වර්ෂ 1931 ජූලි 6 වන දින ඉපදුනු, බැස්ටියන් කෝරලගේ හෙන්රි රොද්‍රිගෝ ජයසේන හෙවත් අප කව්රුත් දන්නා හෙන්රි ජයසේන වර්ෂ 2009 නොවැම්බර් 11 වන දින වසර 78ක් ආයු වලදා ප්රානය පමනක් වායු ගෝලයට මුසු කලද, ලොව අවසන් දිනය පැමිනෙන තෙක් මොහු ගේ නාමය , ඔහුගේ රුව, ඔහු ගේ නිර්මාන ලංකේය හදවත් තුල යුගයෙන් යුගයට රැදී සිටිනු ඒකාන්තය.
ඔහු ප්‍රචලිත ග්රන්ථ රචකයෙකි. දක්ෂ සිනමා රංග ශිල්පියෙකි, බොහෝ අය ආදරය කරන රූපවාහිනියේ සුදුසීයා ලෙස හැදින්වූ ටෙලි නාට්‍ය නලුවෙකි. ඒ සියල්ල අභිබවා ඔහු දැවැන්ත වූයේ ලාංකේය වේදිකා නාට්‍ය ක්රේෂ්තයේය. එහිදී නම් ඔහු අසම සමය. ඔහු අදත් වේදිකාව මත ජීවමානය.
මෙහිදී මා ගෙන හැර පානුයේ,ඔහුගේ සිනමා සහභාගීත්වය පමනි ය.
වෙිදිකාව දිග්විජය කල හෙන්රි ජයසේන සිනමාවට අවතීර්න වූයේ, 1959 යේ නිශ්පාදනය කල “ශ්‍රී 296” චිත්‍රපටයෙනි. නාට්යානුරූපිත රංගන ශෛලයක් තිබූ එකල, හෙන්රිටද එයට අවනත වීමට සිදුවුනාක් මෙන්,ම, ඔහුගේ ඇග තුල තිබුනු නාට්‍ය කරුවාද හෙන්රි රගපෑ මුල් චිත්‍රපට පෙලේදී එලියට එන්නට විය. සිනමා රංගනයට වඩා,හෙන්රිගේ වැඩි ප්‍රිය මනාපයට තිබුනේ නාට්‍ය කරනයටය. එහෙයින් මේ මුල් චිත්‍රපට පෙල වූ ‘ගැහැණු ගැට”(1959) , “වෙන ස්වර්ගයක් කුමටද?(1963) , “සුහද සොහොයුරෝ ” (1963)හෙට ප්‍රමාද වැඩියි” (1964) “සීගිරි කාෂ්‍යප (1966) වැනි සිනමා පට වල හෙන්රි රගපෑවේ ඕලාරීක චරිතය. රගපෑම් ද නාට්‍ය ශෛලීයගතය. එහෙයින් මුල් සිනමාවේදි හෙන්රි ජයසේන කැපී පෙනුනේ නැත.
ඒ “ගම් පෙරළිය” සාහිත්‍ය ලෝකයේ ජනප්‍රිය ම යුගය වූ සමයයි. සෑම තරාතිරකටම අයත් සාහිත්‍ය ට ප්‍රිය කරන්නන්ගේ අත් වල “ගම් පෙරලිය” කෘතිය වැරදුනේම නැත. එහී ආ නන්දා, පියල්, ජිනදාස චරිත,ද ඒහා සමානව ජනප්‍රිය විය. ලෙස්ටර් ජේම්ස් පීරිස් “ගම් පෙරලිය”සාහිත්‍ය කෘතිය චිත්‍රපටයට නංවන්නට මුල පිරූ අතර, එහී මුඛ්‍ය චරිතය වූ පියල් ගේ චරිතය හෙන්රි ජයසේන ට පැවරිනි. එය ඔහුගේ සිනමා රංගන ජීවිතයේ,හැරවුම් ලක්ෂනය බවට පත්විය.
සිනමා ප්‍රේක්ෂක විචාරකයන්ගේ සිත්තුලට හෙන්රිට රිංගන හැකිවුනේ පියල් හරහාය. නාට්‍ය කරුවා සම්භාවනීය සිනමා නලුවෙකු ලෙස පරිවර්තනය වූයේ එසේය. හෙන්රි නාට්‍යකරනය සිය ජීවිතය කරගෙන සිටියේය. ඔහුට දැඩිපිලිගැන්මක් තිබුනේ නාට්‍ය ක්රෙෂ්තය තුලය. නමුත් ගම්පෙරලිය සිනමා පටයෙන් හෙන්රි හොද නලුවෙකු ලෙස බෞතිස්ම විය.
