කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙහි අංශ ප්‍රධානියා වන ආචාර්ය ලතා ගුරුසිංහ නූතන සිංහල සාහිත්‍යය විචාරශීලීව අධ්‍යයනය කරනු ලබන ලේඛිකාවකි. සම්භාව්‍ය, සාහිත්‍යය හා නවීන සාහිත්‍යය තුලනාත්මකව අධ්‍යයනය කරමින් ඇය විසින් ලියා ඇති ලිපි ලේඛන සංඛ්‍යාවද විශාලය. 'සාහිත්‍යය මැවූ ගැහැනිය' ඇයගේ නවතම පර්යේෂණ කෘතියයි. මෙහි පළවනුයේ එම කෘතිය පාදක කර ගනිමින් ඇය සමඟ පැවැත් වූ සංවාදයෙහි සංක්ෂිප්තයයි.
සාහිත්‍යයේ කාන්තා දායකත්වය පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කිරීමට හේතුව කුමක්ද?
එයට මූලික හේතුව තමයි මම කාන්තාවක් වීම. කාන්තාවගේ නිර්මාණ දායකත්වය පිළිබඳ අපි තැන තැන කතා කෙරුවත් එයට නිසියාකාර පිළිගැනීමක් ලැබිල නැහැ. ගැහැනියක් විදියට මම ජීවිතේ ලබා තියෙන අත්දැකීම් රාශියක් තියෙනවා. දැරියක් විදියට, බිරිඳක් විදියට, මවක් විදියට මගේ ඒ ජීවිතෙ ගලාගෙන යනවා. ඒ වගේ මගේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු වසර විසිපහකට ආසන්න කාලයක ඉඳන් කෙරීගෙන යනවා. ඒ නිසා ගැහැනියක් හැටියට මට අවශ්‍ය වුණා ඉහත කාරණය සාකච්ඡා කරන්න. ඒ නිසා තමයි සාහිත්‍යය තුළ නිරූපණය වන ස්ත්‍රීත්වය මෙන්ම සාහිත්‍යයට සේවය කරන ලද ස්ත්‍රීන් පිළිබඳ යමක් කළ යුතුයි කියන පෙළඹීම මට ඇති වුණේ.
ඇත්තටම කියනව නම් සාහිත්‍යය තුළ ස්ත්‍රී දායකත්වය කියන සංකල්පය ඉංග්‍රීසි අධ්‍යයන අංශයන් සිදු කෙරෙනවා. ඒ වුණාට සිංහල අධ්‍යයන අංශවල කෙරෙනවා අඩුයි. ඒ නිසා ඒ තත්ත්වයත් මට යම් පෙළඹවීමක් ඇති කළා. ඒ නිසා මම ඒ ගැන හිතන්න පටන් ගත්තා. මගේ අධ්‍යයන කටයුතු හා ශාස්ත්‍රීය කටයුතු සිදු කෙරෙන්නෙ සාහිත්‍ය ඇසුරෙහි නිසා ලාංකික සාහිත්‍යය තුළ කාන්තාවගේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කරන්න මට ඕන වුණා. ඒ වගේම ලෝක සාහිත්‍යය තුළ මෙන්ම ලාංකික සාහිත්‍යය තුළ කාන්තාව නිරූපණය වෙන්නෙ කොහොමද කියල සොයා බලන්න මම යොමු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි 'සාහිත්‍යය මැවූ ගැහැනිය' කෘතිය මා අතින් බිහි වෙන්නෙ.
එය මාතෘකා කිහිපයකින් සමන්විතයි. 'බුදුදහම තුළ ස්ත්‍රීත්වය', 'ජාතක පොතෙහි නිරූපිත ස්ත්‍රිය', 'ආගමික හා සෞන්දර්යාත්මක අරමුණුවලින් බැහැර නොවූ ස්ත්‍රීය', 'නුතන සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී මැදිහත් වීම', 'ලෝක නවකතාවේ', 'ස්ත්‍රීත්වය සටහන් වන නව කතා ත්‍රිත්වයක්', 'මවු ගුණ ගීත පිළිබඳ සාමාජීය සාහිත්‍යය අධ්‍යයනයක්', 'සාහිත්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ස්ත්‍රීවාදී සාහිත්‍යය', 'නවකතා නිර්මාණයෙහිලා කාන්තා දායකත්වය', 'පියදාස සිරිසේනගේ සාහිත්‍යය කාර්ය සාධනය' (ලාංකීය ස්ත්‍රිය සම්බන්ධයෙන්, 'ස්ත්‍රිය හා සමානාත්මතාව' (පරිවර්තනය) කියන මාතෘකා කිහිපයක් යටතේ එය පෙළගස්වා තියෙනවා. මේ කෘතිය ඇත්තටම මගේ ශාස්ත්‍රීය පර්යේෂණ කාර්යයෙහි එක් පියවරක්. කොහොම වුණත් මෙය අධ්‍යයන කෘතියක් වශයෙන් පමණක් නොව උක්ත මාතෘකාව සම්බන්ධයෙන් උනන්දුව වන සාමාන්‍ය පාඨකයා සඳහා ද ලියවී ඇත්තක්.
