සමස්ථ ඉන්දීය රසික ප්‍රජාවම උඩුගුවනට රැගෙන යාමට දමිළ අධ්යක්ෂ සෞන්දර් රාජන් සහ නිෂ්පාදක වී. හිතේෂ් ජබක් සූදානම්ය. මෙය දකුණු ඉන්දීය සිනමා පටයක් වුවත් ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ සිනමා පටයයි. ටික්: ටික්: ටික් නම් ප්‍රථම අභ්‍යවකාශ සිනමා පටයේ අන්තර්ගයද එදා මෙදා තුර ඉන්දීය සිනමා සම්ප්‍රදායට පටහැනිය. මෙහි ප්‍රධාන තරු යුවළක් නැත. වීරයන් නැත. සහාය තරු නැත. සෑම චරිතයක්ම වැදගත්ය. ටික්: ටික්: ටික් විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක අභ්‍යවකාශ සිනමා පටය බොහෝදුරට සමාන වන්නේ හොලිවුඩ් සිනමා පටයකය. හොලිවුඩ් මට්ටමටම සිනමා පටය රැගෙන ඒමට විශාල වියදමක් දරා තිබේ. මෙතෙක් තිරයේ කිසිකලක නුදුටු අකාරයේ දුෂ්ටයකු ටික්:ටික්: ටික් සිනමා පටයේ දැකිය හැකිය.
චෙන්නායි හි එන්නෝරේ ප්‍රදේශයට ග්රාහක ප්‍රහාරයක් එල්ල වේ. ග්රාහක ප්‍රහාරය සිදුවූ වහාම අභ්‍යවකාශගාමීන් හතරැස් කිලෝමීටර් 600 ක ප්‍රමාණයකින් යුතු යැයි ඇස්තමේන්තුගත කළ තවත් ග්‍රාහකයක් දින හතක් තුළ ද වැදීමට නියමිත බව අනුමාන කරයි. ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතන සංවිධානය, පුහුණු මැජික් ශූරයකු වූ එම්. වාසු සහ විද්‍යාඥයන් කණ්ඩායමක් අභ්‍යවකාශයට යවන්නේ එම ග්‍රාහකය පෘථිවියට ළඟා වීමට පෙර විනාශ කිරීමටයි. මැජික් සූරයා ඇතුළු කණ්ඩායමට ග්‍රාහකයෙන් ඉන්දියාව බේරාගත හැකි වේද?
පළමු වැනි දමිළ සොම්බී (පිල්ලි ) සිනමා පටය වූ (මිරුදන්) නිර්මාණය කළ අධ්යක්ෂ ශක්ති සෞන්දර් රාජන් හා එහි ප්‍රධාන තරුව ජයම් රවි දෙවැනි වරදට ටික් ටික් ටික් සිනමා පටයෙන් එක් වෙති. ජයම් රවි පවසන්නේ මෙය ඔහුගේ වෘත්තීය ජීවිතයේ දැවැන්තම අභියෝගය බවය. 2003 වසරේදී ජයම් සිනමා පටයෙන් රංගනයට පිවිසි ජයම් රවි 2015 වසරේදී 63 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හාඳම නළුවා ලෙස තානි ඔරුවන් රංගනයට විචාරක සම්මානය දිනා ගත්තේය. තානි ඔරුවන් සිනමා පටය ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා ආදායමක්ද ලැබීය.
‘භූලෝහම්‘ සිනමා පටයෙන් බොක්සිං ශූරයෙකු වූ ‘ඔරුදන්‘ සිනමා පටයේ පිල්ලියක් වූ ජයම් ‘වනමගන්‘ සිනමා පටයෙන් ගෝත්රිකයකු විය. ටික්: ටික්: ටික් සිනමා පටයේ ඔහු කලාකරුවකු හා අභ්‍යවකාශගාමියකු ලෙස ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ පෙර නොවූ විරූ අත්දැකීම් ද වෘත්තිය ජීවිතයට එක්කර ගනිමිනි.
කොළ පැහැති කලාලයක සිනමා පටයේ රූගතකිරිම් සිදු වූ අතර බොහෝ දර්ශනවලට පරිගණක ග්‍රැෆික් නිර්මාණ යොදා ගන්නා ලදී. සිනමා පටයේ සියයට අසූවක්ම රූගත කරන ලද්දේ ගුරුත්වාකර්ශනය බිංදුවේ පවතිද්දීය. අභ්‍යවකාශගාමීන් පස් දෙනා ලෙස රැඟූ රංගන ශිල්පීන් ගගනගාමී ඇඳුමින් සැරසීඋදෑසන සිට සවස් වන තුරු රූගත කිරීම්වල නිරතවී තිබේ. විවේකයක් ලැබුණත් ඔවුනට ඇඳුම් ඉවත් ඉවත් නොකර සිට ඇත්තේ එම ඇඳුම් ඇඳ ගැනීමේ ක්‍රියාවලිය ලෙහෙසි පහසු නොවූ නිසයි. මෙහි ජයම් ගේ පුතු ආරව් ද ප්‍රධාන චරිතයක් රඟයි. මේ හත්හැවිරිනදි ආරව්ගේ පුතු ලෙස වීමද දෛවෝපගත කරුණකි.
