1748 අගොස්තු 30 වෙනිදා ප්‍රංශ රාජධානියේ පැරිසියේ දී උපත ලද ජැක් ලුවී ඩේවිඩ් විසින් තෙල් සායම් මාධ්‍යයෙන් රචනා කරන ලද මෙම සිතුවම පළලින් සෙ.මි. 129.5 දිගින් සෙමි 196.2 පෘතුවි අවකාශය අයිති කොට සිටී. ප්‍රංශයේ ප්‍රචලිත රෙකාකො ශෛලය අනුව නිම කරන ලද මෙම සිතුවම දෘෂ්‍ය ලොව ම මවිත කරන්නටත් දෘෂ්‍ය ලොවට අභියෝග කරන්නටත් සමත් විය.
සොක්රටීස්
සොක්රටීස් ක්‍රි . පූ. 470 දී ග්රිසියේ ඇතැන්ස්හි උපත ලැබීය. ප්ලේටෝ සහ සියෙනෝෆොන් ඇතුලු ශිෂ්‍ය පරපුරක් බිහි කළ මේ දර්ශනවාදියාගේ ජීවිතය ගැන ලොව වඩාත් දැනුවත් වන්නේ එම ශිෂ්‍යයින්ගේ ලිපි ලේඛන හරහාය. සොක්රටීස්ගේ විශ්ව දැක්ම බටහිර තර්ක ශාස්ත්‍රය හා දර්ශනවාදය සඳහා පදනම් විය.සොක්රටීස් සාහිත්‍ය ග්‍රීක දාර්ශනිකයා හා බටහිර දර්ශනයේ නිර්මාතෘවරයෙකු ලෙස පිළිගත් අතර එය චින්තනයේ බටහිර සදාචාරාත්මක චින්තකයා ලෙස ද හැඳින්වේ. එවකට බලයේ සිටි ආගමික බලාධිකාරිය දේව වාක්‍යයට එරෙහිව නැතිනම් දෙවියන්ට එරෙහිව මත ප්‍රකාශ කිරීමේ වරද වෙනුවෙන් සිරගත කලේය. රාජ්‍යය විසින් පිළිගත් දේව වදන් ප්රතික්ෂප කිරීම හා තරුණයින්ගේ මනස් දූෂණය කිරීම ඔහුට එල්ල කල චෝදනාව වේ.මෙම හේතුවෙන් දේව බලාධිකාරිය විසින් "තමන් ම තමන්ගේ ඝාතකයා වනු ඇත." යනුවෙන් තීන්දුව ප්‍රකාශ කළේය. අවසානයේ ලොව අවංකම මිනිසා හා දර්ශනිකයා සදහට ම දෑස් වසාගත්තේය. මෙම ඛේදවාචක ලොව සදාකාලික කරනු පිණිස තම තෙළිතුඩ මෙහෙය වූ ඩේවිඩ් සොක්රටීස්ගේ මරණය සිතුවමට නැගීය.
සො ක්රටීස්ගෙ මරණය
බරැති සුවිසල් ගලෙන් නිම වූ උසැති තාප්ප රළු මුර කරුවන් සේ නැගී සිටී ගල් වලින් නිකුත් කරන මූසල වර්ණ ජීවිත වල අඳුරු කාලකන්නි බව ප්‍රකට කලේය. වම් පසින් ඉහල අහසේ ඇති කුඩා කවුළුව සිතුවමට අවශ්‍ය ප්‍රමානයට ආලෝකය නිකුත් කොට තිබේ. සමස්ත සිතුවම ම උණුසුම් වර්ණයන්ගෙන් වර්ණ ගන්වා තිබෙන අතර සිතුවමේ මැදට වන්නට සොක්රටීස් දාර්ශනිකයා පිහිටුවා තිබේ. ඔහුට ලබා දී ඇති ආලෝකය මදක් වැඩිය. ඒ සිතුවමේ කතා නායකයා වෙත අවදානය යොමු කරවන්නට විය යුතුය. ඉන් පසු වඩාත් අවධානයට හසුවන්නේ වස පානය පිණිස දෙනු ලබන සේවකයාය. දාර්ශණිකයාගේ මරණය ප්රතික්ෂෙප කරන සේවකයා දෑස වසා විරුද්ධ දිසාව බලා සිටී. ඔහුගේ වස්ත්‍ර රක්ත වර්ණය වැඩි වශයෙන් යොදා ඇත. ඒ ඔහුගේ විප්ලවීය මතවාදී බව ප්‍රකට කරන්නටය. මෙවන් මිනිසෙකු මරණයට පත් කිරීමට එවන් සිතක් ඇති කෙනෙකු යෙදිය යුතුය.
සොක්රටීස් තමන් කළ මතය වෙනස් නොකර බව ස්ථිර ලෙසම පවසමින් සිය ඇගිළිතුඩ අහසට දිගු කොට කියා සිටියි. තම මතය වෙනස් කොට ජීවත් වනවාට වඩා මරණය තොරා ගන්න බව ප්‍රකාශ කර සිටී. දාර්ශණිකයා අලු පැහැ ඇඳුමකින් සරසා තිබේ. ස්ථාවරභාවයත් දාර්ශනිකත්වයත් පිළිඹිමු කරනුනට එම වර්ණය යොදා ඇත. ඔහුගේ ඉදිරි පසින් සිටින දුක්බර තැනැත්තා ප්ල්ටෝ විය යුතුය. ඔහුටද අළු වර්ණයෙන් ම ඇඳුම නිමවා ඇත්තේ ද ඔහුගේ බුද්ධිය සනාත කරනු වස්ය. දෙපස සෙස්සෝ විවිධ ඉරියව් වලින් දර්ශනිකයාගේ වියෝව නොඋහුළනු සිටිනු පෙනේ. ඒ ඒ අයගේ ඉරියව් වලින් ඔවුන් සතු බුද්ධිය හා දැනුම පිළිබඳ අපූරු ලෙස ප්‍රකාශ කර සිටියි.
සිතුවමේ පර්යාවලෝකනභාවය වම් පසින් ඇති ගැඹුරු ද්වාරයෙන් ප්රකාශිතය. වඩාත් වියෝවට පත් අයගේ ඇඳුම් වෙනත් වර්ණ යොදමින් විවිධත්වයත් සිතුවමේ සමබරතාවයත් රැුකීමට යොදා ඇති අපූරුව කැපී පෙනේ .ජීවිතයක අවසන් බව කියාපාන අසල ඇති පහන නීවීමට ආසන්නය. එය සොක්රටීස්ගේ ජීවිතයේ ඊළග මොහොත පිළිබඳ ඉගියක් සපයා සිටී. සිතුවම පේ්රක්ෂකයාට ඉදිරිපත් කිරීමේ දී පේ්රක්ෂකයාද සිරගෙයි කොටස් කරුවෙකු වන අයුරින් ඔවුන් අසල රැුඳීමට අවස්ථාව ලබාදී තිබේ. උදාර හා නිර්භිත මිනිසෙකුගේ නික්ම යෑම, නිවැරදි තීන්දු තීරණ ගැනීමේ දී තිබිය යුතු නිර්භය මානසික තත්ත්වය, එවන් සොඳුරු මිනිසෙකුගේ වියෝවෙ සංවේගය සිතුවම් කරුවා මැනවින් සටහන් කොට තිබේ .
සටහන
සාලිය ලියනාරච්චි