තාත්තට ඕනි වුණේ කවදාහරි පුතා ලංකාවෙ අති දක්ෂ ක්‍රිකටර් කෙනෙක් වෙනව දකින්න. ඒත් පුතණ්ඩියට මුලින් ම ඕනි වුණේ 'කවියෙක් - ලේඛකයෙක්' වෙන්න. චූටි පුතා දැනෙන දැනෙන හැමදේම හදවතේ චිත්ත රූප මවාගෙන ලියන්න පටන් ගත්තා.
මේ ගැටවරයා ලියපු කවි කන්දක් එකතු වුණ දවසෙ ඒ හැඟීම් පොතක් හැටියට අච්චු ගැහෙන්නෙ 'Cathedral and a star' කියන නමින්.
මේ කාලෙ 'ශ්‍රී ජවහර්ලාල් නේරු' ලංකාවට එනවා. ඔහු නවාතැන් ගන්නෙ තමන්ගෙ පියාගෙ මිතුරෙක්ගෙ නිවසෙ හින්දා මේ පුත්තරයත් එදා රෑ තාත්තා එක්ක නේරු බලන්න යනව. ගියෙ අත වන වන නෙමෙයි , අර 'කවි පොතත් අරගෙන'
නේරු පොත අතට අරන් බැලුවත් කිසි දෙයක් කියන් නැහැ. බැරිම තැන කොල්ලා කතා කරනව.
" සර්ගෙ ඇඩ්රස් එක මට දෙනවද. තව ලියපුවා තියෙනව "
නේරුට හිනා යනව.
" ජවහර්ලාල් නේරු,ඉන්දියාව කියලා එව්වම හරි. අංක ඕනි නැහැ "
ඉන් මතු නේරුවත් - මේ පුත්තරයවත් කවි ගැන කතා කරන් නැහැ. කොල්ලට එදා හිතෙනව ලියපු හැම කවියක් ම පුච්චන්න !
ඒත් කොල්ලා පිච්චිලා ගිය අළු මතින් ෆීනික්ස් කුරුල්ලෙක් හැටියට පසු කාලීනව නැගිටිනවා. අලුත් බලාපොරොත්තුවකින් , ඒ තමයි "සිනමාව"
1956 තමන්ගෙ කුළුඳුල් වෘතාන්ත සිනමා නිර්මාණයට අත් පොත් තියන මොහු ඒ සුන්දරත්වය 'රේඛාව' කියල නම් කරනව. ඒක ඒ කාලෙ මෙහෙ බහුතරය පලු අරිනව. සමහරු කිව්වලු,
'රේඛාව කරපු සල්ලි වලින් කාක්කන්ට කන්න ආප්ප අරං දුන්නා නං මීට හොඳයි' කියල. ඒත් මේ නිර්මාණකරුවා ඉවසීම ප්‍රගුණ කරනව.
ඒත් ඒ කාලෙ ලෝක ප්‍රකට සිනමාකරු 'රැල්ෆ් කිං' රේඛාව බලල අපේ හාදයට ලිපියක් එවනව මෙන්න මෙහෙම.
' රේඛාව බලද්දී මම පවා උඹ ළඟ ආධුනිකයෙක් කියල මට දැනුණ මිත්‍රයා '
ඊට පස්සෙ 'සංදේශය - ගම්පෙරළිය - ගොළු හදවත - නිධානය - දෑස නිසා - මඩොල් දූව - The God King - බැද්දේගම.... ' වගේ පට පට ගාල ඔළුවට එන වැඩ ගොඩක නිර්මාණකරුවා වෙන්නෙ මේ වැඩකරුවා.
එදා කවි කතා පුච්චන්න හදපු පුත්තරයා අන්තිමට නතර වෙන්නෙ ජාත්‍යන්තර තලයට ලාංකේය දූපතේ නම ගෙන ගිය අසහාය 'සිනමාකරුවෙක්' වෙලා.
1919 බක් මාසෙ 5 වැනිදා ඉපදිච්ච මේ පුත්‍රයට ඔන්න අදට අවුරුදු 99 ක් !! සෙන්චරිය ළඟ කොල්ලගෙ හදවත තාම හරි හැන්ඩියි කියල අපි දන්නවා.
ඉදින් , දීර්ඝායුෂ වේවා 'ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්' නම් සුන්දර කාව්‍යාත්මක සිනමාවේදියාට !!
| කසුන් මහේන්ද්‍ර හීනටිගල