පියුමි හංසමාලි යනු රංගන ශිල්පිනියකි. ඇය පිළිබඳ කතිකාවක් ගොඩ නැගුනේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේය.සමහරක් සමාජ ජාලා වෙබ් අඩවි තමන්ට හිතෙන හිතෙන දෑ ඇය පිළිබඳව ලිව්වේ ඇය ට මනුෂ්‍යයෙකු ලෙස ජීවත්වීමේ අයිතිය ද උදුරා දමමිනි.
1980 දශකයේ වෙබ් මාධ්‍ය තියා ජංගම දුරකථනයක් වත් නොතිබුනි. චන්දි රසිකා, සුමනා ගෝමස් එම දශකයේ මෙරට පිරිමි පේ්රක්ෂකයන්ගේ මානසික ගොඳුරු බවට පත්වූයේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණ තුළිනි.
චන්දි රසිකා සුමනා ගෝමස් වැනි රංගන ශිල්පීන්ට ඉන් පසු සිදුවූයේ පුවත්පත් හරහා වෙනස්ම ආකාරයේ විවේචන එල්ල වීමය.
සිනමා රසිකයින් පිරික් සුමනලාට, චන්දි ලාට කැමති වනවිට ප්රබුද්ධ ගනයේ බොහෝ මිනිස්සු සුමනලාට රහසින් කැමතිවුවත් එළි පිට පෙන්වන්නට බියට පත්විය.මන්ද එකල පුවත්පත් වල සිනමා අතිරේක ලියන්නෝ පවා සුමනලා පෙනී සිටි චිත්‍රපට නරඹා ඒවාට කෙළ ගැසූහ.
ඊටත් පෙර යුගයේ 70 දශකයේ ඩීමන් ආනන්දගේ කෙටි නවකතා කියැවීම ට මෙරට පාඨකයෝ පුරුදු වී සිටියේ හොර රහසින් ගැහැනියක ඇසුරු කරන්නාක් පරිද්දෙනි.දෙමව්පියන්ට හොරෙන් ඩීමන් ආනන්දගේ පොත් නොකියූ 70 දශකයේ තරුණයෙක් නැති කරම්ය.
නමුත් ඩීමන් ආනන්ද මෙරට තරුණයන්ගේ හද ගැස්ම හඳුනාගෙන සිටියා ද යන්න වෙනම කරුණකි. ඔහු ඉල්ලුමට සැපයුම් කරන ලදී.
80 දශකයේ සිනමා වේ නියුතු ව්‍යාපාරිකයෝ සහ අධ්යක්ෂවරු ද ඉල්ලුමට සැපයුම් කළහ.
මන්ද විවෘත ආර්ථිකයෙන් ඇතිවූ විවිධ සමාජ දේශපාලන ආර්තික කාරනා මත ඇතිවූ විපර්යාස සමග මේ රටට සෙක්ස් අසහනය පිරි සංස්කෘතියක් වර්ධනය විය.
මැදපෙරදිග ගෘහසේවයට ගිය සිය බිරිඳ සමග සයනයේ්, පැදුරේ ,පිල් කඩේ ලිංගික උවමනාවන් පිරිමහ ගත් පිරිමින්ට වසර ගනන් කල් පහස ලබන්නට ක්‍රමයක් නැතිවිට අල්ලපු ගෙදර කාන්තාවට, බිරිඳගේ සහෝදරියට නොමැතිනම් තම ජාතක දියණියව පවා තම ලිංගික අවශ්‍යතාවන් සඳහා බාවිතා කරන ලදී.
එපමණක් නොව දේශපාලනයට ගැතිකම් කළ බොහෝ අය සහ විවෘත ආර්ථිකයෙන් මෙරට ඇතිවූ ආර්ථික ක්‍රියාදාමයෙන් විවිධ ව්‍යාපෘති හරයාත් අලුත් රැුකියා අවස්ථා නිසාත්, බිිහිවූ නව ධනපති පන්තියට සමාජ ගත වීමේදී මූළික අවශ්‍යතා අතර ලිංගිකත්වය, ඇඳුම් පැළදුම්, වාහන, කෑම බීම ,සංචාර ආදී නොයෙක් අවශ්‍යතාවන් ඇතිවිනි.
