"මං හිතුවෙ එන එකක් නැහැ කියලා"
"නේන්නමයි හිතුවෙ"
"එහෙනම් ආවෙ?"
"ආවත් නාවත් දැන් වෙන්න ඔනෙ දේ සේරම කියලා ඉවරයි"
"ඒ මොකද්ද?"
"බංගලාව අතුපතුගාන්නෙ මොකටද කියලා ගමේ සේරම කතාව ගිහින්"
"මං ළගටවත් ආවද?"
".නැතුවට තාලෙ දන්නෙ නැහැ නිකන් වුනත් කියලා ඉවර කරනවා"
"මං ඔහෙට ආදරෙයිනේ. එදා තරහාවෙලා ගිය වෙලාවෙ මට බයත් හිතුනා.කාමරේ අස්පස් කරගත්තෙත් මමනෙ.බොනීට පිටු පාපු එකම නෝනා තමා මේ..."
"මට පුළුවන්ද අනාතවෙන්න.අපි දුප්පත්."
"මං එහෙම අයට මගෙ වස්තුව දීලා හොඳින් සළකනවනෙ"
"ගෑනි කැමති එක්කෙනා එක්ක මිසක් වෙන ගිහින් මොකටද?'
"එහෙවුනොත් මම ඔයාව සිරිසේනට දෙන්නම්කො"
"එයා අකමැතිවුනොත්?"
"මං බාරගන්නවා"
"එහෙමවෙයි ඔන්න...."
"පෙම්වතන්ගේ ලෝකය"- පරසතු මල් වුණේ මෙහෙමයි.
මමයි,ලයනල් අල්ගමයි, පී.කේ.ඩී. සෙනෙවිරත්නයි ගියා චන්ද්‍රරත්න මානවසිංහ හමුවෙන්න. ඔහු පදිංචි වෙලා හිටියේ බොරලැස්ගමුවේ වාපි මේඛලා නිවසේ. නමුත් ඔහු ඒ වෙලාවේ නිවසේ හිටියේ නෑ.බෙහෙත් වගයක් ගන්න මහවැව ගිහිල්ලා.
එහෙම්ම ගියා මහවැව, මගේ කාරෙකෙන්ම. ඒ කියපු තැන හොයගෙන යන කොට ලොකු වත්තක් මැද හාන්සි පුටුවක මානවසිංහයන් දිගෑදිලා හිටියා.බේත් කෙසේ වෙතත් වෙන මොනවාද නම් බිබී හිටියා. අපි ආපු කාරණේ කිව්වමිමෙතන මේවා කතා කරන්න බෑ අපි යමු හොඳ තැනකට කිව්වා. මහවැව ඉඳන් හලාවතට යන පාරේ තමයි සුදුවැල්ල දේවාලය තියෙන්නේ. අපි ගියේ ඔතැනට. ඉතින් ඔන්න දැන් අපි අර වැල්ලේ වාඩිවෙලා මානවසිංහට කතාව කියනවා.පී. කේ.ඩී.තමයි කතාව කියන්නේ. කතාව බාගයක් දුරට යද්දී එකපාරටම මානවසිංහ කිව්ව "ආ මේ උඹ කතා කරන්නේ අනුන්ගේ ගෑනු ගැනනේ'. පරසතු මල් අනුන් සතු කියන එකනේ. ඕකට දාපන් පරසතු..... කියනකොටම මල් කියලා ලයනල් අල්ගම ඉතිරිය සම්පූර්ණ කළා.
රංගනයෙන් ගාමිණී ෆොන්සේකා, පුණ්‍යා හීන්දෙණිය, ජෝ අබේවික්‍රම, සිරිමතී රසාදරී,ටෝනි රණසිංහ,ශාන්ති ලේඛා, ඩී.ආර්. නානායක්කාර, අනුලා කරුණාතිලක, චිත්‍රා වාකිෂ්ඨ, සී. ඒ. බාලසූරිය, එස්. ඒ. ජේමිස්, ෂෙල්ටන් පෙරේරා,විජේරත්න වරකාගොඩ, ධර්මදාස කුරුප්පුු,නෙල්සන් කරුණාගම
අධ්‍යක්ෂණය- ගාමිණී ෆොන්සේකා සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්
කතාව සහ තිර නාටකය-හක්ගල්ලේ පී.කේ.ඩී.සෙනෙවිරත්න
නිෂ්පාදනය - චිත්‍ර බාලසූරිය
කැමරා අධ්යක්ෂ-සුමිත්ත අමරසිංහ
සංස්කරණය-ටයිටස් තොටවත්ත
කලා අධ්‍යක්ෂණය- ධර්මසේන හේමපාල
ගීත රචනා -මහගම සේකරයන්
සංගීතය- ලයනල් අල්ගම
ගායනය- අමරදේව, සුජාතා අත්තනායක
නිෂ්පාදන පිරිවැය-රුපියල් හත් ලක්ෂ අනූ දාහයි
මුල් වරට තිරගත වූ දිනය-1966 සැප්තැම්බර් 23 වැනිදා .