායි. සොක්රටීස්ගේ කුකුළු කතාව එවක රට පාලනය කළ ඇතීනියානු හෙජමොනියේ අවුල් සංසිඳුවීමට දෙවියන්ට දෙන පඬුරක් බවට අරුත් ගැන්වෙනවා.
සොක්රටීස්ගේ ප්‍රධානතම ක්ෂේත්‍ර වන්නේ දේශපාලනය සහ ආචාරධර්මයි. ඔහුට ඒ සම්බන්ධයෙන් මේ යැයි නිශ්චිත ගුරුවරයෙකු සිට නැහැ. ඔහු ඇතැන්ස් නගරයේ සෑම තැනම සංචාරය කර එහි වෙසෙන සෑම සියලු වියත් මිනිසෙකුගේම අදහස් විමසමින් පෝෂණය වූ බව සඳහන් කෙරෙනවා. සොක්රටීස් තුළ වූ නිර්භය ගුණාංග සම්බන්ධයෙන් අදහසක් ගන්නට ඔහුගේ මරණයේ කතාවම ප්‍රමාණවත්.
ඇතීනියානු නීතිය අනුව දඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකුට වෙනත් දඬුවමක් ඉල්ලීමේ හැකියාව ඇති අතර, සොක්රටීස් සිය මරණය වෙනුවට රටින් පිටුවහල් කිරීම නොඉල්ලා , තමන් මෙතෙක් මිනිසුන්ට දුන් දේ වෙ නුවෙන් සම්මාන සහ වරප්‍රසාද ඉල්ලා සිටීම ඔහුගේ මරණය ස්ථිර වන්නට හේතු වෙනවා.
Text: Rachintha Jayawardana