ඒ කියන්නෙ සාහිත්‍යය තුළ මතුවන කාන්තා දෘෂ්ටිකෝණය?
ඔව්. ස්ත්‍රීවාදය කියපු හැටියෙ අපේ ඔළුවට එන්නෙ තරමක ආගන්තුක සංකල්පයක්. ඒකට හේතුව වෙලා තියෙන්නෙ ඒ සම්බන්ධව පවතින වැරදි ආකල්ප කිහිපයක්. මම කියන්නෙ පිරිමි පක්ෂය පිටු දකිමින් පවතින සංස්කෘතික රටාව විනාශ කරමින් ඉතා රැඩිකල් තත්ත්වයක පසුවන ස්ත්‍රී වාදයක් ගැන නෙවෙයි. පවතින සමාජ රටාව තුළම ගැහැනිය මුහුණ දෙන විවිධ ගැටලුවලට පිළියමක් සොයා ගැනීමේ මාර්ගයක් පිළිබඳ පමණයි. ඒ පසුබිම මත මම ස්ත්‍රීවාදිනියක් කියල කියන්න බය නැහැ. හැබැයි ඇතැම් බොහෝ ලේකාවොස්ත්රීවාදීලේබලයක්ඇලවෙයිකියලබයෙන්තමන්ටකරන්නපුළුවන්බොහෝදේවල්මඟහැරයනතත්ත්වයක්පෙනෙන්නතියෙනවා. ඒනිසාතමයිමගේආචාර්යඋපාධිනිබන්ධනයසඳහාඒමාතෘකාවතෝරගන්නෙ. සාහිත්‍යමය පක්ෂයෙන් මම ස්ත්‍රීවාදිනියක් වුණත් මම ඉන්නෙ මධ්‍යස්ථව. සියලු දේවල් නිරීක්ෂණය කිරීමේ මානසික තත්ත්වයක පෙරදිග සමාජය තුළ තවම කාන්තාවට හිමි වෙලා තියෙන්නෙ ද්විතීක තත්ත්වයක්. නමුත් අපේ කලාපයෙ ඉන්දියාව වගේ රටවලට සාපේක්ෂව ගත්තොත් අප ඊට වඩා ඉදිරියෙන් සිටිනවා. මම මගේ ශාස්ත්‍රීය ජීවිතය ඇතුළෙ ඉන්න කෙනෙක් වගේම එළියට ගියහම සාමාන්‍ය ගැහැනියක්. ඒ අනුව ස්ත්‍රීවාදී අදහස් නිකං එළියෙ ඉන්න කෙනෙක් වශයෙන් බලනවට වඩා මම කැමතියි ඒ සමස්තය ඇතුළෙ පොදු විග්රහයකට යන්න. මගේ අධ්‍යයනය කේන්ද්‍රගත වුණේ එවැනි සාකච්ඡාවක් නිර්මාණය කරන්නයි. ඒ නිසා මේ කෘතියේදී කාන්තාව සාහිත්‍යය තුළ නිරූපණය වී ඇති ආකාරය මෙන්ම නිර්මාණකරණය තුළ කාන්තාවගේ දායකත්වයද මම සාකච්ඡා කරනවා.
පුරාතන සාහිත්‍යයෙහි කාන්තා දායකත්වය කෙබඳුද?
