ලෝකයට සිනමාව පැමිනියේ විනෝදාස්වාදය සදහාය. නිහඩ චිත්‍රපට යුගයේදී චාලි චැප්ලීන්ගේ චලනයන් තුලින් මිනිසුන් ලැබුවේ උපරිම විනෝදයයි. ඒ අතරට චැප්ලින් සංවේදි සිදුවීම් පවා ඇතුලත් කලද, බොහෝ අය චැප්ලින්ව නැරඹීමට පැමිනියේ බඩ අල්ලා සිනාසී විනෝද වන්නටය. එහෙයින් සිනමාවේ මූලික හරය වූයේ විනෝදාස්වාදය ලබා ගැනීමය.
ලංකාව තුලද මුලිකත්වය ලැබෙනුයේ විනෝදාස්වාදය පෙර දැරි කරගත් සිනමාපටයන්ටය. කාලයෙන් කාලයට ඉදිරිපත් කෙරෙන, ක්‍රමය වෙනස්වූවද, අවසානයේදී ප්‍රේක්ෂකයන්ට ලැබිය යුත්තේද විනෝදාස්වාදයයි.
ලාංකේය සිනමාවට කෙලින්ම බලපෑවේ ඉන්දීය සිනමාවය. එහෙයින් එහී තිබූ වට්ටෝරු ක්‍රමය වූ, පෙමිවතා, පෙම්වතිය,දුෂ්ඨයා, විකටයා, සිංදු,නැටුම් සටන්, යන සම්ප්‍රදායික චරිත රැස අප සිනමාව තුලටද රිංගා, එය සදාතනික විය. පෙම්වතා, පෙම්වතිය සිටින විට දූෂ්ඨයා නොසිටියහොත්, ඒ චිත්‍රපටය නොබලන තත්වයකට වැටෙන්නට තරම් අප මානසිකත්වය,හැදී තිබුනි. ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක බහුතරය සිනමාපටයක් බැලීමට ගියේ, එයින් හෝ වින්දනයක් ලැබීමටය. 1950 ගනන් සිට අද දක්වාම විනෝදාත්මක සිනමාව දෝලනය වනුයේ එම වට්ටෝරු අංග මතය. එය දමිල සිනමාව වේවා, හින්දි සිනමාව වේවා සිංහල සිනමාව වේවා, කතාන්තරය ගෙතුනේ එලෙසය.
මොන තරම් කලාත්මක චිත්‍රපට පසු පස දිව්වද, අප දෙපා නවතින්නේ විනෝදාත්මක සිනමාව ලගය. පුරාජේරුවට අප ඒවට බැන්නත්, හදවතින් අප විනෝදවන්නේ එවන් චිත්‍රපට නරඹමින්ය. ඒ විනෝදාත්මක සිනමාව තුලින් අපට කෙලෙසකවත් මිදෙන්නට නොහැකි නිසාය.
එය ඉංග්‍රිසි වේවා, හින්දි වේවා, දමිල වේවා නොඑසේනම් සිංහල වේවා සතුට දනවන චිත්‍රපට බැලීමට අප ප්‍රිය කරයි. පලමුව විනෝදාත්මක චිත්රපටද, දෙවනුව කලාත්මක චිත්‍රපට ලෙසද අප ඉබේටම අප විසින් නරඹන චිත්‍රපට වර්ගීකරණය කෙරෙනු ලැබේ. ඒ කලාත්මක චිත්‍රපටවලට වඩා, විනෝදාත්මක චිත්‍රපටවලට අප ප්‍රිය කරන නිසාය.
ලෝකයේ සිනමාපට නරඹන්නන්ගෙන් බහුතරයකගේ කැමැත්ත විනෝදාත්මක චිත්‍රපටවලටය. එහෙයින් විනෝදාත්මක චිත්‍රපට යනු සිනමා ක්රේෂ්තය පවත්වා යෑමට දෙන ඔක්සිජන් යැයි කිවහොත් වැරදි නැත.