වීඩියෝ චිත්‍රපට නොහොත් විවිධා කර නිල් චිත්‍රපට මෙන්ම දේශීය සිනමාවේ සුමනා ගෝමස් වැනි රංගන ශිල්පිනියන්ට තම සිරුර බාවිතා කරමින් රංගනයේ යෙදෙනේනට අවස්ථා හිමිවූ අතර ඒ සඳහා ඉදිරි පත්වීමම එකල සමාජය තුළ බෝම්බයක් බඩ බැදගත්තා හා සමාන විය.
ධර්මසිරි බණ්ඩාරනායකලා සුද්දිලාගේ කතාව තුලින් කතාකරන ලද ජීවන යථාර්ථය තුළ ස්වර්ණා සෙක්ස් සිම්බල් එකක් ලෙස හා ගමේ ගැහැනිය ජීවත්වීම උදෙසා ගමේ මුදලාලිට ඇග විකිනීමත්, සුමනා ගෝමස්ලා නගරයේ ධනවතුන්ට ජීවත්වීම උදෙසා ඇග විකිනීම සම්භාව්‍ය සිනමාව සහ වල් චිත්‍ර පට යන නිර්නායකයන් අතර වර්ගී කරනය විය.
සුමනා ගෝමස් රගපෑ චිත්‍රපට ද වැඩිහිටියන් ට පමණයි වන විට ලිංගිකත්වය බාවිතා කළ සම්භාව්‍ය චිත්‍රපට වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි විය. ස්වර්ණා ප්‍රභල ප්රථිභාපූර්ණ රංගන ශිල්පිණියක් වූ අතර සුමනා ගෝමස් නිළියක් පමණක්ම විය.මේ අපේ සිනමා සමාජයේ එකම කාරනයක් වෙනුවෙන් ලබාදෙන ලද විවිධ නිර්වචනයන්ය.
වර්තමානය ට නැවත පැමිණි විට පියුමි හංසමාලි ඉරාජ්ගේ වීඩියෝවේ වැඩිමල් පිරිමියෙකුගේ බිරිඳකට රගපෑමෙන් ද එහි රූප රාමු වල කෙසෙල් ගෙඩි අනුබව කිරීමද, සොසේජස් මිරිකා හැරීම ඇතුළු ඉරාජ්ගේ මියුසික් වීඩියෝව මගින් ඉරාජ් පෙන්වීමට උත්සාහ කරන සෙක්ස් කතාව තුළ පියුමී චූදිතයෙක් කරතිබේ.
මෙරට සෙක්ස් වලට කැමති තමන්ගේ ෆැන්ටසියේ තමන්ට සමීප විය නොහැකි නිසාම ගැහැනියට බඩුවක් ලෙස හඳුන්වා නිග්‍රහ කරන පිරිමි, තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් හුවමාරු කරගෙන සෙක්ස් වීඩියෝස් නරඹන්නේ මහත් අභිරුචියෙනි.
පියුමි හංසමාලි අඩ නිරුවත් ජායාරූප වල ට පෙනීසිටීම, ඉරාජ්ගේ මියසික් වීඩියෝවෙ කෙසෙල් ගෙඩි අනුභව කිරීම, සොසේජයක් මිරිකීම මෙන්ම, ගනන් කාරයෙකු බඳු වූ පියුමිගේ පෙම්වතා හෝටල් වලට පැන පහරදිීම, තර්ජනය කිරීම, වෛද්‍යවරයින්ට ගැසීම ආදී විවිධ කරුනු නිසා පියුමි හංසමාලි සම්බන්ධයෙන් මේ සමාජයේ අදහසක් ලෙස ඇත්තේ පියුමි බඩුවක් වශයෙනි.
පියුමිට මේ නිසාම කොරියාවේ ප්‍රසංගයකට ආරාධනා ලැබ ගිය මොහොතේ කෙසෙල් ගෙඩි ප්රහාරයන්ට ලක්වීමට සිදුවූ බව වෙබ් මාධ්‍ය දවසේ මාතෘකාව කරගනිමින් සමාජ ජාලා වෙබ් අඩවි තුළ විශාල මාධ්‍ය ප්‍රචාරයක් පියුමිි හංසමාලිට ලබ දුන්නේය.