පුරාණ සාහිත්‍යය මුළුමනින්ම පාහේ ආගමික සාහිත්යයක්නිසා එය සම්පූර්ණයෙන්ම වගේ ලියවුණේ හාමුදුරුවරු අතින්. ඒ නිසා ඒ සාහිත්‍යය තුළ කාන්තා දායකත්වය එතරම් පුළුල්ව පැතිරුණේ නැහැ. නමුත් සාහිත්‍යය තුළ කාන්තා දායකත්වය බුද්ධ කාලීන අතීතයට දිව යනවා. ථේරි ගාථා ඒ අතර ප්‍රධානයි. කාන්තාව පිළිබඳ තොරතුරු වාර්තා කරල ලියන ලද ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය ලෙස ථේරි ගාථාවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. කාන්තාවගේ නිදහස පිළිබඳ බෞද්ධ ආකල්පය ථේරි ගාථාවලින් මනාව හැඳිනගන්න පුළුවන්. ඉසිදාසිය, සුමේධා, අම්බපාලි, සුභා, සුක්කා, චාපා, මුක්තා, සෝමා, පුණ්ණා, තිස්සා වැනි ථෙරණියෝ මේ අතර ප්‍රධානයි. පසුකාලීනව ලෝකයේ විවිධ කාන්තා ලේඛිකාවන්ජගත්සම්මානයටපාත්රවුණත්එහිමූලිකඅඩිතාලමදමාතිබෙන්නෙබුද්ධකාලීනසමාජයෙථෙරණියන්විසින්යන්නඅපඅමතකනොකළයුතුකරුණක්.
ඒ වගේම තමයි සීගිරි කුරුටු ගී. සීගිරි කුරුටු ගීවල බොහොමයක් කවි ලියවිලා තියෙන්නෙ කාන්තාව මුල් කොටගෙන බව පැහැදිලියි. ඒ වගේම තමයි සීගිරි ගී වල කාන්තා නියෝජනයක්ද තියෙනවා. ඒ සමහර කවි ලියවිලා තියෙන්නෙ කාන්තාවන් අතින්. අනුරාධපුර, පොළොන්නරු යුගය පහු කරල මාතර යුගයට එද්දි ගජමන් නෝනගෙ වටිනාකම මතුවෙනවා. සැබවින්ම ගජමන් නෝනා අද ඉන්න ලේකාවන්ටවඩාඉතාප්රගතිශීලීගැහැනියක්. ඇයගේ සමහර කවි ශෘංගාරාත්මකයි. සමහර කවි ලිංගිකත්වය පිළිබඳ සංවාදයි. ඒ කාලෙ කාන්තාවක් අතින් එවැනි පරාසයක කවි ලියවුණා කියල කියපුවහම ඒක ඉතා විශේෂ කරුණක්. නෝනා හාමිනේද ඒ අතර අපට හමුවන තවත් කිවිඳියක්. ඒ නිසා නිර්මාණකරණය තුළ කාන්තා දායකත්වය අපට ඉතා වැදගත්.
එහෙත් ජාතක පොතෙහි කාන්තාව නිරූපණය වෙන්නෙ වෙනත් ආකාරයකටයි.
ජාතක පොත කියන්නෙ පාලි ජාතක අටුවාව සිංහලට පෙරළීමෙන් සකස් කරගත්තක්. එය එකම පුද්ගලයෙකුගේ රචනයක් ද නෙමෙයි. කොහොම වුණත් ජාතක කතා වැඩි ප්‍රමාණයක කියවෙන්නෙ ස්ත්‍රියගෙ නුගුණ බව පැහැදිලියි. කාන්තාව පිළිබඳ පිළිකුලක් හා අප්‍රසාදයක් ඇතිවන සියලුම අදහස් බුදුන්ගේ දේශනා බව සම්ප්‍රදායික අපි පිළිගන්නවා. නමුත් එය නිශ්චිතවම එහෙම කියන්න බැහැ. බුදුන් විසින් ස්ත්‍රියට හිමි කරල දීපු ගෞරවය ජාතක පොතෙහි වෙනසකට ලක්වෙලා තියෙනවා. ජාතක කතාවල උපත ගැන විවිධ අදහස් තියෙනවා. ඒ කතා බොහොමයක් බුද්ධ කාලයෙන් පස්සෙ හිටපු බෞද්ධ පඬිවරයන් විසින් සකස් කොටගෙන තියෙන වග A Hසිඑදරහ දෙ ෂබාස්බ ඛසඑeර්එමරු කියන කෘතියෙ සඳහන් වෙනවා. ඒ වගේම තමයි එම කතා සියවස් ගණනාවක සිට වෙනස් වෙමින් තමයි අද තියෙන තත්ත්වෙට පත්වෙලා තියෙන්නෙ. ජාතක පොතෙහි ස්ත්‍රියගෙ දුර්ගුණ සාකච්ඡා කරන ගමන්ම කාන්තාවගේ රූ සපුව වර්ණනා කරන අවස්ථාද බහුලව දැකිය හැකියි. කොහොම වුණත් මේ සියලුම කරුණු ජාතක කතාකරුවා කේන්ද්‍රගත කරන්නෙ ආගමික අරමුණු වෙනුවෙන්. ස්ත්‍රියගෙ රූප ශෝභාව පුරුෂයන් ආකර්ෂණය කිරීම කරන අතරම එය පුරුෂයන්ගේ සසර ගමන දිගු කරමින් එයට බාධා පමුණුවන බව ජාතක කතා පෙළ හරහා යටින් දිවයන එක් පොදු කරුණක්. ඒ නිසා ස්ත්‍රී ආත්මයක ඉපදීම දුකක් බව ජාතක කතාකරුවාගේ දෘෂ්ටියයි. හැබැයි ඒ අතරම ස්ත්‍රියගේ නුවණ, ප්‍රඥාගෝචරත්වය යන කරුණුද එහි ඇති බව අප අමතක කළ යුතු නැහැ.