එදා ලංකාවේ බොහෝ චිත්‍රපට විනෝදාස්වාදය නොඅඩුව ගෙන දුනි.ඒවා යථාර්තවාදි නොවුනද, එහී හොද රසයක් තිබුනි. ගීත, නැටුම් සටන් යන වට්ටෝරු ක්‍රමය තිබුනද පවුල් පිටින් ගොස් නරඹන්නට ආශා කලේ එවැනි චිත්‍රපටය. ප්‍රධාන නිලියට කුමක් හෝ අකටයුත්තක්, සිදුවුවහොත්, අපේ අමිමලා හඩයි. කුඩා අපද, අම්මලා හඩනවාදැයි, හොරෙන් බලා, ඔවුන් ඇත්තටම හඩනවා නම්, අපිත් හඩයි. බොහෝ විට තාත්තලා චිත්‍රපට බලන්නට යන්නේ නැත. එහෙයින් චිත්‍රපටය බලා නිවසට ගිය පසු අම්මලත්,අක්කලත් හැඩූ හැටිත්, ඒ නිසා අපත් හැඩූබවක් තාත්තලාට කීවිට අප සිතන්නේ තාත්තලාද හඩනු ඇත කියාය. එහෙත් තාත්තලා කියන්නේ "උඹලා ඔක්කෝටම පිස්සු කියාය" එ්වා හරි සුන්දර සිදුවීම්ය. ඒ අත්දැකීම් අප ලැබුවේත්, අර විනෝදාත්මක චිත්‍රපට නැරඹූ නිසාය. එහෙත් දැන් තත්වය වෙනස්ය.එය එසේ වෙනස් විය යුතුමය. 60 දශකය 60දශකයට අයිති දෙයකි. එලෙස හැම දශකයක්ම ඒ ඒ දශකවලට අනුරූපිත ඒවාය. දැන් 2017 වර්ෂයයි. එයට සාපේක්ෂව බලන විට නම් ලාංකේය විනෝදාත්මක සිනමාව තිබෙන්නේ එතරම් හොද තැනක නොව. තවමත් 60-70 දශක තුල තිබෙන යල්පැනගිය රූපමය රාමු එලෙසම ඇතුලත් කර ඇත
වෙනසකට ඇත්තේ වෙනස් නලුනිලියන් යෙදවීමය. ගැලරි මානසිකත්වයෙන් චිත්‍රපට නිර්මානය කරන අය තවමත් ඇත. අප කාලය අනුව වෙනස්විය යුතුය.
1960 දශකය මැද භාගයේ සිඩ්නි පොයිටර් කියා නලුවෙකු හොලිවුඩ් චිත්‍රපට වල රගපෑවේය. ඔහු කලුජාතික නළුවෙකි. එහෙත් ඔහු ඔස්කාර් සම්මාන ලාභි අතී දක්ෂ රංගධාරියෙකි. ඔහු මෙල්ල කල නොහැකි සිසුන් පිරිසක් සිටින පාසැලක ගුරුවරයෙක් ලෙස අපූරුවූද සම්මානනීය වූද රංගනයක් ඉදිරිපත් කල ලොව වඩාත්ම කථාබහට ලක්වූ චිත්‍රපටයක රගපෑවේය. ඒ "ටු සර් විත් ලව්" නම් චිත්‍රපටයයි. ඔහුගේ තවත් විශිෂ්ට ගනයේ චිත්‍රපටයක් වූ "ගෙස් හූ කම් ටු ඩිනර්" ද ලංකාවේ ප්‍රදර්ශනය විය. ඔහුව පිලිගැනුයේ සම්භාව්‍ය රංග ශිල්පියෙකු ලෙසය. ඉතාමත් විශිෂ්ට ගනයේ චිත්‍රපට ගනනාවක රගපෑ ඔහු හදුන්වනු ලැබුවේ ලොව ශ්‍රෙෂ්ඨතම රංගධාරියෙකු ලෙසය.