සිනමාව තුල ඔහුට පෙම්වතෙක් වීමට නොහැක. හෙන්රි ගේ ස්වරූපය සිනමා සම්ප්රදායානු පෙම්වතාට ගැලපෙන්නේ නැත. එය සනාථ වූයේ ගම් පෙරලියට පසුව තිරගතවූ “දහසක් සිතුවිලි” චිත්‍රපටයෙනි. එහී ඔහු රගපෑවේ පරාජිත පෙමිවතාගේ චරිතයයි. හෙන්රි ජයසේන එතැනින්ම පරාජිත වී ගියේය.
ඔහුට ගී ගයමින් මල්වතු දිගේ පෙම්වතියන් සමග දුව දුව පෙම් කිරීමට නොහැක. “සීගිරි කාශ්‍යප ” චිත්‍රපටයේ ‘මැවුනා හද සන්තානේ’ ගීතයට මල් උයනේ රජ කුමාරියක් සමග පෙම් කරන්නට ගොස් හෙන්රි ඇන ගත්තේ රාජ ඇනගැනිල්ලකි.
හෙන්රිට සටන් කිරීමටද නොහැක. හෙන්රි පෙම්වතා වුවහොත් දුෂ්ඨයාට ,හෙන්රිට ගහන්නට දුක සිතේ. ඉතිං දුෂ්ඨයා හා හෙන්රි අතර නමි කිසිදිනෙක සටනක් සිදු වන්නේ නැත. ‘දහසක් සිතුවලින් පසු හෙන්රිට පෙම්වතාගේ චරිත වලට ගුඩ්බායි කියන්නට සිදු වුනේ ඒ නිසාය.
1964 න් පසු හෙන්රි නැවත සිනමාවට සම්බන්ධ වූයේ 1967 තුල තිර ගත කල, ‘සැඩොල් කදුලු ‘ චිත්‍රපටයටය. එයද දෙබස් රචකයෙක් හැටියටය.
එතැනින් පසු හෙන්රි සිනමාවෙන් ඉවත්වී තම ප්‍රියතම ක්රෙෂ්තය වූ නාට්‍ය කරනයේ අතී සාර්ථකව යෙදී සිටියේය..
අව්රුදු 10යක් යන තෙක් හෙන්රි සිනමාවට නොපැමිනියේය. කිසිවෙක් ඔහුව ගැනීමට උත්සුක වූයේද නැත.
ටයිටස් තොටවත්තගේ ඉල්ලීම පරිදි, හෙන්රි ජයසේන නැවත සිනමාවට පැමිනියේ 1977දීය. එ් වන විට හෙන්රි මැදිවියට එලඹි සිටි සේම සිරුරෙන්ද, පෙනුමෙන්ද පුෂ්ඨිමත් වී සිටියේය. ටයිටස්, හෙන්රිට, ඉන්ස්පෙක්ටර් වරයෙකුගේ චරිතයක් බාර දී, හෙන්රි ගේ, දෙවන සිනමා ගමන ආරම්භ කලේ ටයිටස් තොටවත්තගේ “මරුවා සමග වාසේ” චිත්රපටයෙන්ය.