නූතන සාහිත්‍යය තුළ කාන්තාවගේ දායකත්වය කෙබඳුද?
නූතන සාහිත්‍යයේ කියල සාකච්ඡා කරන කොට අපිට අවධානය යොමු කරන්න වෙන්නෙ විසිවන සියවසෙහි නිර්මාණ දායකත්වයයි. එයද නවකතාව, කෙටිකතාව, කවිය කියන ප්‍රධාන ධාරාවන් තුනට බෙදා වෙන් කළ හැකියි. මේ ධාරාවන් තුනෙහිම කාන්තා දායකත්වය ඊට පෙර යුගයන් හා සංසන්දනය කරන විට ප්‍රමාණාත්මක ලෙස වැඩිවීමක් පෙන්නුම් කරනවා. එපමණක් නොවේ, සඟරා ඉතිහාසය තුළද ඔවුනගේ කාර්යභාරය සුවිශේෂී වෙනවා. 1925දී පී. එම්. දසනායක මහත්මිය 'බෝධි ලතා' කියන සිංහල කුලඟනන්ගේ මාසික සඟරාව ආරම්භ කරනවා. 1926දී ශ්‍රීමති අභය ගුණවර්ධන කියන ලේකාව'සරසවිය' මාසික සඟරාව ආරම්භ කරනවා. 1927දී අඟුරුවාතොට සිරිමැඳුරේ ඒ. ජැස්ලින් ද සිල්වා 'ගෑනු ළමයා' සඟරාව ආරම්භ කරනවා. මේ හැමෝම කාන්තාවො. මේ හැම සඟරාවකම වගෙ කවි නිර්මාණයෙදී ස්ත්‍රීන් මැදිහත් වූ බව පෙනෙනවා. ඒ අතීතය දිගු වෙමින් තමයි වර්තමාන කිවිඳියන් පරම්පරාව බිහි වෙන්නෙ. නමුත් ඒ හැම ශානරයකටම වඩා නවකතාව තුළ කාන්තා දායකත්වය වැඩි වශයෙන් අවධානයට යොමු වුණා. නමුත් එහි ආරම්භය පිළිබඳ එතරම් ශක්තිමත් සාධක නැහැ.
පැහැදිලි කරන්න...
නූතන සිංහල නවකතාවෙහි පළමු කර්තෘවරිය සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙනවා. 1927දී ස්වර්ණලතා වඩුගේ කුමාරිහාමි විසින් රචනා කරන ලද 'සිංහල ලංසි විවාහය' සිංහල නවකතාවේ ප්‍රථම ස්ත්‍රී නියෝජනය බව ඒ. ඒ. පියරත්න මහතා 'ග්රන්ථ නාමාවලිය' කෘතියේ සඳහන් කරනවා. නමුත් මහාචාර්ය සරච්චන්ද්‍ර ඔහුගේ 'සිංහල නවකතා ඉතිහාසය හා විචාරය' පොතේ සඳහන් කරන්නෙ ඒක ලිව්වෙ ගෑනු කෙනෙක් නෙමෙයි. එය ලියල තියෙන්නෙ ඇලෙක්සැන්ඩර් වැලිවිට කියන ලේඛකයා කියලා. ඒ නිසා ඒ සම්බන්ධ නිශ්චිත අදහසක් නැහැ.