1980 දශකයේ මැද භාගයේ දී ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කලේය. මේ ලොව ශ්‍රෙෂ්ඨ එමෙන්ම සම්භාව්‍ය රංග ශිල්පියා ,තම චිත්‍රපටය ට තෝරා ගත් තේමාව වූයේ එවකට පිබිදි ආ තාරුණ්‍යයත් එලෙසම, මයිකල් ජැක්සන්ගේ උන්මාදනීය රැගුම් රටාව වූ බ්රේක් ඩාන්ස්, ස්ට්‍රීට් ඩාන්ස් ශෛලය අනුගමනය කල භද්‍ර යවිවනයේ පසුවන තරුණයන්ගේ කථාවකි. සිඩ්නි පොයිටියර් ඒවන විට වයසින් මුහුකුරා ගොස් තිබුනද, ඔහු 80දශකයේ තාරුණ්‍ය හදුනාගෙන තිබුනි. ඔහුට අවශ්‍ය වුයේ විනෝදාත්මක චිත්‍රපටයක් කිරීමටය . ඔහු තරුණයන් දෙදෙදෙනෙකු හා තරුණියන් හතරදෙනෙකු ඇමෙරිකන් උසස් අධ්‍යපනයක නිරත කලේ චිත්‍රපටයට අලුත් තේමාවක් එකතුකිරිමටය. නියමිත කාලය අවසන් කරන්නට,ඔවුන් ඔවුනගේ විය හියදම් සපුරා ගත්තේ සමාජ ශාලා, ආපන ශාලාවල රැගුම් රගමිනි . අවසානයේ ඔවුන් එහි තිබු නැටුම් සංදර්ශනයකින්ද ප්‍රථම ස්ථානය දිනා ගති. සිඩ්නි පොයිටියර් එවකට ජනප්රියවී තිබු බ්රේක් සහ ස්ට්‍රීට් නැටුම් ශෛලය මෙයට එකතු කර ගති.චිත්‍රපටය පුරාම තිබුනේ නැටුම්ය . එහෙත් ඒ නැටුම් සියල්ලම වෘත්තීය මට්ටමේ නැටුම් විය. මෙය "ෆාස්ට් ෆොර්වර්ඩ්" ලෙස තිරයට පැමිණිය. ලොව ඉතාමත් ජනප්‍රිය වුනු විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස මෙය හැදින්විය හැක. මා මෙය හුවා දැක්වුයේ අපද තාරුණ්‍ය පෙරදැරිකරගෙන විනෝදාත්මක චිත්‍රපට සැදිය යුතු බව පෙන්වීමටය . එහෙත් ඒවා නව තේමාවක් උඩ නිර්මාණය විය යුතුය.
