සෑම මනුෂ්‍ය ජීවීතයකම අන් කිසිවෙකුත් නොදන්නා අදුරු කලාපයකින් (Grey Area) යුක්ත වේ. එම පෙදෙස් අණාවරණය කර ගැනීම කිසිවෙකුටත් පහසු කාර්යක් නොවේ. සාහිත්‍ය විශයේදී මිනිසුන්ගේ එම කලාපයන් වෙත අලෝකය එල්ල කොට නිරාවරණය කිරීම බොහෝ විට සිදු වන්නේ නවකතා වලදීය. කෙටි කතාවක එය කිරීම එතරම් පහසු කාර්යක් නොවේ. ලියනගේ අමරකීර්ති සිය නවතම කෙටි කතා සංග්‍රහය තුලින් එම අභියෝගය බොහෝ දුරට ජයගෙන ඇතැයි පැවසීම අතිශෝක්තියක් නම් නොවේ. එක් පසකින් 1988/89 යුගය හා ඊට සම්බන්ධ වූවන්ගේ ජීවීත තුලට හා ඔවුන්ගේ හෘද සාක්ශිය නිරාවරණය කරන ඔහු ඔවුන්ගේ ඊලග පරපුර 2004- 2009 කාලයේ දේශප්‍රේමය නාමයෙන් කල කී දෑ ප්‍රශ්න කිරීමට ලක් කර තිබේ. නාගරික ජීවීතය තුල මිනිසුන් ගේ ජීවීත වල ඇති ඒකාකාරී භාවය මෙන්ම මනුශ්‍ය සමබදතාවල ඇති ඇතුලාන්ත ගැටලුද ඔහු මේ කෙටි කතා තුලින් නැවත කියවීමකට ලක් කොට තිබේ. එසේම තවත් කතාවකදී ඔහු නුතන ටෙලි නිර්මාණ කරුවන්ගේ ජීවිත දෙස එල්ල කොට ඇති ආලෝක ධාරාව තුලින් එම කර්මාන්තයම දෙසම නැවත කියවීමකට පාඨකයා වෙත ඉඩ සලසා තිබේ.
"එන්. ටී.එන් එකේ ප්රවෘත්ති වලට පස්සේ යන මගුල ලියන්නේ පජාතී බූරූවෙක් කියල දන්න එවුන් දන්නවා. ඒත් ඒක දන්නේ දන්න එවුන්නේ. ඒකනේ අයියේ එවුන් ලියන එව්වාගෙන් ඇවිස්සිලා එන වුන් තමා වැඩි."
(පිටුව 45 )
මේ යුද්ධය අවසාන කාලයේ සමාජ මාධ්‍ය බහුල නොවූ සමාජයේ දේශපාලන විඤාානය පිළිබද වූ විශිෂ්ඨ කියවීමක් සහිත එකම පුතා කෙටි කතාවේ උපුටනයකි. එම ප්‍රකාශය අද සමාජයටත් එක සේ වලංගු ප්‍රකාශයකි. වෙනසකට ඇත්තේ එකී මාධ්‍ය ආයතනය වෙනුවට සමාජ මාධ්‍ය ඊට ආදේශ වී තිබීම පමණි. එකම පුතා කෙටි කතාව තුල කේන්ද්‍රීය ජනමාධ්‍යවේදීයාගේ කතා පුවතට යටින් ගලා යන්නේ අප සමාජයේ අධිපතිවාදී සමාජ කතිකාව ගොඩ නැගී ඇති ආකාරය පිළිබද වූ උත්ප්රාසාත්මක කියවීමක් සහිතවය. සෑම විටම බහුතර මතය යනු නිවැරදි මතය නොවන බව අප දන්නා සත්‍යයකි. යුද්ධය පැවති වකවානූවේ අධිපතිවාදී මාධ්‍ය හරහා බෙදා හැරි දේශප්‍රේමී මතවාදය අදද සමාජ මාධ්‍ය හරහා වගුරුවමින් සිටින අතර බහුතරය එය සත්‍ය ලෙස අදත් අදහමින් සිටී. මේ මතවාද වෙනුවෙන් සමාජයක් ලෙස අප ගෙවමින් සිටිනා වන්දියද සුළු පටු නොවේ. මේ කතාවේ එන නිසල පුතාගේ චරිතය සුවිශේෂී වන්නේ එය අප සමාජයයේ පොදු මනුශ්‍ය ජීවීතය රූපකයක් ලෙස ගොනු කොට ඇති බවක් පෙනේ. එනම් සමාජයේ පවතින අධිපති මතවාදය කිසිදු පරික්ශාවකින් තොරව පිළිගනිමින් සිටින නිසාය. ඒ අනුව අප පොදු සමාජය හොදින් නොවැඩුනු සමාජයක්ද ?