ඔය අතරෙ ඈන් කැතරින්ද සිල්වා 'අඟන ගුණ දමන' කියන පොතක් ලියල තියෙනවා. ඒ පොත දැන් හොයා ගන්න නැහැ. එහි ස්ත්‍රීවාදී ප්‍රවේශයක් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ශ්‍රීමතී අභයගුණවර්ධන 1929දී 'වළගම්බා සෝමාදේවී' කියන කෘතිය රචනා කරල තියෙනවා. එයට සමගාමීව රූපා අමරාවති, එස්. ඩබ්. කුමාරිහාමි, සෝමලතා විඡේසිංහ කියන මුල් කාලීන ලේකාවන්අපටහඳුනාගතහැකියි. 1940 දශකයේ චිත්‍රා රත්නායක, නැන්සි එම්.විඡේකෝන් කියන ලේකාවොදෙන්න හමුවෙනවා. මල්කාන්ති රණසිංහ, සෝම විජයවර්ධන, ලැටීෂියා බොතේජු කියන ලේකාවොතුන්දෙනා50 දශකයේදී අපට හමුවෙනවා. 1960 දශකයෙදී අනුල ද සිල්වා, ඊවා රණවීර, සෝමාදේවී පරණයාපා, පුණ්‍යකාන්ති විඡේනායක වැනි ලේඛිකාවෝබිහිවෙනවා. 'ලේ සහිත කිණිස්ස කියන රහස් පරීක්ෂක නවකතාව තමයි 1960දී ලේකාවක්අතින්බිහිවුණුපළමුවනරහස්පරීක්ෂකනවකතාව. 1970 දශකයේ ඉඳන් නවකතාව තුළ කාන්තා නියෝජනය ඉතා සීග්‍රයෙන් ඉහල යනවා. අද ඉන්න බොහෝ ලේකාවන්බිහිවෙන්නෙ70 දශකයේදීයි. මේ හැම කරුණක්ම මගේ පොතේ මම විස්තර කරල තියෙනවා.
කවිය පිළිබඳ තත්ත්වය කෙසේද?
ගජමන් නෝනා, රංචාගොඩ ළමය, රූණ හාමිනේ, සබේ විදානෙගෙ සොයුරිය, අත්තරගම කුමාරිහාමි, දෝන µ්‍රeන්සිකා දිසානායක, ළමා තැනී විඡේකෝන් මැතිනිය හරහා ආරම්භ වුණු කාන්තා කවි සම්ප්රදාය නූතන යුගයේදී පරිපාකයට පත් වූයේ මොනිකා රුවන්පතිරණ කිවිඳිය හරහා බව පැහැදිලිව පෙනෙන කරුණක්. 1971දී 'අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්' කාව්‍ය සංග්‍රහය පළකරමින් කාව්‍යකරණයට පිවිසෙන ඇය නූතන ගජමන් නෝනා ලෙස හැඳින්වීම කිසිවිටක අසාධාරණ නෑ. ඇයගේ කාව්‍ය හැම සංග්රහයක්ම සිංහල කාව්‍ය සම්ප්රදාය පොහොසත් කිරීමට දායක වූ බව පැහැදිලිවම දක්නට ලැබෙන කාරණයක්. එය සිංහල කවියේ එක් සන්ධිස්ථානයක්. ඇය විසින් ආරම්භ කරන ලද කවි මඟෙහි ඉදිරියට යන කිවිඳියො පරම්පරාවක් අද වෙනකොට බිහිවෙලා තියෙනවා. නමුත් මොනිකා රුවන්පතිරණගෙ කවිවලින් ඔවුන් කොපමණ දුරකට පෝෂණය වෙලා තියෙනවාද යන්න පිළිබඳ ඇත්තේ සැකයක්. මොනිකගෙ කවි ඇතුළෙ විශේෂයෙන්ම ආසියානු ගැහැනිය මුහුණ දෙන විවිධ දුක්ඛ දෝමනස්සයන් තිබුණ. කාන්තාවන් මුහුණ දෙන විවිධාකාරයේ අභියෝග තිබුණ. හැබැයි ඒ හැම එකක්ම ඇය කවියට ගෙනාවෙ මධ්‍යස්ථව. අනවශ්‍ය ආකාරයට රැඩිකල් වෙන්න ගියෙත් නැහැ. හැබැයි ඒ කවිවල යථාර්ථය තිබුණා. යථාර්ථය පිළිබඳ හොඳ විග්‍රහයක් ඇයගේ කවිවල තියෙනවා. මෙන්න මේ තත්ත්වය අද බොහෝ කිවිඳියන්ගේ කවිවල නැහැ. නූතන නිර්මාණකාරියො තමන්ගෙ නිර්මාණ හරහා කාන්තාවට සාධාරණයක් ඉටු කරනවාද කියන එක ගැටලුවක්. ස්ත්‍රීත්වය සම්බන්ධයෙන් තියෙන පසුගාමී අදහස් මිත්‍යා විශ්වාස තවදුරටත් ඉදිරියට ගෙන යනව මිසක් ඔවුන් එයට කොපමණ දුරකට අභියෝගයක් එල්ල කරනවාද කියන එක ගැන මට ගැටළුවක් තියෙනවා.