එකල නැටුම් කියා කිවේ එක්දෙයකි. ප්‍රධාන නිළිය ඉතාමත් වේගයෙන් ගීතයක් ගයමින් මල් වත්තක හෝ මුහුදු වෙරළක දුවයි.ඒ දිවීමට සාපේක්ෂ වේගයකින් නළුවාද දිවිය යුතුය . ඔහු ටිකක් හෝ පමා වුනා නම් ඔහුට නිළියව අල්වා ගැන්මට නොහැකි වනු ඇත. ඇතැම් විට නිළියත් නළුවාත් දිවීමෙන් පසු නටමින් ගී ගයයි.ඔවුන්ගේ නැටුම් හරි සරලය .අතක් කකුලක් වම් අතට හරවා ඉස්සුවොත්, යලිත් එය දකුණු අතටත් හරවා උස්සන බව ප්‍රේක්ෂකයා අත්දැකීමෙන් දනී. එහෙත් එකල එවැනි ජවනිකා වල කිසියම් චමත්කාරයක් තිබුණි. නමුත් කාලයත් සමග ඒවා වෘතිමය තත්වයකට පත්වේ .අද ලොව නැටුම් කලාව ඇත්තේ ඉතාමත් උසස් තත්වයෙනි. ලංකාවේද චිත්‍රපට නැටුම් ජවනිකා උසස් ප්‍රමිතියකින් ඇත. අද පුජා උමාශංකර් මල්ගස් වටේ හැටට හැටේ දුවන්නේ ද, රොෂාන් රණවන ද ඒ පසුපස හැටට හැටේ එළවන්නේ ද නැත. ඒ වෙනුවට ඔවුන් ක්‍රමානුකුලව නැටුමක් ඉදිරිපත් කරයි. අද හතරදෙනාම සූරයෝ මුල් චිත්‍රපටය හැර,නව චිත්‍රපටය නැරඹීමට කව්රුත් කැමති නැත. තුෂාරා මුල් චිත්‍රපටය හැර නව චිත්‍රපටය නැරඹීමට කිසිවෙක් කැමති නැත. අප ඒවා තේරුම් ගත යුතුය.
උදයකාන්ත වර්ණසුරිය මෙම තත්වය හරි හැටි වටහාගෙන සිටින අධ්‍යක්ෂකවරයෙකි. විනෝදාත්මක සිනමාව යලි ඇති කල යුත්තේ කෙසේද යනු ඔහු ඔහුගේ "සිරි පොද වැස්ස" "චැලෙන්ජර්ස් "රෝස වසන්තය" "ආසයි මං පියාඹන්න " "කොස්තාපල් පුන්යසෝම " වැනි චිත්‍රපට තුලින් පෙන්වා දුනි . ඉන්පසු යුගයට ගැලපෙන විනෝදාත්මක විත්‍රපට කීපයක් මෙලෙස පැමිනියේය' 'අංජලීකා" "සුපර් සික්ස්," "ප්‍රවේගය" "සුවද දැනුනා ජීවිතේ""සමනල සංධ්වනි " "සිකුරු හතේ" "ආදරණීය කථාවක්""කිංග් හන්තර්","සුහද කොකා" "වන් ෂොට් වන්" "රන් කෙවිට " බහුභුතයෝ " "ගින්දරි" "සරිගම" "එඩ්රස් නැහැ"වැනි චිත්‍රපට තුල යම් තරමක විනෝදාස්වාදයක් ප්‍රේක්ෂකයාට ලැබුණි.
අද ප්‍රේක්ෂක මනස වෙනස්ය . ඒ වෙනසට ගැලපෙන ලෙස විනෝදාත්මක සිනමාව ද වෙනස් වේ . මෑතකදී තිරගත කල "මායා" චිත්‍රපටයද විනෝදාත්මක සිනමාවට අයත්වුවෙකි.එයට ප්‍රේක්ෂකයා ගේ ප්‍රතිචාරද ඉමහත්ය . මා ඉහත සදහන් කල හැම චිත්‍රපටයක්ම ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලද ගති. ආදායම් අතින්ද අතී සාර්ථක විය. මේ හැම චිත්‍රපටයකම සුන්දර මියුරු ගීත තිබුණි . " නීල නිම්නයේ",( හිරිපොද වැස්ස) " පායනා සද පාන කාගේ "(අංජලිකා ) "සමනල් හැගුමන්" (ආසයි මං පියාඹන්න ) "රොන් සුවද