එම අව්රුද්දේම, වසන්ත ඔබේසේකර,හෙන්රිව, “පලගැටියෝ” චිත්‍රපටයේ මුද්‍රණාලයක මුදලාලි කෙනෙකුගේ ප්‍රධාන භූමිකාවට ඇරයුම් කලේය. එය හෙන්රිගේ සිනමා ගමනේ දෙවැනි හැරවුම් ලක්ෂනය විය. පලගැටියෝ ආන්දෝලාත්මක චරිත කීපයක් වටා ගෙතීමත්, ලිංගීකත්වයට වැඩි බරක් තිබීමත් නිසා ජනප්‍රිය විය. එහී හෙන්රි ජයසේනගේ රගපෑම් ප්රශස්ත මට්ටමක තිබීමෙන් හොද චිත්‍රපට අධ්යක්ෂ වරුන්ගේ දෑස් හෙන්රි වෙත හැරුනි. “පලගැටියෝ” 1979 දී තිරගත වන විට, ටයිටස් තොටවත්ත හෙන්රිට සුවිශේෂ චිත්‍රපටයක් භාර දී තිබුනි. ඒ බේබදු පියෙකුගේ චරිතයක් ඇතුලත් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවු හොදම ලමා චිත්‍රපටය වූ “හදයා”ය. හදයාද 1979 වසරේ තිර ගතවිය. එහි හෙන්රි ජයසේනයන් විශිෂ්ට ලෙස චරිතයට අවතීර්ණ වී තිබු අතර, හදයා ආදායම් වාර්තා තබමින් තිරගත වීමෙන් හෙන්රි ජයසේන ජනප්‍රිය මෙන්ම ප්රබුද්ධ සිනමා රංග වේදියකගේ තත්වයට පත් විය. එම වසරේ හොදම සහය නලුවා සම්මානය හදයා චිත්‍රපටය
වෙනුවෙන් දිනා ගැන්මට හෙන්රිට හැකි විය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් හෙන්රිට “බැද්දේගම” ආරච්චිගෙ චරිතයටත්, ධර්මසිරි බන්ඩාරනායක ඔහුගේ ප්‍රතම චිත්‍රපටය වූ “හංස විලක්” හි ස්වර්නා මල්ලවආරච්චි ගේ සැමියා වූ ඩග්ලස් ගේ චරිතයටත්, සුමිත්‍රා පීරිස් “ගග අද්දර” චිත්‍රපටයේ දොස්තර වරයෙකුගේ චරිතයකටත් තෝරා ගත්තේ ඔය වකවානුවේදීය. “බැද්දේගම” “හංස විලක්” සහ “ගග අද්දර” චිත්‍රපට 1980 තිරගත විය. බැද්දේගම හා හංස විලක් චිත්‍රපටවලට, එම වසරේ ප්‍රධාන සම්මාන උලෙලවල් වලින් හොදම සහය නලුවා සම්මානය නැවත නැවතත් දිනාගැනිමට හෙන්රි ජයසේන සමත් වූ අතර, ඔහුට සිනමාව තුල තිබූ ඉල්ලුම තව තවත් දැඩි විය.
එකිනෙකට වෙනස්වූ චරිත හතරක් එකම වකවානුවක ඉදිරිපත් කිරීමට හැකී වීමත්, එයින් තුනකටම සම්මාන හිමි වීමත් ඇත්තෙන්ම සුවිශේෂිත වූ සිදුවීමකි.
මුඩුක්කු ජීවිතයකට අනුගතවූ, බිරිද මිය ගොස් කුඩා දරුවන් සිටින එහෙත් ආතක් පාතක් නැතිව ජීවත් වූ කාටත් එපාවූ බේබදු පියෙක්, අවසාන මොහොතේ තම පුතුගේ පෝනි තරගයේ විරුද්ධ වාදින් විසින් සගවා තැබූ පෝනියා ,තරගය ඔන්න මෙන්න කියා තිබියෙදි සොයා දී වීර වික්‍රමයක් කර සියල්ලන්ගේම සිත් දිනා ගන්නා එකී මුඛ්‍ය චරිතය, අති විශිෂ්ට ලෙස ‘හදයා’චිත්‍රපටයේ රගපෑ හෙන්රි, ඊට හාත් පසින් වෙනස් වූ, චරිතයකට අවතීර්ණ වුයේ, හංස විලක් චිත්‍රපටයේය. තම තරුණ බිරිද, ඇයගේ හොර පෙම්වතා (ඔහුද විවාහකයෙකි) සමග තානායමක රමණය කරමින් සිටින විට පොලිසියට අසුවී ,ඉන් පසුත් පොලිසිය ඉදිරියේදිම, ඇය තම සැමියාත් දරුවාත් දමා, එකී පෙම්වතා සමග යාමට සැරසෙන විට, එවන් අවස්ථාවකට මුහුණ දෙන, සැමියෙකුගේ මානසිකත්වය, කදිමට පෙන්වන ඩග්ලස් නම් චරිතය හෙන්රි ජයසේන විශිෂ්ට ලෙස ඉදිරිපත් කරමින් සම්මානනීය විය. ඉතාමත් දුර්ලභ එමෙන්ම දුෂ්කර වූ මෙම චරිතය, හෙන්රි ජයසේන, තමාගේම චරිතය බවට පත් කර ගති.
