ඔබ මේ දකින්නේ ලොව අග්‍රගන්‍ය නිර්මාණ දෙකකි. එකක් සිතුවමකි අනෙක ඡායාරූපයකි. මේ දෙකටම පාදක වී ඇත්තේ එකම කතාවය, එකම චරිතය. නමුත් හැඩ රුව ඇද ඇත්තේ එකිනෙකාට වෙනස් අයුරිනි. මක්නි සාද කතාවේ එන චරිත ලොව කිසිවෙක් මෙතෙක් දැක නොමැති නිසාය.
මෙහි ප්‍රථමයෙන් ඇත්තේ 1612 දී Peter Paul Rubens නැමැති ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පයා ඇදි සිතුවමයි.
දෙවැන්න නිර්මාණය කර ඇත්තේ 2011 දීය. ඒ ලොව කීර්තිමත් කලාකරුවෙකු ලෙස නමක් දිනා සිටින රුසියාවේ Max Sauco විසිනි.
මේ නිර්මාන ද්විත්වය හා තවත් බොහෝ චිත්‍ර ශිල්පීහු සිතුවමට නැගු පෝරෝ සහ සිමොන් සිතුවම්වලට පාදක වන්නේ වැලීරියස් මැක්සිමස් නැමැති රෝමන් ඉතිහාසඥයා ලියන ලද a great act of pietas නම් කෘතියේ එන ඉපැරණි රෝමන් සිතුවම් දෙකක් හා එයට නිමිත්තවු ඔහුගේ කතාවයි.
ක්‍රි.වර්ෂ පළවෙනි සියවසේ පොම්පෙයි නුවර සිරගෙදරක සිමොන් යනුවෙන් හදුන්වන එක් වයසක මිනිහෙක් සිර ගත කර සිටියේය. ඔහුට පාලකයෝ ආහාර නුදුන් අතර ඔහු සිටියේ මිය යමිනි. මිය යමින් සිටින මේ මිනිසා බැලීමට දිනක් ඔහුගේ දියණිය වන තරුණ පේරෝ පැමිනියාය.
අණතුරුව ඇය දිනපතා මේ සිරකරුවා බැහැ දකින්නට පැමිණි අතර සිමොන් සිටියේ මරණයෙන් ගොඩ එමිනි. දිනක් හදිසියේ මේ සිර කුටිය ලගට ආ බන්ධනාගාර නිලධාරියෙක් දුටුවේ තරුණිය සිය තන පුඩුව පියාගේ මුවට ලං කරන අන්දමයි. ඔහු මෙය සිය බලධාරින්ට වාර්තා කලේය. බලධාරීන් පැවසුයේ එය උත්තරීතර මානව දයාවක් හා සැබෑ පීතෘ ස්නේහයක් බවයි. එමෙන්ම ඔවුහු දියනියගේ පියාව නිදහස් කලා පමණක් නොව ඔහු මියයනතුරු ආහාර සැපයීමේ වගකීමද බාරගත්හ.
ලෝකයේ බොහෝ රටවල කීර්තිමත් චිත්‍ර ශිල්පීන් විසින් මේ දෙදෙනාව තමන් සිතින් දකිනා පේරෝ සහ සිමොන්ට අනුව චිත්‍රයට නගා ඇත.
උපුටා ගැනීමකි