බොහෝ සමාජ විචාරකයින් 1987-89 යුගය පිළිබදව ව්ග්රහකොට ඇත්තේ හුදෙක්ම එම යුගය පමණක් සලකාගෙනය. නමුත් අමරකීර්ති මහතා ඔහුගේ සෑම නිර්මාණයකම පාහේ එම යුගය පිළිබදව වෙනස් කියවීමක් එම යුගයේ ඔවුන්ගේ දේශපාලනය වර්ථමානය සමග සසදමින් ඉදිරිපත් කොට තිබේ. ඒ තුලින් වර්තමානය ඔස්සේ අතීතය කියවා ගැනීමට පාඨකයාට ඉඩ සලසා දී තිබේ. දේශප්‍රේමය වෙනුවෙන් 1987/89 යුගයේ කල කී දෑ 2004 - 2009 කාලයේ කල කී දෑ සමග සසදන්නට අවස්ථාවක් දී තිබේ. ඉඩි අමින් හා වැලිමඩ සමන් යන කෙටි කතාවේ මේ තත්වය ඔහු හොදින් විග්රහ කොට තිබේ.
"රටට ආදරය කරන දේශප්‍රේමී නිළධාරියකු හැටියට ඔහු ගැන ලියවුනු ලිපියක් 1995 වර්ශයේ විතර පත්තරේක පල වුනා මට මතකයි. 2006 වර්ශයේත් ඔහුගේ අලුත් ජාතික වීරකම් ගැන ලිපියක් පත්තරේක පළ වුනා. ඒ වන විට ජාතිමාමක පාසල් ගුරුවරයකු වූ මට ඉඩි අමින් ගැන කෝපයක් ඉතිරි වී තිබුනේ නෑ. මම විතරක් නෙමේ ජේවීපී අයටත් එහෙම කෝපයක් නැති බව ඉඩි අමින් සහ ජේවිපි නායකයන් ජාතිමාමක වේදීකාවේ එකට ගැවසෙන එකෙන් මම දැන ගත්තා. වැලිමඩ සමන් හිටියා නම් ඔහුත් එතන ඉන්න තිබුනා.
(පිටුව 95 )
අප මේ ජීවත් වන්නේ දේශප්‍රේමය යනු හුදු වචනයකට හා තමන්ට පක්ෂපාති වන්නා දේශප්‍රේමියා ලෙස නිර්වචනය කරගන්නාවූ යුගයකය. විටෙක හමුදා සෙබලා ආන්ඩුවේ කුලී හේවායෙකි. තවත් විටෙක ඔහු මානෙල් මල් පළදවන විරුවෙකි.
" ඉඩි අමින් සහ වැලිමඩ සමන් සෙල්ලමට මෙන් එකිනෙකාට වෙඩි තබා ගත් නමුත් එකම වගේ අදහස් දරන සහෝදරයන් දෙදෙනෙක් සේ මගේ විඤානයේ අද ඉන්නේ"
(පිටුව 96)
නූතන නාගරික ජීවීතය හුදෙක්ම ඒකාකාරීය. එය බොහෝ දුරට යාන්ත්‍රිකකරණය වී තිබේ. මනුශ්‍ය සබදතා හුදකලා වී ඇති යුගයකි මේ. CCTV යනු මේ වන විට නාගරික ජීවීතය තුල බහුල වශයෙන් භාවිතා වන පාරිභෝගික භාණ්ඩයකි. මේ හරහා පසුගිය මොහොතක සිදු වී ඇති යම්ක් අපට නැරඹීමේ අවස්තාව තිබේ. බොහෝ දුරට අළු පැහැති ලෙස නිරූපනය වන මෙම දර්ශන තුලින් අපට නැවත අප ජීවීතය දෙසම නිරීක්ශනය කීරීමට හැකියාව ඇති බව මෙන්ම එය අප ජීවීතයේ අභ්‍යන්තරය දෙසට නැවත ගමන් කීරීමට හැකි මාධ්‍යක් ලෙස භාවිතා කල හැකි බව අළු පැහැති ආරංචි කතාවෙන් පාඨකයාට දක්වා සිටී. අළු පැහැති තිරයේ නැවත නිරූපනය වන්නේ අපේම ජීවීතයේ ඒකාකාරී බවම බව අමරකීර්ති මහතා පාඨකයාට දක්වා සිටී. එම කතාවේ පවුල තුල වූ ඒකාකාරී ජීවන ක්‍රමය වෙනස් කීරීමට දායක වූයේද මෙම පද්ධතියම බවත් එය පවුල තුල නැවත මානූශීය සබදතා ගොඩනැගීමට ඉවහල් වූ බව දක්වා තිබේ.
" ඒ කැමරා වලට හසුවන අළු පාට ජීවීතය සැබෑ ජීවීතය තරම්ම ඒකාකාරී වන්නට විය. බල්ලා මුත්‍රා කරයි, ඉත්තෑවා කෙසෙල් පදුර ලග හාරයි,පූසා කුමක් හෝ මළ කදක් කයි, මීයෙක් පිළ දිගේ දිව ගොස් ගෙට රිංගයි, බීපූ කෙනෙක් වැනි වැනී යයි. කොතරම් ඒකාකාරී ද යත් කැමරා තරමක් වැඩියෙන් පාර දෙසට එල්ල කරන්නට අවශ්‍ය යැයි පවා විජයසිංහට සිතුණි"
(පිටුව 138)
කසුන් ප්‍රනාන්දු