මේ චරිත දෙකටම හාත් පසින් වෙනස් වූ “බැද්දේගම”හී සට කපට ආරච්චිල, තමන්ගේ වාසියට ඕනෑම කෙනෙක්ව, පාවා දී හෝ තමාගේ අටු කොටු පුරවා ගන්නා අන්දමේ කලු චරිතයක් විය. එය කෙතරමි දක්ෂ රංගනයක්ද, කිව හොත් එයද එම වසරේ සම්මානයට පාත්‍ර විය. එක පොදියට, ලංකේය සිනමාවේ විශිෂ්ටතම රංගන ශිල්පීන් වූ ජෝ, ටෝනි, විජය, ඩී.ආර්, මාලනී, ට්‍රිලීෂියා, සමග “බැද්දේගම” හී හැප්පෙන්නට හෙන්රිට සිදුවිය. ඔහු එය මනා අවබෝධයකින් ඔවුන් සියල්ල සමග ගැටුනේ, අතී දක්ෂයෙකු ලෙසය.බැද්දේගම හෙන්රිගේ සාර්ථක ම රංගනයකි.
ධර්මසේන පතිරාජා, හෙන්රි සමග එක්වූයේ “සොල්දාදු උන්නැහේ ” චිත්‍රපටය සදහාය. ඒ 1981 දීය. ආතක් පාතක් නැති බේබදු චරිතයකි ඔහු එහී රගපෑවේ. ඔහු කාර්යාලයක විධායක ලිපිකරුවෙකි. විවාහ ජීවිතයක් ගත කල ඔහුට ,දිනක් ඔහුගේ බිරිදගේ වෙනත් ඇසුරක් අතටම අසුවෙයි. එතැන් සිට ඔහු බීමට ඇබ්බැහි වී, රැකියාවත් නැතිකර ගෙන,පාරට වැටි, එවැනිම තවත් මනස විකෘති වූ පරන සොල්දාදුවෙක්, වීදි ගනිකාවක්,හා ගැට කපන්නෙක් හා එක්ව ජීවත් වෙයි.මෙහිදි, හෙන්රිට විශේෂිත දෙයක් කිරීමට නොතිබුනි. එය ප්‍රධාන චරිතයෙන් එකක් වුවද, එහී වැඩි ගැම්මක් තිබුනේ නැත. එහෙත් හෙන්රිට, ලෙස්ටර් ජේම්ස්, ටයිටස් තොටවත්ත, හා ධර්මසේන පතිරාජා යන ත්‍රිත්වයේ චිත්‍රපට වල ප්‍රධාන ධාරාවේ චරිත රගපෑමේ වරම හිමි විය.
“සූරිය කාන්ත” තිරගත වුයේද එම වසරේදිමය. දරුවන් දෙදෙනාත් ,බිරිදත් සමග සතුටින් කල්ගෙවූ වතුඅධිකාරිවරයෙකුවූ හෙන්රි, ගේ දරුවන් වැඩිපුර ලංවූයේ එහි නැවති සිිටි, ඔහුගේ බිරිදගේ නැගනිය වෙතය.. කෙසේ හෝ තුන්වන දරු උපතේදී, දරුවා උපද්දවා, බිරිද මිය යයි. බිරිදගේ නැගනියට පෙම්වතෙක් සිටියද, අවසානයේ දරුවන් නිසා තම බිරිදගේ නැගනිය සමග එක්වන චරිතයකටය හෙන්රිට එහී පන පෙවීමට, සිදුවුයේ. සුන්දරවූ චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂනය කල විජය ධර්මශ්‍රී ට හෙන්රි ජයසේන සමග වැඩ කිරීමට ලැබුනේ මේ ‘සූරියකාන්ත’ චිත්‍රපටයෙනි.මෙතෙක් රගපෑ චිත්‍රපටවලට වඩා, මනා කඩවසම් ලෙස, විචිත්රවර්න ඇදුම් වලින් සැරසී රගපෑමේ අවස්ථාව හෙන්රිට ලැබුනේ මෙම චිත්රපටයේදීය.
