කලබල වෙන්න එපා මල්ලි මේක ගැහුවෙ නටන්න නටන්න නටන්න
ජරමර කරන්නෙපා මල්ලි සැපෙන් ඉන්න
ඔතන්න ඔතන්න ඔතන්න
දිමිත්‍රි රැප් බයිලා කියල මෑතක ඔන්ලයින් නැගලා යන සිංදුවකින් මට බේරෙන්න බැරි වෙලා තියෙනවා. නැවත නැවත අහන්න හිතෙනවා විතරක් නෙමෙයි අහන්න අහන්න ආතල් වැඩි වෙනවා. සිංදුවක් විදිහට මේක කිසිම මීඩියා සම්මතයක් ගරු නොකර කරපු වැඩක්. කියන්න තියෙන වචන ආයෙ ආලවට්ටම් දාන්නෙ නැතුව කෙලින්ම කියනවා ආර්ට් එකකට. කවුරු හරි අහන්න පුළුවන් මේවා සිංදුද කියල. ඒත් මං කියන්නෙ මේ තමයි සිංදු. අපිට නිතර ඇහෙන්නෙ බිංදු.
මුලින්ම අගය කරන්න ඕන කාරනේ ටීවී රේඩියෝ චාර්ට් ෂෝ හරි රින්ගින් ටෝන් හරි හි`ගමනේ යන්නෙ නැතුව තමන්ගෙ ෆන් එක තමන්ගෙ ආර්ට් එක ඇතුලෙ ගන්න මෙතන තියෙන අවංක ට්‍රයි එක. කාටද කියන්නෙ, කවුද අහන්නෙ ගැන වගේ වගක් නැතුව දැනෙන තැනින් වැඬේ කරන හින්ද මේක වදිනවා වැඩියි.
පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා
වනන්න වනන්න වනන්න
ඇරියොත් ඇරියා නැත්තං කවුද
කැයන්න රියන්න යයන්න..
මේක මරු සාහිත්‍යයක්. අපි එදිනෙදා කතා කරන මුනගැහෙන ඇහිඳින දේවල් වචන වලට කාලයක් තාලයක් ඇතුලෙ ගේන්න ගත්ත හොඳ උත්සාහයක්. ඒ වගේම හරිම සරල විදිහට සීරියස් දේවල් කියන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව අතපත ගාන අලූත් ඉසව්වක්.
මං මේ සිංදුවෙ කැමතිම ඇටිටියුඞ් එකට. අපි නිහාල් නෙල්සන්ලගෙන් එදා අහපු ගුනෙ අයියගේ බජව් දාන කාමරේ අද කාලෙ මොඩර්න් වර්ෂන් එක මෙතන තියෙනවා. ඒත් සමහර විට මේක නිහාල්ට වඩා ගොඩක් පොලිටිකල්- කල්ට් තැනක්. ලංකාවට ගොඩක් පුරුදු නැති ඇනාර්කි ස්ටයිල් එකකින් මේ සිංදුව ලොකු පරාසයක් අතපත ගාගෙන යනවා. මං කලින් කියපු ආස කරන ඇටිටියුඞ් එක එන්නෙ එතනින්.
මට ආසයි හඳට යන්න- හඳේ ඉඳන් පොලොව දිහා බලන්න
එන්න ඩාලිං ඔයත් එන්න කියල -කෙල්ලවත් එහෙටම ගෙන්න ගන්න
වතුර ටිකක් හොයාගන්න බොන්න නෙමෙයි- බොග දාලා පුක හෝදගන්න
යන්න කලින් මතක් කරන්න- බියර් එකයි බීඩි මිටියයි හතේ කණුවෙන් ගන්න..
මේකට කරලා තියෙන විෂුවල් එකත් මාරම ලල්. ඒකෙන් සිංදුවට ඕන කරන කොමික් ගතිය නියමට මතු කරනවා විතරක් නෙමෙයි හොඳ පන්ච් එකකුත් දෙනවා. වැඩියෙන්ම මේ සිංදුවට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන අපි හිතන් ඉන්න ළාමක ලංකාවට වඩා වෙනස් මිනිස්සු ටිකක් මේ පොලොවෙ ඉන්නවා කියල පෙන්නපු එකට. ඒ වගේම බොරු මීඩියා පොප් තැනක නැතුව රියල් පොප් තැනක මේක හිටවන්න කොන්දක් තිබුන එකට.
(මේ සිංදුව කරපු අයගේ කලින් නිර්මාණ ගැන නම් මගේ කිසිදු පැහැදීමක් නැති බවත් ඒ අය ඉදිරියේදී කිරීමට නියමිත නිර්මාණ ගැන මෙය කිසිදු ගැරන්ටියක්ද නොවන වගත් සඳහන් කරන්න ඕන)
-චින්තන ධර්මදාස-