පියුමි ලංකාවේ දුප්පත් ජනතාවගේ මුදල් හොරකම් කර, බැඳුම් කර වංචාවට සම්බන්ධ ගේම් ගැසීම, රටේ සම්පත් මංකොල්ල කෑම ,රාජපක්ෂ පවුලේ අයට හොරකම් කිරීමට උදව් කිරීම ආදී මේ රටට ජනතාවට විශාල වංචාවක් කළ කෙනෙකු යැයි වරදවා වටහාගත් කොරියාවේ දේශපේ‍්‍රමී සහෝදරවරු ඇයට එසේ කර තිබේ.
පියුමි ප්‍රකාශ කර තිබුනේ ඇයට එසේ කොරියානු සිංහල ජනතාව එසේ නොකළ බවයි. එය කුමක් වුවත් මෙරට වෙබ් මාධ්‍ය සමහරක් පිරිස් පියුමි චූදිතයෙකු කොට ගල් ගසා හමාරය.
එහෙව් පියුමි වස්සානයේ සඳ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වි සින් ඔසවා තබන්නේ සිනමා කරුවෙකුට කළ හැකි හොඳම දේ පියුමි වෙනුවෙන් කරමිනි.
උදයකාන්ත පියුමි හංසමාලිව සිය ආදර කතාවකට තෝරාගැනිමට සිතන පළමු අවස්ථාවේ සිටම පියුමි වෙනුවෙන් කර ඇත්තේ කැපකිරීමකි.
එහි පියුමිව මෙහෙයවා ඇත්තේ සංයමයකිනි. පියුමි දැන් සිනමාවේ ප්‍රධාන රංගන ශිල්පිනියක වී හමාරය. ඇය වස්සානයේ සඳ හි ප්‍රධාන කතානායිකාවය.
දිල්හානි අශෝක මාලා එකළ රගපෑවේ වැඩ කට නැති විචාරකයින් විසින් හඳුන්වනු ලැබූ කසි කබල් චිත්‍රපටවලය. ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, ජීවන් කුමාරතුංග, රන්ජන් රාමණායක වැනි නළුවන් සමග ගස්වටේ දුවමින් සිංදු කියා නැටීය .
දිල්හානි එකළ කළ චරිත ඇත්තෙන්ම වැඩකට නැති චරිතය.දිල්හානිලාගේ යුගයේ ගස්වටේ දුවන චිත්‍රපට කතාවලට වඩා මාලිනී ෆොන්සේකලාගේ කාලේ මල්ගස් වටේ දුවන චිත්‍රපටවල ගීත රසයක්, සංගීත රසයක්, නාටකීය රසයක් මෙන්ම නළු නිලි රසයක් නොඅඩුව තිබිණි. විජය මාලිනී ගාමිනී ආදීන් එකළ ඇත්තෙන්ම තරුය.
නමුත් දිල්හානිලාගේ යුගය තුළ දේශීය සිනමාව පේ්රක්ෂකයන්ට එපා කළේය. නමුත් දිල්හානි, අශෝක හඳගම විසින් වෙනත් මානයකට ඔසවා තබන්නට සමත්වූයේ පේ්රක්ෂකයන් පවා පුදුමයට පත් කරවමිනි. දිල්හානි සැබැවින්ම රංගනයට ප්රවිශ්ටවුයේ එතැන් පටන් ය යන්න බොහෝ අයගේ අදහස විය.
එතෙක් කල් මල්ගස්වටේ නටමින් දුවමින් බොළද පෙම්වතියගේ චරිත නිරූපණය කළ දිල්හානි සම්භාව්‍ය සිනමාවට කරනම් ගැසුවේ ඇය තුළ තිබූ දක්ෂතා අධ්යක්ෂවරුන් විසින් සොරාගැනීමේ ප්‍රථිපලයක් ලෙසය.
අද වනවිට දිල්හානි දක්ෂ රංගන ශිල්පිණි යක් ලෙස හඳුන්වයි. එමෙන්ම ඇයට ඉල්ලුමක් ද වේ. දිල්හානි පසුකලෙක ඇයගේ චරිත තෝරාබේරා ගනිමින් විවිධ දේශපාලන මතවාදයන් හදාරමින්, පොත් පත් පරිශීලනය කරමින් තම අනන්‍යතාවක් ගොඩ නගා ගනු ලැබීය.
