Zsa Zsa Gabor හංගේරියානු හා ඇමරිකානු සම්භවයකින් යුතු වසර 99 ක් වූ සිය ජීවිත කාලය තුළ සැමියන් 9 දෙනෙකු සමග විවාහ වූ අමෙරිකානු සිනමාවේ අග්‍ර ගණ්‍ය නිළියක් ලෙස සැළකේ.ඇය මෙම මස 18 වෙනිදින සිය ජීවිතයෙන් සමුගත්තාය.
ඇගේ අතගත් තැනැත්තන් අතර සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මෙන්ම රංගන ශිල්පීන් හා සිනමා අධ්යක්ෂවරුන් ද විය. පසුගිය දෙසැම්බර් 18 වැනිදා මියගිය Zsa Zsa Gabor සැමියන් නව දෙනෙකු සමගින් ගත කළ විවාහ ජීවිතය හා ප්‍රේමය පිළිබඳ වරින් වර අදහස් පළකරන්නේ මෙලෙසිනි.
‘බැඳපු මිනිස්සු ගින්දර වගේ. ඔවුන් ගැන සොයා නොබැලූ විට ඔවුන් ඉවත ඇදී යනවා'.
‘ආදරයෙන් බැඳී ඉන්න තැනැත්තකු හා විවාහ වනතෙක් ඔහු අසම්පූර්ණයි. විවාහ වුණාට පස්සේ ඔහු අවසානයි.
ඇගේ හිටපු සැමියා වන George Sanders(සුප්‍රකට රංගන ශිල්පී) පිළිබඳ පවසන්නේ "අප දෙදෙනාම ආදරයෙන් බැඳී හිටියා. මා ඔහුට බැඳි ආදරය අත්හැරියත් ඔහු ඔහු මා අත්හැරියේ නෑ."
"තනි යහනේ හිඳින වෙලාවට කිසිම වාද විවාදයක් නැතිව රිසි සේ ඇඳේ එහෙට මෙහෙ හැරෙමින් නිදාගන්නට හැකියි".
"කවදාවත් කාන්තා සඟරා වල තිබෙන දේවල් අවමන් කොට සලකන්න එපා. ඒවා ඔබේ ජීවිතයේ හමුවන පිරිමින් තරමටම තේරුම්ගන්නට නොහැකි වේවි."
"ආදරයෙන් බැඳීම බෙහෙවින් ශක්තිසම්පන්න වුවත් ආදරය කිරීම ඔබ තුළ පවතින දුර්වලතාවයකි."
"තමන්ගේ පිරිමිකම ගැන උදම් වෙන මිනිහෙක් ඔහුගේ පුරුෂ බව ගැන උදම් අනන්නේ නැහැ."
"මිනිහෙක්ට ආදරය කරන නිසා ඔහු හා විවාහ වීම වගේම ඔහුට ආදරය නොකරන නිසා දික්කසාද වීම ද බෙහෙවින් අනුවණ කටයුත්තකි."
‘ඩාලිං‘ කියන්න පටන්ගත්තේ ඇයි, මට නම් කාගේවත් නම් මතක නැහැ.
"සුන්දර ගැහැණුන්ට ඊර්ෂ්‍යා කළ පමණින් ඔබට සුන්දර කාන්තාවක් වීමට නොහැකි වනු ඇත".
"තරුණියක් ලෙසින් කෙල්ලන්ගේ ඇසුරට වඩා මා කොල්ලන් ඇසුර කරන්න කැමති වුණා. මට විශේෂ කැමැත්තක් නැති කොල්ලන් මගේ වහල්ලු බවට පත්වන තෙක් ඔවුන් ගැනම හිතමින් මම කල්ගෙව්වා."
"විවාහවෙන්න, මිතුරුවෙන්න, මගේ ස්වාමියා වෙනුවෙන් උයන්න - පිහන්න (කුකුළු මස් සුප් හා මා විශේෂයෙන්ම පිසින්නට කැමති ඩ්රැකියුලා ගෝලෂ් වැනි කෑම), ඔහුත් එක්ක මුළු දවසම ගතකරන්න මම ගොඩක් කැමතියි.ඇත්තටම ආදරය විඳින්න මා කැමති වුවත් - හැමවිටම නොවුණත්, සැබැවින්ම මාව සර්ව සම්පූර්ණ කරන්නේ විවාහයයි".
'මිනිස්සු මං ගැන කියන දේවල් ගැන මම කවදාවත් හිතන්නේ නැහැ. මම වුවමනාවටත් ආත්ම විශ්වාසයෙන් යුතු අසම්මත තැනැත්තියක් වන අතර අනික් මිනිස්සු මා දිහා පිළිකුල් හෝ අප්‍රසන්න බවින් බැලුවාට කම් නැත. '
පරිවර්තනය වින්ද්‍යා ගම්ලත්