1982 තුලද හෙන්රි ජයසේනගේ චිත්‍රපට දෙකක් තිරගත විය. රෝයිද සිල්වා අධ්‍යක්ෂනය කල “තණ ගිරවි” චිත්‍රපටය ඉන් එකකි. එහී හෙන්රි රගපෑවේද, ප්‍රධාන ධාරාවේ චරිතයයි. දොස්තර වරයකු, පෙම්වතෙකු හා සැමියෙකු චරිතයට පන පෙවූ හෙන්රිට, වැඩි රූපරාමු ගනනාවකට පෙනී සිටින්නට ලැබුනද, එහී වැඩියමක් කිරීමේ අමුද්‍රව්‍ය එම චරිතය තුල ගැබ්වී තිබුනේ නැත.
නැවත ලෙස්ටර් ජේම්ස් පීරිස් හෙන්රිව “ගම්පෙරලියට” ගෙන ගියේද, එම වසරේදීමය. නැවතත් ගමිපෙරලියේ රගපෑ ඉතුරු වුනු සියලුම චරිත, යොදා එහි දෙවන කොටස වූ “කලියුගය” හී නැවත පියල් වීමේ වාසනාව හෙන්රිට ලැබුනි. මේ වන විට හෙන්රි මැදිවිය පසු කර ඇති අතර ගම්පෙරළියේ පියල්ද කලියුගය හරහා මැදිවිය පසු කර තිබුනි. ගම්පෙරළියේ කලුසුදු පියල්, කලියුගයේදී වර්න වී තිබුනි. ඉතින් පියල් වූ හෙන්රි, කලියුගයේ අපට හමුවුනේ රක්ත වර්නයෙනි.
ගම්පෙරලියේ පියල්, කලියුගයේදි පූර්නව වෙනස් වී තිබුනි. මුදල් හදල්, තාන්න මාන්න, ගරුනම්බු, ඉහලම පෙලේ ඇසුරු, ඒ සියල්ලෙන්ම සපිරී තිබුනි. නිවසේ හැම දිනකම ප්‍රභූ උත්සවයන්ය. එයට අමතරව පියල් තව තවත් කාන්තා ඇසුරුද පැවත්වූයේය. එවන් වෙනස්වූ චරිත රටාවකට හෙන්රි ඉතාමත් පහසුවෙන් අනුගත වී තිබුනි.
එදා පියල් කව්ද අද පියල් කව්දැයි යන වෙනස හෙන්රි හොදින් හදුනාගෙන , “කලියුගය’ටද විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කලේය.
ඉන්පසු යලි හෙන්රිව මුන ගැසුනේ 1984 තිර ගත කල, ධර්මශ්‍රී වික්‍රමරත්නගේ “හිම කතර” චිත්‍රපටයෙනි. එහී එතරම් කැපී පෙනෙන චරිතයක් හෙන්රිට ලැබුනේ නැත. සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමග බද්ධ වී කෙරෙන, විටෙක, විකට සේම, විටෙක සක්‍රිය වන චරිතයකටය පන පෙවිවේ. හෙන්රිට ඒ රාමුව තුල විශාල දෙයක් කිරීමට නොතිබුනි.
මූ අරුක්ගොඩගේ ‘රත්තරන් නෙත්” හී ප්‍රධාන භූමිකාව රැගුවේ හෙන්රි ජයසේනය. එයද තිරගත වූයේ 1984 දීය.විවාහ වුනු දින රාත්‍රියේ තම නව බිරිද ගේ පාරිශුද්ධභාවය කෙලිසි ඇති බව ඔප්පු වූ විට ,එතැන් සිට සිය ජීවිත කාලයම ඇයට වෛරකරමින් දුෂ්ඨ කම් කරමින් දිවි ගෙවු මිනිසෙකු ගේ අපූරු චරිතයකට පන පෙවූ හෙන්රි මුලු චිත්‍රපටයේම ජිව නාලිය විය. එහී හෙන්රි,ට අත පය දිග හැර හොද රංගනයක් ඉදිරිපත් කිරීමට හැකිවී තිබුනි. රූ ගත කරනවිට, “රත්තරන් නෙත්” කියා හැදින්වූවද, එය තිර ගත කරන විට “අම්මයි දුවයි”විය. ඇත්තටම මෙම චිත්‍රපටයේ හෙන්රි ජයසේන රග නොපෑවෙිනම් චිත්‍රපටයට දෙවියන්ගේම පිහිටයි කියා සිතුනු වාර නම් අනන්තය.