අභ්‍යවකාශ සිනමා පටයක් නිර්මාණය කිරිම මෙතෙක් ඉන්දීය අධ්‍යක්ෂකවරුන්ට දැවැන්ත අභියෝගයක් වී තිබුණි. එහෙත් ශක්ති සවුන්දර් රාජන් කෙදිනත් අත්හද බැලීම් සඳහා ප්‍රසිද්ධය. කාලයට එරෙහිව ගුවනේ කරන ත්‍රාසජනක වික්‍රමයකට ඔහු බිය නොවිය. ශක්ති, ඉන්දියානු අභයවකාශ පර්යේෂණ ආයතනය් විශ්‍රාමලත් විද්‍යාඥයකුගෙන් අභ්‍යවකාශ තොරතුරු පිළිබඳ මුලින්ම දැනුවත් වුණේය. ඉන්පසු ඔහුට තිර රචනය ලිවීම පහසු විය.
සිනමා පටය ඉන්දියානු අභයවකාශ පර්යේෂණ සංවිධානයේ රූගත කිරීමට අධ්යක්ෂවරයාට අවශ්‍යය වුවත්, ඊට අවසර නොලැබිණි. එහි අභ්‍යවකාශ සේයාරුවක් ලබා ගැනීමට පවා හමුදාවෙන් අවසර ගැනීමට සිදුවිය.
මෙවන් සිනමා පටයක් කිරීමේ, උනන්දුව ඔහුට ඇතිවී තිබෙන්නේ ඇපලෝ 13, ආමේගෙඩින් වැනි හොලිවුඞ්, සිනමා පට නැරඹු පසුවයි.
ටික් ටික් ටික් අති සාර්ථක ලෙස නිම කිරීමට පරිගණක ග්රාෆිකත්,කලා අධ්යක්ෂ එස්. එස්. මූර්තිගේ හැකියාවත් ප්‍රබල ලෙස හේතු වූ බව අධ්‍යක්ෂකවරයා පවසන්නේය. එස් එස් මූර්ති අභ්‍යවකාශ ෂටලයක් පවා නිමවා තිබේ. සිනමා පටයේ සටන් ජවනිකා සඳහා අංශක 360න් චලනය විය හැකි උපකරණයක් ගෙන්වා ඇති අතර රවි ඉතා පහසුවෙන් මේ උපකරණයට හුරුවී දක්ෂ ලෙස රංගනයේ යෙදී තිබේ.
සිනමා පටයේ ජනප්‍රිය සිංගප්පූරු නළු ආරන් අසිස් ද රඟයි. අසිස් සිංගප්පුරුවේ මෙන්ම මැලේසියාවේ ද ජනප්‍රිය තරුවකි.
ප්‍රේමය විෂය නොවූ ටික් ටික් ටික් ප්‍රේක්සකයන් වෙත ගෙන එන ගීත අටද සුපුරුදු කොලිවුඩ් ගීත රටාවට හාත්පසින්ම වෙනස්ය. තවමත් විසිහයහැවිරිදි නිවේතා පෙතුරාජ සිනමා පටයට ස්වාති චරිතයට තොරාගෙන ඇත්තේ සටන් කලාව පිළිබඳ ඇය සතු නිපුණතාව නිසයි. එලසම ඇය ද විද්‍යා ප්‍රබන්ධ සිනමාපට ලෝලියකි.
රමේෂ් තිලක් වෙන්කත් ලෙසද රගුරාම් ලෙස වින්සන්ට අසෝක්න්ද, අප් හු චරිතයට අර්ජුනන්ද, මහේන්ද්‍රන් ලෙස ජයප්රකාශ්ද, රවි ලෙස අරව් රවිද ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙති.
සැබෑ ජීවිතයේ නමින් තිරයේ රඟන්නට හැකි වීමද මේ සිනමා පටයේ දැකිය හැකි සුවිශේෂිතාවකි. සිනමා පටයේ රූගත කිරීම් චෙන්නායි හි ඊවිෂි සිනමා නගරයේ සිදු කෙරුණු අතර මුන්නාර්වලද රූගත කිරිම් සිදු කරන විට කැලෑ අලි පැමිණිමෙන් රූග කිරීම්වලට බාධා සිදු විය. මෙහි සංගීත සංයෝජනය ඩී. ඉම්මාන් ගෙනි. මිනිත්තු 130ක් දීර්ඝ ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ සිනමා පටය නැරඹිමට ජූනි 22 වැනි දා සිට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වේ. එය අධ්යක්ෂ ශක්ති ඇතුළු සිනමා කණ්ඩායම ප්‍රේක්ෂකයන් සැබෑවටම ගුවන් ගතකරන රසාලිප්ත අත්දැකීම් වනු ඇති බව බොහො දෙනාගේ විශ්වාසයයි.
චම්පිකා දීපානි රණසිංහ