දෙන මල් (සුවද දැනුනා ජීවිතේ) "සමනලයින් පාට පාට"(සරිගම) "රැය පිබිදී තරුද දිලුනි"( සුපර් සික්ස්)"සිහිලැල් වූ" ( ප්‍රවේගය) "කොන්ක්‍රීට් වනන්තරේ"(බහුබූතයෝ) "මේ බජාර් එකට මල්ලි" (එඩ්රස් නැහැ) "ඉකි ගසා හඩන "(සමනල සංධ්වනි)වැනි ගීත ඉතාමත් ජනප්‍රිය විය . රෝහණ වීරසිංහ ,නවරත්න ගමගේ,නදීක ගුරුගේ,භාතියා සන්තුෂ්, මහේෂ් දෙනිපිටිය , දර්ශන රුවන් දිසානායක වැනි දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරුන් විනෝදාත්මක සිනමාවට අද යුගයට ඔබින ගී තනු ලබාදෙන්නට සිටින අතර, ශිහාන් මිහිරංග,උරේෂ රවිහාරි,නිරෝෂා විරාජිනී,දුමාල් වර්ණකුලසුරිය,සුරේන්ද්‍ර පෙරේරා,අමිල නදීෂානි, භාතියා සන්තුෂ්,උමාරියා සින්හවංස ,රුවන් හෙට්ටිආරච්චි,භාචි සුශාන්, වැන්නන් ගේ හඩ විනෝදාත්මක සිනමාවට ගායනයෙන් සහය වන්නට සිටිනු ඇත. අද යුගයට ගැලපෙන නළු නිලියන් රැසක් අප සතුව ඇත. එලෙසම දක්ෂ විකට නළු නිලියන්ද,හොද තරුණ ජවයෙන් පිරි සටන් නළුවන්ද සිටින විට, බොක්ස් ඔපීස් වාර්තා තබන්නට හැකි විනෝදාස්වාද චිත්‍රපට තැනීම අපහසුවක් නොවේ.
අප නව විනෝදාත්මක සිනමාවේ මා දකින අනෙක් අඩුව නම් දිගු කල් වීරයෝ බිහි නොකිරීමය. හොලිවූඩ් හි එක් කලෙක හැරී කැලැහාන් බිහි විය. එයින් "ඩර්ටි හැරි " වෘත්තාන්තය බිහිවිය. "බොන්ඩ්" බිහිවිය, රම්බෝ,රොකි ,කරාටේ කිඩ් ,ස්පෛඩර් මෑන් , වැනි දිගුකාලින වීර චරිත බිහිකලෝය . එකල අපේද,"සූරයා " වීර චරිතයක් වී ගාමිණී පොන්සේකා පමණක් යොදා "සූරයන්ගෙත් සූරයා " "එදත් සූරයා අදත් සූරයා" "සූරයා සූරයාමයි " බිහි කලේය , ඉන්පසු එසේ දිගු කාලින වීරයෝ බිහිවුයේ නැත. දර්ශන් ධර්මරාජ් වැනි නළුවෙකු යොදවා ටර්මිනේටර් වැනි දිගු කාලින චරිතයක් හරහා චිත්‍රපට කීපයක් කරන්නේ නම් එය විනෝදාත්මක සිනමාවට නැවුම් අත්දැකීමක් දේවී .
අප අප ලග තිබෙන සම්පත් තුලින්, අද තිබෙන නව තාක්ෂණයත් යොදවා ගනිමින් දින සීය නොව දින දෙසීය හෝ ප්‍රදර්ශනය වීමට, බොක්ස් ඔපිස් වාර්තා තැබීමට හැකි හොද විනෝදාස්වාදය ලැබෙන චිත්‍රපට කිරීමට හැක. එවිට අප චිත්‍රපට ශාලා පිරි ඉතිරි යනු ඇත. චිත්‍රපට සාර්ථක වන්නේ නම් ඇති තරම් නිෂ්පාදකයන් සොයා ගෙන එනු නිසැකය . අවශ්‍ය වන්නෙ නිසි සැලසුමක් පමණි. එලෙස සැලසුම් සහගතව කළහොත් ලංකේය සිනමා කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් වීම කිසිවෙකුටත් නැවැත්විය නොහැක.
ශෝන් මැක්ස්මස් දිසානායක