යලි හෙන්රිගේ චිත්‍රපටයක් තිර ගත වුයේ ඊට අව්රුදු දෙකකට පසුය. එ් 1986 දීය. එය “අව්රුදු දා” විය. හෙන්රි මෙහි රගපෑවේ අමුතුම චරිතයකි. තමා මෙන් ව්‍යාපාරික මිතුරන් කිහිපදෙනෙක් සමග අව්රුදු දවසක තරුණියක්ව දූෂණය කරන චරිතයකි. එහෙත් හෙන්රි ඒ දූෂනය කරන, දර්ශනයට ක්රියාවන්තිකව සහභාගි වන්නේ නැත. ඒ සිදුවන අවස්ථාවේ, ඔහුත් එතැන සිටින බවකි පෙන්වන්නේ. අවසානයේ එම දූෂනයට ලක්වූ තරුනිය, මේ සියල්ලන්ගෙන්ම පලිගන්නේ එක එක්කෙනාව මරා දමමිනි. හෙන්රිද ඇය අතින් මිය යයි. මෙහිදි, හෙන්රිට විශාල රංගන පරාසයක් නොතිබුනි.එහෙයින් හෙන්රිට එහී විශේෂිතව යමක් කරන්නට ඉඩ ලැබුනේ නැත. “අව්රුදු දා” එතරමි ජනප්රසාදය ලැබූ චිත්‍රපටයක් නොවීය.
ඉන්පසු හෙන්රි ජයසේනගේ චිත්‍රපට අපට දකින්නට ලැබුනේ, “සද කඩ පහනය” එය තිරගත කලේ 1988 වර්ෂය තුලය.එහිදී ඔහු දොස්තරවරකෙුගේ චරිතයකට පන පෙවිවද, එය එතරමි මුහුකුරා ගිය චරිතයක් නොවීය.
හෙන්රි “ගෝස්ට් කාන්ට් ඩූ” නමි හොලිවුඩ් චිත්රපටයකද රගපෑවෙිය. එය ප්‍රදර්ශනය වූයේ 1989 වර්ෂයේය. එහී ප්‍රධාන චරිතය රගපෑවේ ලොව දැවැන්තම නලුනිලියන් දෙපලක් වූ ඇන්තනී ක්වීන්, සමග බෝ ඩෙරික්ය. හෙන්රි ජයසේන එහී රගපෑවේ තරමක විසුළු චරිතයකි. එලෙසම කතෝලික පූජකවරයෙකු ලෙස හෙන්රි තවත් බටහිර චිත්‍රපටයක රගපෑවේ 1993දීය. එය “ඕඩිනරි මැජික්’ නම් විය. ඉන්පසු හෙන්රි ජයසේන සිනමාව ගැන එතරම් උනන්දුවක් දැක්කුවේ නැත. ඔහු නාට්‍ය හා ලේඛනයට තැන දුනී. එලෙසම කිසිදු සිනමා කරුවෙකු අතට හෙන්රිව යැවුනේ නැත.
ඉන්පසු ඔහුගේ බිරිද අසනීප වීම, ඔහු අසනීප වීම, ඔහු වයසට යෑම, බිරිද මිය යාම, වැනි අනේක කම්කටොලු වලට මුහුන දීම තුලින් හෙන්රිට සිනමාව හෝ මොනයම් කලා කටයුත්තකට, ඍජුව එකතු වීමට නොහැකි වුවද, , උදය කාන්ත වර්නකුලසූරිය ගේ, ඇරයුමකින්, 2004 වර්ෂයේ තිරගත කල “රන් දිය දහර” චිත්‍රපටයේ හරි අපූරු චරිතයක් රගපෑවේය.
එය හෙන්රි ජයසේනගේ අවසාන සිනමා රංගනය විය.
හෙන්රි සිනමා රංගනය ගැන එතරම් උනන්දුවක් දැක්වූ කෙනෙක් නොව. පසු කලෙක, ඔහු මට ඒ බව පැවසීය. සිනමාවට ඔහුගේ රුව උචිත නැතැයි ඔහු හැම විටම පැවසුවද, මට නමි ඔහු සිනමා සෙලෝලයිඩ් පටයට අතිශයින්ම ගැලපුනි. මා ඔහුට ඒ බව කොතෙක් නම් කීවද ,ඔහු එය පිලි ගැනිමට මැලි විය.