කෙටිකතාව සම්බන්ධයෙන් එය කෙසේද?
නවකතාව හා සංසන්දනය කරල බලද්දි කෙටිකතාව හා කවිය තුළ නියෝජනය වන කාන්තාවන් ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් අඩුයි. නමුත් නිර්මාණකරණයෙහි නිරත වන අලුත් ලේඛිකාවන්රාශියක්අදවනවෙනවිටබිහිවෙලාඉන්නවා. 1924 මාර්ටින් වික්රමසිංහයන්ගෙ 'ගැහැනියක්' කෙටිකතා සංග්‍රහය පිටවෙලා අවුරුදු ගණනක් යනකං කිසිම ලේඛිකාවකගෙන්කෙටිකතාපොතක්බිහිවෙලාතිබුණෙනැහැ. කාන්තාවක්අතින්ලියවුණුපළමුවනකෙටිකතාසංග්රහයබිහිවෙන්නෙ1960දී. එය රචනා කරන්නෙ කල්‍යාණි අබේසුන්දර කියන ලේඛිකාව. ඊටපසුවමාලාඑම්. පෙරේරා, ලෙටිෂියා බොතේජු, සුමනා රණවීර, ලීලා අනුරුද්ධිකා, ලීලා වික්‍රමරත්න කියන ලේඛිකාවන්අතින්කෙටිකතාබිහිවෙනවා. නමුත්1970 දශකයෙදී කරුණා පෙරේරා ප්රමුඛ ලේඛිකාවන්කිහිපදෙනෙක්මකෙටිකතාකරණයට පිවිසෙන බව පෙනෙන්න තියෙනවා. අද වෙනකොට එහි තරමක පුළුල් වීමක්ද දක්නට ලැබෙනවා.
කාන්තා ලේඛිකාවන්අතරඊවාරණවීරගේදායකත්වයඉතාමප්රබලයි.
පැහැදිලිවම. ඊවා රණවීර ඉතා විශිෂ්ට ලේඛිකාවක්. කවුරුත්ස්පර්ශනොකරනසමාජයේඇසනොගැටුණුතැන්ඇයඉතාපුදුමවිදියටනිර්මාණ තුළට ගේනවා. එක තැනක රැඳී තිබුණු සිංහල නවකතාව ඉන් ගලවගෙන එය නිර්මාණාත්මක සමාජ කතිකාවක් බවට පත්කිරීමට ඇය දැරූ උත්සාහය ඉතාම ප්‍රබලයි. 'ලැයිසා', 'සෙදෝනා', 'තනි නොතනියට' යන ඇයගේ කෘති සැබවින්ම සිංහල නවකතාවේ සන්ධිස්ථාන කියල හඳුන්වන්න පුළුවන්. පුරුෂ මූලික සමාජයේ ගැහැනියට විඳීමට සිදුවන සියලුම ආකාරයේ උපද්‍රවයන් ඇය ඉතා සංවේදී ආකාරයෙන් ලියා තබනවා. ලාංගනී ප්‍රනාන්දුගේ 'කන්දක් ගිනි ඇවිළෙන්නේ', 'කුණ්ඩාවාඩය' යන නවකතා දෙකද කාන්තාවක් අතින් නිර්මාණය වූ වැදගත් නවකතා දෙකක් විදියට හඳුනා ගත හැකියි. ඊවා රණවීරත්, ලාංගනී ප්‍රනාන්දුත් සංඛ්‍යාත්මක වශයෙන් ඉතා විශාල ප්‍රමාණයක් පොත් ලියපු අය නෙමෙයි. නමුත් ඒ කෘති කිහිපයෙන් වුණත් නවකතාව තුළ වැදගත් කාර්යභාරයක් කිරීමට ඔවුනට හැකි වුණා.