ඇය තමා පිළිබඳ ස්වාධීන තීන්දු තීරණ ගැනීම මෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්නට තරම් හයියකින් යුතු වූවාය.
දිල්හානිට පෙර සබීතා ටද සිදුවූයේ දිල්හානිට සිදුවූ දේමය. ගස් ගල් වටේ නටපු සබීතා දෙවෙනි ගමන, විරාගය වැනි චිත්‍රපටවලින් පසු චිත්‍රපට තෝරාබේරාගත්තා පමනක් නොව විවිධ අධක්ෂවරු යටතේ තම ජීවිතයේ දැක්ම ද ගොඩ නගාගත්තාය.
අපේ රටේ බහුතරයක් නළු නිළියන්ට ජීවිතයට දර්ශණයක්, විෂන් එකක් නැත. සබීතලා දිල්හානිලා මේ විෂන් හදාගත්තේ තමන්ට රංගන ජීවිතයේදී හොඳ අධක්ෂවරුන් ලැබීමත් සමගය.
ස්වර්ණා මල්ලවආරච්චි ට ද සිදුවූයේ මේ කරණයමය.ඇසුරු කරන පුද්ලයින් තුලින් ජීවිතයට දර්ශණයක් ගොඩ නගාගැනීමය. ස්වර්ණා සමස්ථ නිළි පරම්පරාවෙන් තමාව ඉහළටම ඔසවා තබාගත් රංගන ශිල්පිණිය විය.
ඉතින් දැන් මේ පියුමි හංසමාලිගේ එවන් අවස්ථාවක ප්‍රථම පියවරය. පියුමිට, උදයකාන්තගෙන් අනෙක් නිළියන් ට මුණගැසුනු අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගත් දේ ගොඩනගාගන්නට හැකිදැයි නොදනිමි.
එහෙත් පියුමිට ප්‍රසන්න,හඳගම හෝ විමුක්ති මුණගැසුනහොත් ස්වර්ණාට, සබීතාට, දිල්හානිට මෙන් තම ජීවිතයට වෙනත් මානයක් සොයාගන්නට හැකි වනු ඇත.
පියුමි වස්සානයේ සඳ චිත්‍රපටයෙන් මෙරට රසිකයින්ගේ සිත් ආදරයෙන් වෙනස් කරනු නියතය. පියුමි ආදරයට මනුස්ස කමට ආදරය කරන යුවතියක් ලෙස අතිශය මානුෂීය සහෝදරියක දියණියක පෙමවතියක ලෙස එහි රංගනයේ යෙදෙයි.
ඇයට ගරහන ඔබට හෙට දිනක පියුමි ට සහෝදරියක ලෙස ආදරය කරන්නට හිතෙනවා සිකුරුය.
ගැහැනියක් දරුවෙක් සමග තනිව ජීවත්වන්නට ඇග විකිනීම නිළිකම වෘත්තීය ලෙස තෝරාගැනීම ආදී විවිධ කරුනු සැළකිල්ලට ගත්විට පියුමි සිය දරුවා සමග ජීවත්වීම උදෙසා ගෙන යන්නේ ජීවන අරගලයකි.
ඒ අතර තුර සමස්ථ සමාජයම ඇයට ගල් ගසා ඇය බඩුවක් කර තිබේ.ගනිකා වෘත්තීය නීති ගත කළ දවසක මේ මහත්වරු නිසැකවම පසුපස දෙරෙන් ඇතුළු වනු නිසැකය.
ඇයට ඇගේ ශරීරයේ අයිතිය ඇත්තේය. ඇයට කැමති වෘත්තීයක් තෝරා ගැනීමේ අයිතිය ඇත්තේය.ඇයට තම උපන් පොළවේ නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇත්තේය.
අපි පියුමිට ආරාධනා කරන්නේ උදයකාන්ත ගේ මෙම කැපකිරීම අවතක්සේරු නොකර ජීවිතය මෙතැනින් වෙනත් මානයක් වෙත රංගන ශිල්පිණියක ලෙස සංක්‍රමණය වන්න. එවිට ඔබට ගල්ගැසූ මිනිසුන් ට පෙරළා එම ගල් නිසැකයෙන්ම වදිනු ඇත. පියුමි දැන් ඔබ හිතන්න.