පුන්‍යා හින්දෙනිය, කුමාරි බිබිලේ, ක්ලැරිස්ද සිල්වා, රීටා රත්නායක, අනුලා කරුනාතිලක, නිලන්ති විජේසිංහ, මාලනි පොන්සේකා, සුමනා අමරසිංහ, ස්වර්නා මල්ලවආරච්චි ,සෝනියා දිසා, ගීතා කුමාරසිංහ, වැනි නිලියන් සමග ප්‍රධාන ධාරාවේ චරිත රගපෑ හෙන්රි ජයසේන, සිංහල සිනමාව තුල වැඩි යමක් නොකෙරුවද, මතක සිටින යමක් කර ඇති බව නම් කිව යුතුය.
හෙන්රි ජයසේන විසින් රගපෑ යුතුමචිත්රපට තුනක් නිතරම මා මතකයට එනු නොවැලැක්විය හැක. ඒ “ආදර රත්නෙ’ “ඉන්දුට මල් මිටක්’ හා “මලට නොඑන බඹරු”ය . ඒ බවක් මා ඔහුට කී විට , ඔහු කීයේ ආදර රත්නෙ සහ ඉන්දුට මල් මිටක් හී උපාලි අත්තනායක, හොදම සාධාරනය ඉෂ්ඨ කර ඇති බවය. එලෙසම මලට නොඑන බඹරු හී ජෝ අබේවික්‍රම හැරෙන්නට වෙන කෙනෙක් ගැන හිතන්නත් බැරි බවය.එහෙත් ජෝ වෙනුවට එම ආන්දෝලන චරිතය , හෙන්රි රගපෑවෙ නම් කියා මට සිතුනු වාර අනන්තය.
“සමහර චිත්‍රපටවල චරිත මා බැහැර කලා. ඇතැම් විට මලට නොඑන බඹරු හී වූ ආන්දෝලන සමලිංගික චරිතය මට ලැබුනා නම් මා එක හෙලාම බැහැර කරනවා. ඒ මා නාට්‍ය ක්රේෂ්තයේත් ,
සිනමා ක්රෙෂ්තය තුලත් කිසියම් ප්‍රතිරූපයක් ගොඩ නගා ඇති හෙයින්. නමුත් ශ්‍රෙෂ්ඨ නලුවෙක් ඕනෑම චරිතයකට අවතීර්ණ වීමෙ හැකියාව තිබිය යුතුයි. එය කළුද, සුදුද කියා වර්ග කිරීමට නොහැක. රංගන ශිල්පියෙකුගේ කාර්ය භාරය, ඕනෑම චරිතයකට අවතීර්ණ වීමය. හේතුව ඔහු කරනුයේ රගපෑමක් විනා ඔහුගේ පෞද්ගලීකත්වය හුවා දැක්මක් නොව. සමාජය විවිධ වූ චරිත ඉදිරිපත් වන්නේ රංගන ශිල්පියා මගිනි. එහෙයින් රංගන ශිල්පියාට තමන් විසින් වාරනයක් පනවාගත නොහැක. මෙය මා හට වැටහී ගියේ බොහෝ පසුවය. මා විසින් මා හට වාරනයක් පැන ගැන්මෙන් පෙනී යන්නේ මා හොද නලුවෙක් නොවන බවයි. මේ වාරනයන් නිසා, මා කෙතරම් ගැඹුරු චරිත නැති කර ගත්තේද. ඒ ගැන මා අද බොහෝ පසු තැවිලි විමි. එහෙයින් මා හොද සිනමා රංගධාරියෙක් යැයි නොපිලිගමි”
මේ හෙන්රි ජයසේන මට කියූ දෙයකි. එහෙත් ජනාධිපති ,සරසවි සම්මාන වලින් පුද ලද මෙි සිනමා රංගවේදියා, වයස අව්රුදු 78ක් ආයු වලදා මිය ගියද ,තව බොහෝ දෑ ලාංකේය සිනමාව වෙනුවෙන් ඉතිරි කර ගොස් ඇතැයි මට සිතේ.
-ශෝන් මැක්ස්මස් දිසානායක-