70 දශකය සමඟ බිහිවුණු ලේඛිකාවෝඉතාවිශාලප්රමාණයක්ඉන්නවා. ඔවුන්අතින්දසාකච්ඡාවටභාජනයකළයුතු වැදගත් කෘති රාශියක් බිහිවෙලා තියෙනවා. නමුත් මම හිතන්නෙ මුල්කාලීන ලේඛිකාවන්සමඟසන්සන්දනයකරනකොටප්රගතිශීලීඅදහස්වලින්මුල්කාලීනලේඛිකාවෝ වර්තමානලේඛිකාවන්වඩාඉදිරියෙන්සිටිනවාකියලයි.
ඒකට හේතුව කුමක්ද?
එය හරි සංකීර්ණ කාරණයක්. එයට නිශ්චිත පිළිතුරක් හොයන්න අමාරුයි. අද නිර්මාණකරණයෙ යෙදෙන ගොඩක් දෙනා කල්පනා කරන කරුණු කිහිපයක් තියෙනවා. ඔවුන් තමන්ගෙ අදහස් නිර්භයව ප්‍රකාශ කිරීමෙන් තමන්ට අවාසි වෙයි කියල හිතනවා. සම්මානවලට බලපායි කියල හිතනවා. සමාජයෙන් අවලාද නැඟෙයි කියල හිතනවා. එවැනි ප්‍රශ්න මුල්කාලීන ලේඛිකාවන්ටතිබුණෙ නැහැ. ඔවුන් සීමිත පරිසරයක් ඇතුළේ තමන්ගේ කාර්ය ඉතා ප්‍රබල විදියට ප්‍රකාශ කළා. උදාහරණයක් වශයෙන් ඉන්ද්රකුමාරනායක වගේ කිවිඳියන් ගත හැකියි. ඇය ස්ත්‍රිය මුහුණ දෙන අර්බුද පිළිබඳ ඉතා උපහාසයෙන් බලමින් ඉතා රැඩිකල් ආකාරයට එම අර්බුද නිර්මාණාත්මකව තමන්ගෙ නිර්මාණ තුළට ඇතුල් කරනවා. ඒ නිසා එය ප්රබලව අපට දැනෙනවා. වර්තමාන ලේඛිකාවන්බොහොමයක්දඑමප්රස්තුතතමන්ටවිෂයකරගන්නටඒවාප්රබලවඉදිරිපත්කරන්නඋත්සාහගන්නෙනැහැ. එහෙමදක්ෂතාතියෙනසමහරුඑකනිර්මාණයකින්එහාටයන්නෙනැහැ.
සමහර ප්‍රබන්ධ කෘති ඉතා ප්රශස්ත ලෙස ගොඩනැඟිල අවසානයෙ අතිශය සම්ප්‍රදායික තැනකට තල්ලුවෙනවා. ඇත්තටම කාන්තාවොම තමයි ගැහැනිය සම්ප්‍රදායික රාමුවක කොටු කරන්න හදන්නෙ. සමහර වෙලාවට ලේඛකයො ලේකාවන්ටවඩාගැහැනියදෙසඅලුත්මානයකින්බලනඅවස්ථාතියෙනවා. අහම්බයක්ලෙසඑවැනිදේසිදුවුණත්අපිතාමකාන්තාව දෙස බලන්නෙ පරණ දෘෂ්ටි කෝණයෙන්ම තමයි. ඒ අනුව මුල් කාලයේ ලේඛනයෙ යෙදුණු කාන්තාවන්ගෙ ප්‍රමාණය ඉතා සීමිත වුණත් ඒ තුළ ප්රගතිශීලී නිර්භය, අභියෝගාත්මක එළඹුමක් තිබුණා. අද ප්‍රමාණාත්මක වශයෙන් වැඩි වුණත් ඔවුනගේ නිර්මාණ ඇතුළේ හදවතින් මතුවන දෙය අර තරම් ප්රබලව දැනෙන්නෙ නැහැසුලෝචන වික්‍රමසිංහ